කළ වැරැදි හදාගනු මිස තව තවත් වැරැදි කරනු එපා නුසුදුසු බොර තෙල් තොග මිලදී ගැනීම හා නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ මිල නියම කර නොගැනීම නිසා මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඇමරිකානු ඩොලර් මිලියන 90 කට ආසන්න පාඩුවක් විඳින්නට සිදුවූ බව විශ්ලේෂණයකින් හෙළිවී ඇතැයි යන පුවත නොබෝදා පළවූයේය. 12 October 2022
රටෙන් බාගයක්ම සමෘද්ධියට වැටීම සමෘද්ධිය උදාවනවා, සමෘද්ධිමත් වෙනවා යන්නෙහි ප්‍රකාශිත අර්ථය වන්නේ දියුණුව ලබනවා, ප්‍රගතිය කරා පිවිසෙනවා යන්නයි. එහෙත් වර්තමානයේ එක් නාම විශේෂණයකින් දැක්වෙන ‘සමෘද්ධිය’ යනු මීට වඩා හාත්පසින් ප්‍රතිවිරුද්ධ අරුතක් ප්‍රකට කරන්නකි. ඒ අනුව සමෘද්ධිය යනු දුප්පතාගේ යැපුම් මට්ටම දියුණු කරන එක්තරා රාජ්‍ය ව්‍යාපෘතියකි. 08 October 2022
ආර්ථික අර්බුදයෙන් රට මුදාගන්න ක්‍රමයක් නැද්ද? 2020 වසර මැද හරිය වනවිට ආර්ථික අර්බුදය උත්සන්න වී රටේ විදේශ සංචිත සිඳී ගොස් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කර ගන්නට නොහැකි වූයේය. ප්‍රවාහනය අඩාල විය. විදුලි බල සැපයුම් අඩාල විය. එදිනෙදා ඉවුම් පිහුම් කරගන්නට ගෑස් පවා සපයාගත නොහැකි විය. මේ සියල්ල සිදු වුණේ ආහාර මිල දරාගත නොහැකි අයුරින් දිනෙන් දින ඉහළ යන පසුබිමකය. හිරිහැර ඉවසාගත නොහැකි වූ ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළහ. 05 October 2022
විදේශ ආයෝජනවල වටිනාකම තේරුම් ගනිමු ගාලු වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව ඇති බවටත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය දෙන බවටත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයා පැවසූ පුවත නොබෝදා පුවත් පත්වල පළ වූයේය. 24 September 2022
තරඟකාරී ආර්ථිකයක් අවශ්‍ය ඇයි? ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත විශේෂ ආරාධිතයකු කර්තෘ මණ්ඩලයට කැඳවා සාකච්ඡා කරන සම්ප්රදායක් අනුගමනය කරයි. ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින් ද මොරගොඩ මහතා ‘Idea Exhange’ විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් රට දැනට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය ජය ගැනීම අරමුණු කරගෙන ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් යෝජනා කළේය. 19 September 2022
මිථ්‍යාවලට සමාජය හසුකරගන්නා පිළිල ප්රාග් ඓතිහාසික යුගයේදී මිනිසා ඉර, හඳ, ගස්වැල් මෙන්ම පර්වත ද වන්දනා මාන කළහ. ඒ ඒවා දෙවියන් ලෙස සලකමිනි. එහෙත් විද්‍යාව දියුණු වී මිනිස් සමාජය නවීකාරක වනවිට බොහෝ ඇදහිලි හා විශ්වාස සමාජයෙන් තුරන් වී ගියේය. 21 වැනි සියවසට මිනිසා පා තබා ඇත්තේ දැනුම පදනම බවට පත් කරගත් මිථ්‍යාවට එරෙහි වූ විද්‍යාත්මක ලෝකයකටය. එහෙත් එකී පරිනාමයට ලක් නොවූ පිරිස් ද සිටිති. 19 September 2022
දූෂිතයන්ට එරෙහි ජිනීවා යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිය මේ දිනවල දී ක්‍රියාත්මක වෙමින් පවති. මේ සැසිවාරයේ අවසානය ශ්‍රී ලංකාවේ අනාගතයට සිදුකරන බලපෑම කෙසේ වේදැයි කල්තබා අනාවැකි පළකිරීම අපහසුය. එහෙත් එම සැසිය අවසන් වනවිට හැම වසරකදීම සිදුවන පරිදි ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වීමට නියමිතය. 17 September 2022
