මළයි සිතා මෘත ශරීරාගාරය වෙත යැවුණු දින දෙකක් වයසැති බිළිදෙකුට යළිත් ‘පණ‘ ලැබීමේ පුවතක් චීනයෙන් වාර්තා වේ.
ආදාහනය කිරීමට සැරසෙද්දී බිළිදා මහ හඩින් හැඩීමට පටන් ගෙන ඇත.සියල්ලෝම බිළිදා තවමත් ජීවතුන් අතර පසුවන්නේයැයි දැනගෙන ඇත්තේ එවිටය.
බිළිදා නැවත රෝහල් ගත කර තිබේ.
උපතේදීම පෙනහලූ වල ආබාධයක් තිබූ හෙයින් බිළිදා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.දින දෙකක් ගතවූ තැන බිළිදා හුස්ම ගැනීම නැවතූ හෙයින් බිළිදා භාරව කටයුතු කළ වෛද්‍යවරයා සිතා ඇත්තේ බිළිදා මියගිය බවය.
එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කිරීමට බළධාරීන් පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්න ඕනෑ නැහැ. දොස්තර එක්ක කතා කරන්න ඕනෑ නම් චැනල් කරන්නම ඕනෑ. සාමාන්‍ය රෝහල් වල සායනවල ඉන්න දොස්තරලා රෝගීන් දකිනකොටම බෙහෙත් ලියලා අවසන්.මම හිතන්නේ දක්ෂකම කියලා. (නි)
ඔවැනි අතපසුවීම් සිදුවෙනවා එහෙත් මේක බරපතල වැරදීමක් (අ)
අපිට පේන්නෙම වැරදි තමි වැඩිපුර ගොඩක් දොස්තර මහත්වරු ජීවිත කියක් බේරලා තියෙනවද ඒවා ගැන කතා කරමු දරුවෝ දුෂණය කරන තතල ගැන කතා කලට 99% තතල දරුවෝ වෙනුවෙන් කොපමණ දුක් විදිනවද ඒවා කියන්නේ කොච්චර අඩුවෙන්ද අපේ චින්තනය හා මදය කලාව වෙනස් විය යුතු කාලය ඇවිත් (අ)
හොද වෙලාවට ආදාහනය කරන්න කලින් ඇඩුවේ. හොද බබා.(නදී)
අනේ වාසනාවන් (අ)
මේ රටේ වුනා නම් මෙලහකට දොස්තරලව උසස් තැනකට යවලා.(නදී)
මෙය විශ්වාස කරන්න බැහැ. කෙසේ වුවත් ඔහු ගොඩක් වාසනාවන්තයි.(නදී)
පද්මා ,ඒ ලංකාවේ රජයේ රෝහල් වල නේ.(නදී)
පද්මා, ඔයා මොලේ අමාරුවකටද බෙහෙත් ගන්න ගියේ. මම ඔයත් එක්ක හොදට කතා කරලා හොද බෙහෙතක් දෙන්නම්. හැමදෙයක් දිහාම නිකම් අන්තගාමී විදිහට බලන්න එපා.(නදී)
අනේ වාසනාවන්. චූටි බබාට සෞභාග්‍යයමත් අනාගතයක් වේවා !! වෛද්‍යවරයා ගෙදර යවපු එක ලොකු දෙයක්.ලංකාවෙ වගේ නම් වෙන පළාතකට ගිහින් පෞද්ගලික සායනයක් අරීවි. (ස)
ලංකාවෙ නම් මෙහෙමනේ. මෝචරියට දැම්මහම මුලින්ම මල්ශාලාවේ කට්ටිය ඇතුළට ගියොත් පණපිටින් හිටියත් මරලා දාලා හරි බිස්නස් එක අතරිහන්නේ නැතුව වැඩේට බහිනවා. (නි)
අනේ ඒ දරු පැටියට සියලු දෙවි පිහිටයි (නි)
ඔන්න ඉතින් පටන් ගන්න ලංකාවේ දොස්තරලට බනින්න. ඒ වුණාට හැම දොස්තර කෙනෙක්ම නරක අය නොවන බවත් මතක තියාගත්තොත් හොදයි. (නි)
ඇග හිරිවැටුණා (නි)
පුදුමයි! (නි)
චීනයට වැඩිය ගොඩක් ඉදිරියෙන් අපේ දොස්තරලා ඉන්නේ. මතක නැද්ද,පසුගිය දිනවල කරපු විශ්මයජනක සැත්කම් ටික? (නි)
වෛද්‍යවරයා ගෙදර යැවුවොත් ලංකාවෙ නම් හෙට ඉඳල සියලුම රෝහල් වැඩ වර්ජනයේ. (ස)
ලංකාවෙ නම් ඉතින් එයාගේ තහනම් ඉවත් කරන්න කියල එයාගෙම කට්ටිය ලොකු ස්ට්‍රයික් එකක් පටන් ගනී. ඒගොල්ලෝ කියයි ඔය වගේ වැරදි සාමාන්‍යයෙන් වෙනවා කියලා. මිනිහෙක්ගේ ජීවිතේ ඒ ගොල්ලන්ට සාමාන්‍යය වැරද්දක්. අර නීති ශිෂ්‍යාවට උනේ එක තමා. එහෙම කියන මිනිස්සුම මීගමුවේදී වගේ කාමරයක් හරි පුටුවක් හරි බෙදා ගන්න බැරුව රන්ඩු වෙනවා. මේ ඇවිල්ල ලංකාවේ ඉහලම පෙලේ අධ්‍යාපනයක් ගත්තු මිනිස්සුන්ගේ හැටි. ඉතින් අනිත් මිනිස්සු මොනවා ක්‍රම මොකද. නැද්ද මන් කියන්නේ? (ස)