ලෝකයේ ශක්තිමත්ම කොලූ ගැටයින් දෙදෙනා යැයි විරුදාවලිය ලැබ සිටින වයස අවුරුදු 9 ක් හා වයස අවුරුදු 7 ක් බැගින් වයස් වන දෙදෙනෙක්ගැන රුමේනියාවේ සිටිති.
නව හැවිරිදි ගියුලියානෝ ස්ට්‍රෝ හා ඔහුගේ සොහොයුරු හත් හැවිරිදි ක්ලෝඩියු දිනකට පැය දෙකක් කායවර්ධන ව්‍යායාම්හි යෙදෙති.ඔවුන් යෙදෙන එම ව්‍යායාම් විධි වැඩිහිටියන්ට ගැලපෙන සේ සකස් කර ඇති ඒවා වුවද සොහොයුරන් දෙදෙනට ඒ සම්බන්ධයෙන් වගේ වගක් නොමැත.
දෙදෙනාගේම සිරුරු කායවර්ධන ක්‍රීඩකයින්ගේ මෙන්ම ඉලිප්පී මස් වැඩී තිබේ.
ගියුලියානෝ දැනටමත් ලෝක වාර්තා කිහිපයක්ම පිහිටුවා ඇති අතර ඒවා අතර පොළවේ සිටවූ කණුවක zzමිනිස් කොඩියක්zz සේ පොළවට සමාන්තරව සිරුරේ බරද දරාගෙන එල්ලී සිටීම ප්‍රධානය.ඔහුගේ ශක්තිය කෙතරම්ද යැයි මින් සිතාගත හැක.
මාස 18 ක් වැනි කුඩා කාලයේ සිටම ගියුලියානෝ කායවර්ධන ව්‍යායාම් වල යෙදී ඇතැයි කියන්නේ ඔහුගේ දෙමාපියන්ය.තම සොහොයුරා ව්‍යායාම් කරනු දුටු බාලයා වන ක්ලෝඩියුද ව්‍යායාම් කිරීමට පටන් ගත් බවත් දැන් ඔහුද තම සොහොයුරාගේ තරමටම සිරුර වර්ධනය කරගෙන සිටින බවත් ඔවුහු කියති.
ගියුලියානෝ හා ක්ලෝඩියුගේ දෙමාපියෝ දුගී බවේ පත්ලේම සිටින්නෝය.ඔවුහු බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් පසුවෙති.
ළමයින් කුඩා කාලයක් ගතකිරීමට ඉඩ නැතැයිද දුප්පත් කම නිසා ළමයින් මතින් zzගොඩ යෑමටzz දෙමාපියන් කටයුතු කරමින් ඇතැයිද ඇතැම්හු චෝදනා කරමින් සිටිති.මේ අතර තවත් අය දරුවන් දෙදෙනාගේ හැකියාවන් අගයමින් අදහස් දක්වමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුගී බවේ පත්ලේම සිටින්නෝය.. නිකන් බොරු කියන්නේ නැතුව ඉන්න. (ස)
මේ පුංචි වැඩකාර හැඩකාර අයිය මලෝ ගේ පින්තුරයක් දැම්මනම් තමා විස්තරයේ අගේ තවත් වැඩි වෙන්නේ.(අ)
ඇයි මේ නීලා දන්නා කියන කෙනෙක්ද? කාන්තාවන්ට වගේ කියන්නේ. (අ)
කොහොමත් ඉතින් අද කාලේ ගොඩක් අයගේ වැඩ වයසේ හැටියට නෙමෙයිනේ (නි)