මූල්‍ය අරමුදලේ දූෂණ විරෝධී කොන්දේසිය ඩොලර් බිලියන 2.9 ක ණය ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා එකඟත්වය පළ කළේය. ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරභාවය රැකගැනීමට රුකුලක් වන මෙම එකඟතා ගිවිසුමට අදාළ ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තද කොන්දේසි කිහිපයක්ම සපුරා තිබිය යුතු බවද ඔවුන් අවධාරණය කර තිබේ. දූෂණය මර්දනය කිරීම සඳහා පිළිගත හැකි ශක්තිමත් වැඩපිළිවෙළක් සැකසීම සඳහා පියවර ගත යුතුබවට ඔවුන් පනවා ඇති කොන්දේසිය ඒ අතුරින් කැපී පෙනෙයි. 07 September 2022
මුල්‍ය පාලන නීතිරීති තවත් දැඩි කරන්න ඕනෑ රටේ සෑම පුරවැසියකුම රුපියල් ලක්ෂ 10ක් ලෝකයට ණයකාරයකු වී හමාරය. හෙට උපදින දරුවාගේ ණය බර කොපමණ වේදැයි කිව නොහැකිය. ඒ අනුව පෙනෙන්නේ බුදු දහමේ දැක්වෙන ‘අණන සුඛය’ හෙවත් ණය නොවී සිටීමේ සැපය බුදුන් දැක නිවන් දකින තුරුවත් ශ්‍රී ලාංකිකයන්ට හිමි නොවන බවය. 03 September 2022
සැබෑ වෙනසකට හොඳ ප්‍රවේශයක් ජාතික ආර්ථීක ප්‍රතිපත්තියක් ඔස්සේ රටත් ජාතියත් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම අතුරු අයවැය වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. බිඳ වැටී කෑලි කැඩී ගොස් තිබෙන රටේ ආර්ථික තත්ත්වය හැකි පමණින් ඉහළට ඔසවාගෙන ආර්ථීක වර්ධන වේගය ස්ථාවර මට්ටමකට ගෙන ඒම මෙම අයවැයේ මූලික තේමාවල එක් ඉලක්කයකි. 01 September 2022
පාඩු ලබන රාජ්‍ය ආයතන ආර්ථිකය නැංවීමට යොදාගනිමු පාඩු ලබන ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රති සැකසුම්කරණය කළ යුතු බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. එවැනි ආයතනවල අතිරික්ත සේවකයන් සිටී නම් වන්දි මුදල් ගෙවා ඔවුන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවත් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයන් ඉවත් කිරීම සම්බන්ධව පවතින වන්දි සූත්‍රය එහිදී සැලකිල්ලට ගත හැකි බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. 31 August 2022
දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රකාශකයෝ ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට යොදාගත් පෞද්ගලික ගුවන්යානය සම්බන්ධයෙන් නිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශයක් කළේය. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ සියලුම වියපැහැදම් දරන්නේ ශ්‍රී ලංකා රජය බවය. 27 August 2022
පොලිස් කීර්තිය වනසන පොලිසියේ අපතයෝ පොලිසියට යළිත් නරක කලාවක් උදාවී ඇති සෙයකි. පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයකු සම්බන්ධ පුවතක් වාර්තා වූයේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම පුවතෙහි උණුසුම මැකීයාමටත් පෙර එබඳුම කාමතුර පොලිස් ස්ථානාධිපතිවරයකු පිළිබඳ තොරතුරු වාර්තා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. කාමාතුර පොලිස් ලොක්කාට එවර ද බිලිවී තිබුණේ ආධුනික පොලිස් කොස්තාපල්වරියකි. 27 August 2022
උභතෝකෝටික ප්‍රශ්න කොතෙක් ආරක්ෂක මුරකපොලු තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූද, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සන්ඩේ ටයිම්ස් කළ ආරාධනයක් ඉදිරියේ ඔහුගේ දීර්ඝ නිහැඬියාව බිඳ දැමූ බව දෙදිනකට ඉහතදී අපි වාර්තා කළෙමු. ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටා තිබෙණ ඔහුගේ නිවස වෙත ළගාවීම සඳහා තරමක් දුෂ්කර ව්‍යායාමයක නිරත වීමට ලියුම්කරුට සිදුවිය. 26 August 2022
