‘බල්ලනට අපේ කැමැත්තක් නැත. ඒ නිසා ඔබගේ බල්ලන් මෙම ප්‍රදේශයට රැගෙන ඒමෙන් වළකින්න.‘ යනුවෙන් ඉල්ලා ඇති නැගෙනහිර ලන්ඩනයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක අලවා තිබු දැන්වීම් පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතිබව බ්‍රිතාන්‍යයේ පුවත්පත් වාර්තා කර ඇත.
මෙම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිම් ෆිට්ස්පැට්‍රික් පොලිසියට සහ පළාතේ නගරාධිපති වරයාට පැමිණිලි කර ඇත්තේ මෙම බෙදුම්වාදී දැන්වීම ජාතිබේදය අවිලීමේ අරමුණෙන් ඉංග්‍රීසි ජාතික කල්ලියක් විසින් නිර්මාණය කරනලද එකක්ද නැත්නම් කිසියම් අන්තවාදී සංවිධානයක් විසින් අලවන ලද්දක්දැයි සොයා බලන ලෙසටයි.
නැගෙනහිර ලන්ඩනය පුරාම බංගලිදේශය, පකිස්තානය සහ අප්‍රිකා රටවල ඉස්ලාම් භක්තිකයෝ විශාල ප්‍රමාණයක් ජීවත්වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිලු වගේ නේ (දී)
ලංකාවට වරදක් කළ කාටවත් හරියන්නේ නැහැ (නි)
අනේ අපොයි! (නි)
යන එන මන් නැති වෙනකොට, සමහර රටවල් පිහිට වෙනවා මෙත් මිනිස්සු කියල හිතාගෙන, නමුත් කබල්ලැවගේ ගුහාවට ඉත්තෑවා වැස්සෙන් බේරෙන්න රිංගල කබල්ලැවට උගේ ගුහාව නැති කල වගේ වැඩක් මේ වෙන්න යන්නේ. (දී)
එතකොට බල්ලන්ට වෙනම ගමක් හදලා දුන්නානම් හරිනේ (දී)
අයියෝ ලන්ඩන් ?? (දී)
ශානක ඔබ හරි නමුත් එය ලන්ඩනයට පමණි (දී)
මානව හිමිකම් උල්ලංගනය කිරීමක් (දී)
ලන්ඩන් කියන්නේ සුරතලේට බල්ලන් ඇතිකරන රටක් නේ (දී)
ලෝකේ එක එක කාලෙට එක එක වෙනස් වීම් එනවා (දී)
ලගදීම ගිනි කෙලි බලාගන්න පුළුවන්.ඕකම තමා මෙහෙටත් කරන්න යන්නේ. (නදී)
මොකක්ද මේ අලුත් ප්රශ්නය? (නි)
ඔන්න සුද්දගේ රටට රිංගලා සුද්දටම නීති පන වන්න පටන් අරන්. (නදී)
ඕක ඔය පැත්තේ ඉන්න පුසන්ගේ වැඩ වෙන්න බැරිද? (නදී)
මේක අර මිනිස් වෙෙරසය දාගත් අයගේ වැඩක් වෙන්න ඇති. (ස)
කොහොමත් මේ අය බල්ලන්ටත් නැට්ට කොට සත්තුන්ටත් කැමති නැහැ. (නදී)
බෙදුම් වාදය අව්ලුවමින්... රට රටවල්වල පැවැත්ම විනාශ කල.... ඉතිහාසය විනාශ කල.... එංගලන්තය, ඒ එකතුකළ ගිනි වලින්ම දැවී අළුවෙන යුගයට පා තබා ඇත...(ස)
ඔය නැගෙනහිර ලන්ඩන් වල ලංකාවේ ද්‍රවිඩ ජනතාවත් බහුලව ඉන්න ප්‍රදේශයක්. (ස)
නුවන් හරි (නි)