මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ඉතාලි රූ රැජිනක අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇත.
සමන්තා ස්කාර්ලිනෝ නම් වන මේ කාන්තාව 1999 වසරේ ඉතාලි රූ රුජිණ තරගාවලියේ අවසන් වටය දක්වා පැමිණියෙකි.ඉතාලියේ රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට කිහිපයකද ඇය චරිත නිරූපණය කර ඇත්තීය.
ඉතාලියට කොකේන් කිලෝග්‍රෑම් 500 ක් ගෙන ආවේ යැයි චෝදනාවට සැකපිට ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
පරීක්ෂණ වලින් හෙළිව ඇති කරුණු වලට අනුව ඇය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නොනැවතී මෙක්සිකෝව,පේරු වැනි රටවල වෙසෙන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉතාලියේ සිට මුදල් ප්‍රවාහනයේද යෙදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ඉන්න ලාංකියගේ දැන ගැනීම පිණිස සහ ඉතාලියේ ඉන්න ලාංකිකයන් වැරදි කරනවා කියන පිරිසට දැන ගැනීම පිණිසයි.මම මුකුත් ලියන්නේ නැහැ.නිකන් දැනගන්න කිව්වා විතරයි හොඳේ. (ස)
බටහිර රටවල ඔය වගේ ඒවා ඉතා සුලබයි.ඒකයි අපේ අය ගොඩක් බටහිරට කැමති. (ස)
බොහෝ රටවල් වල නිරූපිකාවන් ,රූප සුන්දරියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔවුන් පොලිසියට අසුවූ අවස්ථාද බොහෝය. ඕස්ට්‍රේලියාවේ නිරූපිකාවක් ඉන්දුනීසියාවේ බාලි දුපතෙදී අසුවුනා මත්ද්‍රව්‍යයත් සමග.එරට නීතිය මත්ද්‍රව්‍ය ගෙනගොස් අසුවුනොත් මරණ දඩුවම අනිවාර්යයි. නමුත් ඇයට සිර දඩුවම් පමණක් විද, මරණ දඩුවමින් නිදහස් වීමට හැකි වුණා. ඇය පසු කාලයකදී රූපවාහිනී වැඩ සටහනකදී හඩමින් කියා සිටියා මරණ දඩුවමින් බේරීමට ඇයගේ සියලුදේම කැප කිරීමටත් ,පුජා කිරීමටත් සිදුවූ බව. (නි)
අපේ රටෙත් ඉන්නේ මිස්ටර් ශ්‍රී ලංකාවගේ වගේ රුප සුන්දරත්වයෙන් යුතු ආරෝහණ පරිනාමයෙන් යුතු කුඩු වීරයෙක්. වෙනස තියෙන්නේ මිනිහව අල්ලන්න ජගතෙක් ලංකාවේ නොසිටීමයි. (නදී)
මුදලට...බලයට...සවියට...මතට ..කතට තැන නොතැන දකින නුවන කෙටිය.(නදී)
චමත්, ඔබ ඔය කියන නිරූපිකාව බේරුනේ බොරුවට ඉස්ලාම් ආගම වැළඳගෙන හිස සහ මුහුණ වසා හිජාබ් ඇඳුමක් ඇඳගෙන උසාවියේ පෙනී සිටිමින් ඉන්දුනීසියාවේ දූෂිත නිලධාරීන්ගේ උදව්වෙන්. ඒකට මෙහෙ මාධ්‍ය උපහාසයෙන් පෙන්නුවේ ඇයගේ ඇඟේ නූල් පොටක් වත් නැතිව නිරුවත් ඡායාරූප සමගයි. (නදී)
අපේ රැජිනියෝ කරන්නේ වෙන ජාවාරම්.(නදී)
සැම් ,මා නොකිවූ ඉතුරු ටික ඔබ කියා ඇත. (නදී)