කබලෙන් ළිපට වැටෙයිද? පසුගිය අප්‍රේල් මාසයේ සිට රට තුළ මතු වූ අර්බුදජනක තත්ත්වය ජූලි මාසයේ 09 දින සිදුවූ කොළඹ වට කිරීමත් සමගින් අලුත් ඉසව්වකට ගමන් කළේය. ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් ජනාධිපතිධුරයට පත් වී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ තනතුර අතහැර යන්නට වන තරම් බරපතළ ජනතා නැගිටීමක් ජූලි මාසයේ සිදු විය. ඒ සිදුවීම මගින් රටේ දේශපාලනයේ ඇති වූ වෙනස්කම් කවුරුවත් බලාපොරොත්තු වූ ඒවා නොවේ. 26 August 2022
ජීවන බර අඩු කිරීමට ජනතාවට සහන සලසනු මෙරට පොදු ජනතාව මුහුණදෙන ආර්ථික ප්‍රශ්න දිනෙන් දින තියුණු සහ සංකීර්ණ බවට පත්වෙමින් තිබේ. හටගෙන ඇති ආර්ථික අර්බුදය විසින් වඩාත්ම හෙම්බත් කර ඇත්තේ මධ්‍යම පාන්තිකයා සහ දුප්පතාය. තමන්ගේ පෞද්ගලික ආර්ථිකය එක තැනම පල්වෙමින් තිබියදී රටේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ජනතාවට දරාගත නොහැකි තරම් ඉහළ ගොසිනි. භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට සාපේක්ෂව උද්ධමනය ද වේගයෙන් ඉහළ නැග ඇත. 26 August 2022
රජ ගෙදරටත් දැනෙන තනිකම, පාළුව විරෝධතා රටපුරා නැගෙමින් පැවතිණ. ආර්ථික අර්බුදය පුපුරා යමින් තිබිණ. එවන් පසුබිමක, පසුගිය මැයි මාසයේ දී පර්සි මහින්ද රාජපක්ෂ මහතා ඔහු එතෙක් දරමින් සිටි අගමැතිධූරයෙන් ඉල්ලා අස්විය. 24 August 2022
ධීවරයන්ගේ හඬටත් සවන්දී ප්‍රශ්න විසඳනු ගාලු මුවදොර ඇතුළුව ස්ථිර අරගල භූමි පැවැති ස්ථාන ජන ශුන්‍ය වී තිබේ. අරගලකරුවන් පවසන්නේ අරගලයේ පළමු අදියර අවසන් බවය. එහෙත් රටේ නන්දෙසින් යළිත් විරෝධතා ව්‍යාපාර මතු වෙමින් තිබේ. මාර්ග අවුරා ඔවුහු විරෝධතා දක්වති. ඒ විරෝධතාවලට හේතුව ද ඉන්ධන හා භූමිතෙල්ය. 20 August 2022
ජාතික සත්ව අර්බුදය.. දඬූ අපිට.. අපි දඬූට රට ලස්සන වුණාට කැත රාජ්‍යයක දඬුලේනා අසාදු ලේඛනයට. 19 August 2022
22 වැනි සංශෝධනයට සියලු පක්ෂවල අනුමැතිය ගනිමු ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පුළුල් සංවාදයක් අවශ්‍යය. 19 August 2022
මිරිහානේ නිවසට තව ටිකක් දුරයි සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමට රැකවරණය ලබාදෙන රටක් සොයාගැනීමට වෙහෙසෙමින් සිටින්නේ දිනෙන් දිනම අපේක්ෂාභංගත්වයට පත්වෙමිනි. 17 August 2022
එතෙර යන සිසුන් අතරමං නොකරමු දරුවන්ට හැකි තරම් ඉහළට උසස් අධ්‍යාපනයක් ලබාදීම හැම මවකගේම පියකුගේම ලොකුම සිහිනයකි. මේ සිහිනය සැබෑ කර ගැනීමට ඔවුහු ඕනෑ දුක් ගින්දරක් උහුලති. උපරිම කැප කිරීමක් කරති. මේ සියලු කැප කිරීම් සහ දුක් පීඩා මැද මේ සිහිනය සැබෑ කරගන්නා මවුපියන් මෙන්ම එය අතරමගදී කඩා බිඳගන්නා මවුපියෝද වෙති. එසේ කඩාවැටීමට ඇත්තේ හේතු දෙකකි. එකක් දරුවාගේ නොහැකියාවය. 17 August 2022
ආහාර අහේනියක අනතුර කුරිරු කුසගින්නක ප්‍රතිවිපාක ඉතාමත් අමිහිරි මෙන්ම පීඩාකාරීය. අද අප රට මුහුණ දී ඇති දේශපාලන, සමාජීය හා ආර්ථික අර්බුදයේ එක් ප්‍රතිඵලයක් හැටියට කුරිරු කුසගින්නක් 2022 වසරේ අවසාන මාස දෙකේදී මෙන්ම 2023 වසරේ පළමු මසත් ඇතුළුව මාස තුනක පමණ කාලයකදී ඇතිවීමට ඇති ප්‍රවණතාව ඉතාමත් අධිකය. 15 August 2022
සීනි වංචාවේ මහමොළ අල්ලනු කාලයක් තිස්සේ යටගැසී තිබූ සීනි බදු සිද්ධිය යළි එළියට ඇදෙන බව පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයක දී සඳහන් විය. ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1600කට ආසන්න බදු මුදලක් මේ වංචාව හේතුවෙන් අහිමි වී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ දී වාර්තා කර තිබුණේ මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ය. ඒ අනුව ඉදිරි කටයුතු අඛණ්ඩව සිදුවුණොත් මේ වංචාවේ සුලමුල හෙළිකර ගැනීම අපහසු නොවනු ඇත. 15 August 2022
