හිසටත් වඩා විශාල දැවැන්ත අත් දෙකකට හිමිකම් කියන අට හැවිරිදි දරුවකු ඉන්දියාවේ සිටියි. මේ අතේ අතිවිශාල ඇඟිලි ද පිහිටා ඇත.
කලීම් නමැති මේ දරුවා උපදින අවස්ථාවේ ඔහුගේ අත් සාමාන්‍ය දරුවකුගේ අත් මෙන් දෙගුණයක් විශාල විය. එය නොනවත්වාම විශාල වෙමින් වැඩුණු බව දෙමාපියෝ කියති. ඔහුගේ අත්ල ආරම්භයේ සිට මැද ඇඟිල්ලේ කෙලවර දක්වා දිග අඟල් 13කි. ඉන්දීය වෛද්‍යවරු පවසන්නේ මේ අතේ අඛණ්ඩ වර්ධනය වැළැක්වීම අපහසු කරුණක් බවයි.
ඔහුගේ මව හලීමා (27) පවසන්නේ තම දරුවා අතේ විශාලත්වය ගැන නොතකමින් සම වයසේ යහළු යෙහෙළියන් සමග ක්‍රීඩා කළ ද ඔහු විශාල අත් හේතුවෙන් පීඩා විදින බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇත්තක්, බොරුවක් නෙමෙයි. (නදී)
මෙය සිදුව ඇත්තේ කළලය අවස්ථාවේ. විකුර්ති භාවයක් ඇතිවීමෙනි.දෙවියන් කළායයි සලකන්නේ බුද්දියක් නොමැති අය. (නදී)
ජේසුස් වහන්සේ මිනිස්සු මැව්වා කියල බයිබලයේ හෝ වෙනත් කෘතිවල සඳහන් වෙලා නැහැ. එතුමා හොඳ දේශකයෙක්. දෙවියෝ මිනිස්සු මවන්නේ නැති බවට තවත් එක උදා හරණයක් මේක. එහෙම බලයක් දෙවියෙකුට තිබුනානම්, අහිංසක දුප්පත් දරුවෙකුට මෙහෙම අතක් දේවිද? (නදී)
මේක කවුරුත් මැවූ දෙයක් නොව පෙර කරන ලද කර්මඵල විපාකය අත්විඳීමකි. ඒකට කරන්න දෙයක් නැහැ.ගෙවන්නම වෙනවා. (නි)
දෙවියන්ට මේ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. මේක පෙර කල කර්මයක්. මෙහෙම දේවල් වෙන බොහෝ වේලාවට එ්ක වෙන්නේ ඉන්දියාවේ. ලෝකේ ඉතාම නරකම දේවලුත් ඉතාම හොදම දේවලුත් වෙන්නේ ඉන්දියාවේ. බුදුන් වහන්සේ පස්මහ බැලුම් වලින් ඉපදෙන්න ඉන්දියාවම තෝරාගන්න ඇත්තේ මේ නිසා වෙන්න ඇති. (නදී)
අනේ සමහර ප්‍රතිචාර දැක්කම ගහන්න හිතෙනවා. හොදට ඇස් ඇරලා බලන්න ළමයාගේ ඇදුමේ ෂිප් 1 ක් දාලා තියනවා. (නදී)
මෙත් සිත පතුරවන සියලු දෙනාගේම චිත්ත බලයෙන්, පොඩි එකාට ඉක්මන් සුවයට මඟක් ලෑබේවා! (නි)
පුංචි පුතේ ඔයා දැක්ක වෙලේ ඔයාගේ පුංචි හිතට වඩා මගේ හිතට දුකක් අව, අපි ඔයා වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියල හිතා ගන්න බැහැ ඔයාගේ දුකෙන් බාගයක් වත් අරගන්න තිබුන නම් ඒක කරනවා ,මගේ .ප්‍රාර්ථනාව .ඔයාට ඉක්මන් සුව . (අ)
කණගාටුදායක පුවතක් (නි)
සත්‍යගේ මතයට මාත් එකඟයි. (නි)
මේක බොරු ෆොටෝ එකක් මේකකම්පියුටර් ජිල්මාට් එකක්. එකවත් තේරුම් ගන්න බැරි අය හෝ ගාලා කොමෙන්ට් කොටනවා (අ)
වෛද්‍ය විද්‍යාව මේතරම් දියුණු කාලයක මේ පොඩි එකා වෙනුවෙන් මුකුත්ම කරන්න බැරිද ...? (නි)
මම බොදුනුවෙක්. ප්‍රතිචාර දැමීමේදී අනෙකුත් ආගම් භාෂා වැනි දේවල් සමග විරෝධතා ඇති කර ගැනීම තරයේ පිළිකෙව් කරනවා. (නදී)
අසරණ ළමයා ඉක්මනින් සුවපත් වේවා ! (නදී)
මේ දරුවට ශල්‍ය කර්මයකින්වත් මේ අත හදන්න බැරිද....?දුප්පත් කමත් වලිගේ නැති ගොනා වැනි කියනවනේ....!!!(අ)
