දකුණුදිග බ්රසීලයේ මත්කුඩු කල්ලි සාමාජිකයන් පිරිසක් අල්ලා ගැනීමට එරට පොලිසිය සමත් වුණු අතර, එම පිරිස බිම දිගා වී පොලිසියට යටත් වෙද්දී ඔවුන් සමඟ සිටි බල්ලා ද බිම දිගා වී පොලිසියට යටත් විය.
කොකේන් මත්කුඩු ජාවාරම්කරුවන් අල්ලා ගැනුණේ සැන්ටා කැටරිනා ප්රාන්තයෙනි.
යටත් වුණු බල්ලා ජාවාරම් කල්ලියේ ආරක්ෂාක සාමාජිකයා වූ බව ඩේලිමේල් පුවත් සේවය වාර්තා කර ඇත. ජාවාරම්කරුවන් සමඟ බල්ලා ද අත්අඩංගුවට ගැනිණ.
බ්රසීලියාහිදීය (ඩේලිමේල්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසාගේ හොඳම මිතුරා, දුක සැප දෙකේදීම ඔබ එකවාගෙයි කියා ඔප්පු කර පෙන්නුවා. (ම)
මේ බලු මහතාට විලි වසා ගැනීමට වස්ත්රයක් සපයා දෙන ලෙස බ්රසීල රජයෙන් අපි ඉල්ලා සිටිමු !! (නි)
බල්ලෝ මිනිසුන්ට බයවුණාම වඳින ඉරියව්වයි වැඩියෙන් කරන්නේ. බලු ෆයිට් වලදී නම් පැරදුනාම බඩ උඩදානවා. හැබැයි ඉස්සරහ අත් ඔහොම නැහැ. මේ ඉරියව්ව බොහොම වෙලාවට පෙනෙන්නේ හොඳට කාලා නිදියන බල්ලන්ගෙන්. ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි හරිම ලස්සනයි (නි)
බල්ලාටත් ඇඳුමක් ඇන්ඳුවා නම් තමයි ලස්සන. (නි)
බල්ලටත් වැරැද්ද තේරිලානේ. උෟ ඉන්න විදියෙන්ම එ්ක පෙනෙනවා. ආදරෙන් හිටියොත් මේ සත්තු දුකේදීත් පිහිට වනවා (බ)
මට ගිරාපෝතකයින්ගේ කතා වස්තුව මතක් උනා.(බ)
බල්ලාට එරෙහිව චෝදනා ගොනුකිරීම බලු නීතිය අනුව නොකරන්නේ නම් අහිංසක බල්ලාට අගතියක් සිදුවන බව මම තරයේ ප්රකාශ කරන්නෙමි (නි)
තිරිසන් සතුන් වැරදි වලට යොදාගැනීම, පුහුණු කිරීම, දෙලොව විපාකදෙන පාපයක් (නි)
නුඹට වුණ විපත - නිසා පාප මිතුරු ඇසුර (නි)
පිටිගල, එහෙත් එහෙමද? මෙහෙත් එහෙමමනේ !! (නි)
එහෙත් නීතිය බල්ලට ගිහිල්ලා නම් බල්ලා වැරදිකරු වෙලා මිනිස්සු ටික නිදහස්වෙයි. (නි)
බල්ලාව දාන බන්ධනාගාරය මොකක්ද? (නි)
අසරණ බලු යාලුවේ, නුඹ නිදහස් වේවා! (බ)
හරිම සුන්දර ඡායාරූපයක් (නි)
අනේ පවු බලු යාළුවා! (නි)
පව් බලු කුක්කා! (නි)
අන්න බල්ලෝ! ඒකට ලංකාවෙ බල්ලෝ? කන්න දීපු එකාවමයි කන්නේ (නි)
දුකකදී මිතුරන් ඇත නොහරින කාලගුණ දන්නා සත්වයෙක් (ම)
බල්ලා වෙනුවෙන් පෙනී සිටින්නට බලු නීතිඥයෙක් ගන්ට වෙයි. (බ)
බල්ලන්ට ඉතින් නඩු දාන්න බෑනේ.(බ)
මොනවා වුණත් මේ අහිංසක බලුරාළට නිදහස ලැබේවා!!! (නි)
බ්රසිලේ එහෙම උනත් ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ කියලා තමා කියන්න තියෙන්නේ..(ම)
බල්ලත් හොදට කුඩු බිස්නස් කරලා තියනවා වගේ ? පව් අසරණ බලු රාළ! (නි)
බල්ලන්ටත් ගිය කලක් කිව්වාලු. (ම)
අනේ පව්! අහිංසක බලු රාළ. මොනවා වුණත් ලස්සන පින්තූරයක්. බල්ලන්ටත් තේරෙනවා හරි වැරදී. අනේ පව්..මට නම් ඌ ගැන දුකයි (නි)
නෙයිනගේ සුදුව මතක්වුණෘ මට (නි)