ගාලු මුවදොර අරගලය රටට දුන් පණිවිඩය ගාලු මුවදොර අරගල බිම හිස් වෙමින් තිබේ. ඉකුත් 9 වැනිදායින් පසුව තමන් අරගලබිම හැර යන බවත් එහෙත් අරගලය අත් නොහරින බවත් අරගලකරුවන් මාධ්‍යයට කියා තිබිණි. මෙරට දේශපාලන ඉතිහාසයේ එක් වර්ණවත් පරිච්ඡේදයක් තමන් නමින් වෙන් කරවා ගැනීමට අරගලකරුවන් සමත්වූ බව අවිවාදිතය. 13 August 2022
සිදුවූයේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද? මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ විපර්යාස ගණනාවක්ම සිදුවී තිබෙන තත්ත්වයකය. මැයි මස 09 වැනිදා සිට අගෝස්තු මාසයේ 09 වැනිදාට නිමා වූ මාස 03ක කාලය මෙරට දේශපාලනය මුළුමනින්ම උඩු යටිකුරු කළේය. අපේ ජීවිත කාලයටම මෙහෙම තුන්මාසයක් හමුවී තිබුණේ නැත. ඒ නිසාම මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ සිදුවුනේ කුමක්ද යන කාරණය ගැනය. 13 August 2022
පාඩු ලබද්දී බෝනස් ගෙවන රාජ්‍ය ආයතන ලංකා විදුලිබල මණ්ඩලය මූල්‍යමය වශයෙන් සාර්ථක වනතුරු ප්‍රසාද දීමනා සහ අමතර ගෙවීම් නවතා දැමිය යුතු බවත් එසේ නොවුණහොත් ලංවිම ආයතනයක් වශයෙන් කඩා වැටීමේ අවදානමක් තිබෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. මේ ප්‍රකාශය රටේ බොහොමයක් පිරිස් අතර උණුසුම් සංවාදයකට මග පාදමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවලට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වූ බහුතරය එම ප්‍රකාශයට එකඟත්වය පළකර තිබූ බවද සඳහන් කළ යුතුය. 13 August 2022
ලෝක බැංකුවේ අදහසටත් සවන්දෙමු ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක සහ එයින් ගොඩ ඒමට ගතයුතු පියවර සම්බන්ධයෙන් ලෝක බැංකුව පසුගියදා නිවේදනයක් නිකුත්කර තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා නැතුවම බැරි ආයතන දෙකක් බවට පත්වී තිබීම හේතුවෙන් එම ආයතන ප්‍රකාශ කරන අදහස්වලට හිමිවන්නේ ඉහළ වටිනාකමකි. එම අදහස් ඉවත දැමීම කළ නොහැකි තත්ත්වයකට රට ඇද වැටී තිබෙන බව අකමැත්තෙන් වුවද පිළිගත යුතු සත්‍යයයි. 11 August 2022
විසම්මුතියෙන් සම්මුතියට ඇවිත් ආර්ථිකය නංවමු විසම්මුතිය නිතරම දුර්භාග්‍යයට හේතු වන්නක් නොවේ. විවිධ අරමුණු හා අපේක්ෂා සහිත ජනතාව නියෝජනය කරන විට විසම්මුතිය ඇතිවීම ස්වාභාවිකය. මූලධාර්මිකව ගත්විට විවිධ දේශපාලන පක්ෂ ඔස්සේ නියෝජනය වනුයේ විවිධ ජනතාවගේ අරමුණු හා අපේක්ෂාය. එහෙත් විවිධ අරමුණු සහ අපේක්ෂා ඇති දේශපාලන පක්ෂවල පොදු අරමුණු පැහැදිලි කර ගන්නට දේශපාලන පක්ෂ අතර සංවාද ගොඩනැගිය යුතුවේ. එවිට සැමදෙනා කෙරේ බලපාන පොදු අපේක්ෂා හා අරමුණු පැහැදිලිව හඳුනාගෙන සම්මුතියකට එළඹිය හැකිය. 10 August 2022
පටු අරමුණුවලින් තොරව පොදු අරමුණකට යමු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතා හා වෙනත් වැදගත් අවස්ථාවල දී පැවැත් වූ කතා සමඟ සන්සන්දනය කරන විට ඉකුත් බදාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැත් වූ ඔහුගේ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව අන්තර්ගතයෙන් ද අන්තර්ගයේ ප්රගතිශීලි බවෙන් ද සැමට ආමන්ත්‍රණය කිරීමේ ස්වභාවය අතින් ද බොහෝ ඉදිරියෙන් තිබිණි. 06 August 2022
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026