මේක පරිඝනක ජිල්මාර්ට් එකක් නෙමෙයි. පළවෙනි පින්තූරයේ කමිස අතේ සිප් එකක් තියෙනවා. (නදී)
ගාමිණී මහත්තයගේ ඇස් පරික්ෂා කරගන්න (නදී)
මෙය රෝගී තත්වයක් ( එලිෆන්ට් ටියිටිස්) කියන රෝගය. (නදී)
අනේ අචිරා, ඔච්චර නපුරු වෙන්න එපා මේ වගේ දුක්ඛිත දසුනක් දැකල, ඔයාට හිතුනේ නැද්ද මේ දරුවා පවු කියල, දන්නවා වැඩි වුනත් ප්‍රශ්නයක් මට හිතෙන්නේ ....?(අ)
මා අචිර සමග එකඟයි ඕනෑම වැඩක් දාන්ඩ පුළුවන් පරිගණක සොෆ්ට්වෙර් තිබෙද්දී ඕකත් වැඩක්ද. (අ)
සංසාරෙ හැටි ඔහොම තමයි ඔික තමයි කරැමෙ කියන්නෙ-මෙි භවයෙවත් පිනක් කර ගන්න ලැබෙිවා!!! (නදී)
ඇත්තටම දුකක්, ඒ වුනාට කරපු පව් පින් අනුව තමඊ මිනිසාට හැමදීම ලැබෙන්නේ.ඒ නිසා අපි ඊළඟ ආත්මේ හොදින් ඉන්නනම් මේ ආත්මේ ජීවත් වෙලා ඉන්න ටිකේ පින් වැඩ කරන්න හිතට ගන්න ඕනේ.(දිල්)
දෙවියනි මේ දරුවට සහනය දෙනු මැනවි (නදී)
පවු අහිංසක පොඩි එකා. ඉක්මන් සුව පතනවා! (නි)
අනේ පවු! අපි ඉතින් මොනවා කරන්නද? මේත් ඉතින් අහිංසක ජීවිතයක්නේ! (නි)
පවු පොඩි දරුවා. (නි)
අහෝ දෙවියනි, මොනයම් හෝ වැරැද්දක් සිදුව ඇත. කරුණාකර මෙය නිවැරදි කරදෙනු මැන. (නි)
පවු. ජීවිතයේ හැටි එහෙම තමයි (නි)
සංසාරයක හැටි! (නි)
ජේසුනි, මේ වරද නිවැරදි කරනු මැනව! (නි)
මෙවැනි මිනිසුන් ලොවට එවන්නේ යමක් තේරෙන අපිට හිතන්නයි. මෙයත් එක්තරා පාපකර්මයකි. අපි පව් නොකර සිටිමු. හොඳ වැඩම කරමු. අප චින්තනයන් ක්‍රියාවන් දැහැමි වූ විට අප ලෙයින් උපදින අපේ දරුවනුත් දෙවියන් වහන්සේ නිරෝගීව අපිට දායාද කරාවි (නි)
මේ ලෝකය හරිම අසාධාරණයි කියලා හිතෙනවා වෙලාවකට කවුරු මැව්වා වුණත්... අසරණයින්ටමයි හැම කරදරයක්ම. පොඩි දරුවාට සාර්ථක ප්‍රතිකාරයක් ලැබේවා! (නි)
මේකෙ කොමෙන්ට් දාන අය හිතන්නෙ දෙයියො මැව්වා කියලද? ලෝකේ මිනිස්සු මේක එහෙම නෑ කර්ම කර්ම ඵල අනුවයි මේ දේවල් වෙන්නේ. කොහෙවත් ඉන්න දෙයියන්නාන්සෙට පුළුවන්ද මිනිස්සු මවන්ට (නදී)
අනේ පවු! (නි)
අහෝ වෛද්‍යවරුනි මෙය සුවපත් කළ මැන. (නදී)
ජේසුනි, ඔබ මැවූ ළමයා නැවත යථාතත්වයට පත්කරලා දෙන්න. (නදී)
කොච්චර දෙයියන්ට කිව්වත් වැඩක් නෑ. කරන කලට පවු මහිරිය මී සේ... විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.. (නදී)
ඇයි දෙවියනේ මෙහෙම දෙයක් වුණේ? (නි)
මේ දරුවා මෙච්චර ලොකු අතක් තියෙද්දී කොහොමද මේ කමිසය ඇන්දේ? (නි)
රූපවති නංගියේ, නුඹටත් යමක් කමක් තේරෙනවා නේද? මට තේරෙන විදියට මේකට කියන්නේ කර්ම ඵලය කියලයි. මොනවා වුණත් පොඩි එකා ගැන දුකයි (නි)
ජේසුනි, මේ වරද නිවැරදි කරනු මැනව! ඔව් ඉතින් දෙවියන් වහන්සේ මැව්වා නම් දෙවියන් වහන්සේම නිවැරදි කළ යුතුයි (නදී)
මේක ඇත්ත නම් කොහොමද මෙයා මේ කමිසය ඇන්දේ? (නදී)
මේ ඡායාරූප දුටුවහම මට දැනෙන වටිනාම දේ තමයි ඒ ළමයා මේ හින්දා මානසිකව වැටිලා නැති බව.ඔහු ඉන්නේ සතුටෙන් බව පෙනෙනවා (නි)