ලොව දෙවැනි විශාලතම බුද්ධි ඵල අගයට හිමිකම් කියුවද ඇමරිකා ජාතික ෆිල් රොස්නර් ගෙවන්නේ කටුක දිවියකි.
ඖෂධ ගැනීම හා ව්‍යායාම කිරීම හැරෙන්නට වෙන කිසිවකට ඉඩක් ඔහුට නැත.බුද්ධි මට්ටම නොවෙනස්ව පවත්වාගැනීමට අවශ්‍ය හෙයින් තමන් තම දෛනික කි‍්‍රයාකාරකම් එසේ සකස් කරගෙන සිටින බව ඔහු කියයි.
ඔහුට දිනකට විවිධාකාරයේ ඖෂධ කරල් 38 ක් අවැසිය.ඒවා මොළයේ ඇති ‘‘වැඩකට නැති‘‘ ප්‍රෝටීන විනාශ කරන බවට ඔහු විශ්වාස කරයි.රුධිර පීඩනයට,කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට, ආදී වෙනත් ඖෂධ ගණනාවක්ද ඔහුගේ ලැයිස්තුවේ අන්තර්ගතය.
ෆිල් රොස්නර් බුද්ධිමතෙකු ලෙස සැළකුනෙකු නොවේ.ඔහු මුලින්ම සේවය කර ඇත්තේ රාතී‍්‍ර සමාජශාලා වල ‘‘බවුන්සර්‘‘ කෙනෙකු හැටියටය.තවත් අවස්ථාවක ඔහු නිරුවත් මෝස්තර නිරූපකයෙක් ලෙසද රැකියාවේ නිරතව තිබේ.
ඉරණමේ ලියැවී තිබූ පරිද්දෙන්දෝ ඔහු ලොව විශාලතම බුද්ධි ඵල අගය හිමි තැනැන්තා බවට පත්වන්නේ අන්තර්ජාතික පරීක්ෂණයකින් සමත්වීමෙනි.එතැන් පටන් ප්‍රසිද්ධිය ඔහුව සොයා එන්නට ගත්තේය.
නමුත් එයින් නිසි ප්‍රයෝජනයක් අත්කරගැනීමට තමන්ට නොහැකිවූ බව ෆිල් පිළිගනී.රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වුවද,සම්මාන ලැබුණද ඒ කිසිවක් තමාගේ ජීවන මට්ටම ඉහළ දමා ගැනීමට යොදාගත නොහැකිවූ බව ඔහු කියයි.
අද දිනයේ ඔහු වෙහෙස වෙමින් සිටින්නේ නැවත වරක් තම වාසනාව උරගා බැලීමටය.ඔහුට ලොව වැඩිම බුද්ධි ඵල අගය හිමි තැනැත්තාට හිමි කිරුළ තවදුරටත් ඔහුගේ නොවේ.ඔහු දෙවැනි තැනට තල්ලූවී ඇත.
‘‘මිනිස්සු හිතනවා හොඳ බුද්ධියක් තියෙනවා කියන්නේ ඒ මිනිහා හොඳට හිතලා බලලා තිරණ ගන්නවා කියලා.නමුත් ඒක වැරදියි.බුද්ධියක් තිබුණාද නැතද කියලා නැහැ.අපි හැමෝම මෝඩ වැඩ කරනවා.මම ඒකට හොඳම උදාහරණයක්‘‘ ඔහු කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිත්‍රී මහත්තයත් මේකෙන් දෙක තුනක්වත් අරගෙන තිබුනානම් මෙහෙම අමාරුවක වැටෙන්නේ නැහැ හැට හතර මායමට අහුවෙලා..(නදී)
මේ මනුස්සයාගේ මුහුණේ තරුණ බව හා මහලු බව සම්මිශ්‍රණය වූ බවක් මා දුටුවෙමි ..!(නදී)
අද අපි ගමන් කරන්නේ බලශක්ති හරහා දියුනුවක් එය තුලින් වෙන්නේ විනාශය ලඟා කරගැනීමක් පමණයි !!(හේ)
මේ කෙනා දෙවෙනි වෙලා තියෙන්නේ බන්දුලට විතරයි. (නදී)
හෙට අනිද්දම මෙය බෙහෙත් බිලාම වෙනම ලෙඩක් හැදෙයි වගේ.(හේ)
ඇත්තටම මෙයාට තියෙන්නේ බුද්ධි ඵලයක්ද.? (ර)
මේ අයට තමයි පිස්සෝ කියන්නේ.(හේ)
අනේ මන්ද .....මම හිතන විදියටනම් ස්වභාව ධර්මයට විරුද්ධව බෙහෙත් වලින් ජීවත් වෙන්න හිතීමත් ලොකු මෝඩ කමක්.....(බ)
අම්මෝ! මට නම් මෙහෙම ජීවත්වෙලා වැඩක් නැහැ (නි)
පිස්සෙක්.(හේ)
මෙන්න අපේ රට්‍ෙ දේශපාලකයන්ටත් අවස්ථාවක්. මේ පුද්ගලයා හමුවෙලා උපදෙස් ගන්න අපේ දේශපාලකයෙක් ගියේ නැත්නම් පුදුමයක් (නි)