ගිනස් පොතේ නම සටහන් කර ගැනීමේ අරමුණින් යකඩ සපත්තු පැළද ඇවිදින පුද්ගලයකු චීනයේ සිටී.
ෂෑන්ග් ෆුක්සින්ග් මෙම යකඩ සපත්තු පැළද දිනපතා ඇවිදී.එක් යකඩ සපත්තුවක් කිලෝග්‍රෑම් 405 ක් පමණ බර වේයැයි මැන බලා තිබේ.
මුලදී ෂෑන්ග් මෙම යකඩ සපත්තු නිර්මානය කර ඇත්තේ එකක් කිලෝග්‍රෑම් 70 ක් පමණ වන පරිදිය. නමුත් යකඩ සපත්තු පැළද ඇවිදීම යනු අභියෝගයක් බව පෙන්වීමට හෙතෙම තම සපත්තු වල බර වැඩිකර ඇත.
මෙම සපත්තු යුගළද ඔහුගේම නිර්මාණයකි.
ඔහු මෙම සපත්තු පැළද සෙල්ලම් ‘දමන්නේ‘ ප්‍රදේශයේ පිහිටි පොදු උද්‍යානයකදීය.හති වැටුණු පසු පාවහන් ගලවන හෙතෙම ඒවා උද්‍යානයේම තිබෙන්නට ඉඩහැර නිවෙස බලා යයි.කිලෝග්‍රෑම් සිය ගණනක් බර වන යකඩ සපත්තුවක් සොරා ගැනීමට පුද්ගලයෙකු සිටී නම් එය පුදුමයට කාරණයක් යැයි ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ නැහැ මෙයාට ඒක උස්සගෙන යන්න පුළුවන්ය කියා. නිකන් පෙන්වනවා විතරයි මං හිතන්නේ (ස)
බොරු වැඩ. (ස)
කිලෝ 405ක් එක කකුලකින් උස්සන්න මෙයා යෝදයෙක් වෙන්න ඕන මේක බොරුවක් .අර රෙස්ලින් ගහන යෝද ඇගවල් තියෙන කෙනෙකුටවත් බැරි වැඩක් මේක (දී)
අපේ සීයටත් මේ වගේ සපත්තු 2 අරන් දෙන්න ඕනේ (අ)
අත්පුඩියක් ගහන්නද තිසර. (නි)
එක යකඩ සපත්තුවක බර කි.ග්රෑ. 405 නොවේ. එකක බර කි.ග්රෑ. 202.5ක් විය යුතුය. එහි දිග, පලල සහ උස පිළිවෙලින් දළ වශයෙන් සෙ.මී. 30, 20, 40 පමණ බව සමහර වෙබ් අඩවිවල පළවී ඇත. මෙහි පරිමාව ඝ.මී. 0.024 බැවින් යකඩවල ඝණත්වයෙන්(7900 කි.ග්රෑ./ඝ.මී.)එය වැඩිකළ විට එහි බර කි.ග්රෑ. 190ක් පමණ වේ. මගේ අදහස අනුව ඔහු වරකට එක සපත්තුවක් සපත්තුවේ පහත ඉදිරි ගැට්ටෙන් පෙරට ඇලකර ඉදිරියට ඇදීමෙන් සපත්තුව පාර මත ලිස්සා යන ලෙස එහි බරද උපයෝගී කරගනු ඇත. ප්‍රථම පිංතූරයේ පාරේ ඇති සුදු සළකුණු එවැන්නක් හඟවති. සපත්තුවක බර කි.ග්රෑ. 202.5 ඝර්සණ සංගුණකය ලෙස යෙදචිය හැකි 0.7 වලින් වැඩිකළ විට ඇදීමට අවශ්‍ය බලය කි.ග්රෑ. වලින් කියතොක් කි.ග්රෑ.150ක් පමණ බලයක් වේ (නිව්ටන් 1500). කෙසේ උවත් ශක්තිමත් මාංශ පේශීන් ඇති තම බර සහ මාංශ පේශීන්ට යොදන ශක්තිය දකුණ සහ වම්අත පැත්තට ඇලවී සමබරවන ක්‍රියාකළ හැකි ලෙස හොඳින් පුරුදුවී ඇති දක්ෂ මිනිසෙකි. ඔහු වයස අවුරුදු 51ක් වන කි.ග්රෑ. 60ක් පමණ බර අඩු පුද්ගලයෙකු වී මෙවැන්නක් කිරීමට හැකිවීමත් පුදුමයකි. (ස)
මෙයා ඒක උස්සගෙන යන්නෙ නෑ. ඇදගෙන යනවා ඇත්තේ. (1 පින්තුරයේ ඇදගෙන ගිය පාර පේනවා.) ධෛර්යමත් මනුස්සයෙක්. (ස)
මෙහෙමත් පිස්සු තියෙනවානේ ලෝකේ (දී)
කකුල් දෙක අරන් යන්න වෙනම වාහනයක් ඕනේ (දී)
මේ වයසක මනුස්සයා කොහොමද කිලෝ 400 ක් තනි කකුලෙන් උස්සනේ ....මේවා බලන අපිට පිස්සු ,,,,(නදී)
මේක ඇත්ත විස්වාස කරන්න පුළුවන් (ස)
මේ මනුස්සයට ලූස් මෝෂන්. (ස)
කිලෝ 400ක් එක කකුලකට? අම්මෝ කොහෙත්ම විශ්වාස කරන්න බැහැ...ඔය මනුස්සය එක මිලි මීටරයක් ඔය කියන සපත්තුව උස්සල නැතිව ඇති..... (ස)
මේක නම් අමූලික බොරුවක්..... (ස)
අපේ රටේ නම් ඔය සපත්තු දෙක කුඩ්ඩෙකුට අහු උනා නම් දෙකම එක පාර උස්සනවා.... යකඩ වලට විකිණුවා නම් ඌට මාසෙකට ඇති... (ස)
මුන්ට ලූස් !(නදී)
තව මොන ගිනස් වාර්තා තියාවිද දන්නෙ නැහැ (නි)
නිකම්ම නිකම් පිස්සු වැඩක් (නි)
මටත් මේ වගේ සපත්තු 2ක් ගන්න ආසයි,ලංකාවේ ගන්න තැනක් තියෙනවද? (නි)
රෝද සවි කළා නම් හරි (නි)
ඇත්තටම මෙයාට නම් පිස්සු. වැඩ නැතුවට වැඩ. (ස)
ලූස් ද කොහෙද ! (ස)
මේකට පිස්සු අප්පා. (ස)
මම හිතුවා මොලේ අප්සෙට් කෙනෙක් කියලා. (ස)
ලංකාවේ ගලවල පන්සලකට වත් යන්ද බලන්ඩ. (ස)
ඇවිදින්න දෙයක් නෑ. කකුලෙන් කිලෝ 400ක් උස්සපු එකම වාර්තාවක් නේ. (ස)
මෙයා කරන්නේ බොරු වෙන්න ඕන. නැත්නම් හොස්පිටල් තමය ඉන්න වෙන්නේ කකුල් කඩාගෙන. (ස)