සතියකට වරක් සිය කෑම වේලට මාළු එක්කැර ගැනීමෙන් මොළයේ සෞඛ්‍ය තත්වය වර්ධනය වන බව නව අධ්‍යනයකින් අනාවරණය වි තිබේ. තම්බා හෝ පුළුස්සා ආහාරයට ගැනීම වඩාත් සුදුසු බව ද ඔවුන් පවසයි.
මෙම පර්යේෂණයට පෙර විද්‍යාඥයන් සිතා සිටියේ මාළු හා ධාන්‍යවල අඩංගු ඔක්සිකාරක නොවන ඔමෙගා තුන හේතුවෙන් මොළයේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වන බවයි. මාළු කෑමෙන් මොළයේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වන්නේ ඔමෙගා ප්‍රමාණය හා සම්බන්ධයක් නොමැතිව බව ද මේ පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
එමෙන් ම මාළු ආහාරයට ගැනිම මගින් සෞඛ්‍ය ප්රතිලාභ වැඩියෙන් ලැබෙන බව ද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
වයස්ගත අයගේ පෙනීම දුර්වල නොවී තබා ගැනීමට ද මතස්‍ය තෙල් ප්‍රයෝජනවත් වේ.
පර්යේෂණය සිදුකළ ආචාර්ය කිප් කෝර්නර් පවසන්නේ මාළු කෑමට එක්කැරගැනීමෙන් ලැබෙන පෝෂණය පෙනීම ආරක්ෂාකිරීමට ප්‍රමාණවත් ද යන්න කිව නොහැකි බවයි. මෙම අධ්‍යනයේ ප්‍රධානි පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් බිකර් පවසන්නේ තම මාළු ආහාරයට ගැනීමෙන් මොලයේ මතකය සහ දැනීම ඇති කරණු ලබන ප්‍රදේශ පුළුල් වන බවයි.
විද්‍යාඥයින්ගේ ගණනයට අනුව වර්ෂ 2040 වන විට වැඩිහිටි වයසේ දි මතකය නැති විමේ රෝගය වැළදීමට හැකි පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 800ක් දක්වා වැඩිවීමට නියමිතය. මේ සඳහා මාළු කෑමට ගැනීම හොඳ පිළියමක් බව පර්යේෂකයෝ පෙන්වාදෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් මේවා කන්න සල්ලිත් එපැයි (නි)
ගාණ ඇහුවාම මොලේ විකල් වෙනවා ! (අ)
මේ කියන කතාව බොරුවක් නෙවෙයි. ජපානය, කොරියාව වගේ රටවල් මේකට හොඳම උදාහරණ. එච්චර එහාට යන්න ඕනත් නැහැ. අපේ රටේම උදාහරණ තියනවා. අපේ රටේ මුහුදුකරයේ ජීවත්වන ජනතාවගේ බුද්ධිබලය රට අභ්‍යන්තරයේ ජීවත් වන ජනතාවට වඩා ගොඩක් ඉහලයි. එකට හේතුව අයඩින් මිශ්‍ර මුහුදු මාළු වර්ග ඔවුන් නිරන්තරයෙන් අනුභව කිරීම මගින් ශරීරයට ලැබෙන මුහුදු මාළු වල පමණක්ම විශේෂයෙන් අඩංගු වෙලා තියන ඛණිජ වර්ග සහ මුහුදු මාළුවල අඩංගු මේදය. මතක ශක්තිය වර්ධනයට මාළු තෙල් විශාල වශයෙන් උපකාරී වෙනවා. මතක ශක්තිය අඩුවීමේ රෝගවලට වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන්ම නිර්දේෂ කරන බෙහෙතක් තමා මේ මාළු තෙල් කියන්නේ. (අ)
කළුතර ඇමතිලා සෙට් එක දැක්කම එ් බව පේනවා (නදී)
එතකොට, මාළු අල්ලන හා කන මිනිස්සුන්ගේ මොලේ කොහොමට තියෙන්න ඕනද? (අ)
අනේ හේවාවිතාරණ මහත්මය පව්කාරයෙක් වුනාට අපි ඒව කරන්නෙ නෑ. මොළේ තරම හිතාගත්තැකි . තමුන්ගෙ මොළේ තියේද බලන්න අහිංසක සතකුගෙ ජීවිතේ අනුභව කරන්නේ ඇයි. (අ)
අපේ රටේ හැමදාම තුන්වේලට මාළු කන අය මන් දැකල තියනව එත් ඔය කියන විදියට මොලේ වර්දනය වීමක් වෙනවා ද කියන එක ප්‍රශ්නයක්.... ?? (දී)
අපි හැමදාම තුන්වේලටම මාළු කනවා. (නි)
කාගේද ? විමල්ගේ මොලේද ? (නදී)
අනෝමා හරියට මාලු කන්නේ නැතුව වගේ කතා කරන්නේ (නදී)
මේක මහා පුදුම වැඩක්නේ අපේ සීයල අපිට මේවා කියා දුන්නේ (නදී)
අනෝමා ඔයාට ඇග තිබ්බට මොලේ නැහැ (නදී)
අනේ මාළුවා පවු නැද්ද? (නි)
අසිත, කොරියන් මිනිස්සු බල්ලන්, ගැරඬි, කබරයින් එහෙමත් කනවා. අමුවෙන් කෑම හානිකර වෙන්න පුළුවන්. පිසීම නිසා පෝෂණයේ සුළු අඩුවක් වුණාට බොහෝ අහිතකර රසායනික වියෝජනය වෙලා යනවා. (නි)
අපේ රටේ උදවිය මාළු කන තරමට ගොඩක් හොදයි එහෙනම්..(අ)
කතාව ඇත්ත වෙන්න පුලුවන්.මේ කොරියවෙත් මිනිස්සු ගොඩක් මාළු කනවා.එයාලට නිර්මාණ හැකියාව,මතක ශක්තිය හා ශරිර ශක්තිය ගොඩක් වැඩියි.මෙයාල තෝරා වගේ මාළු ජාතියක් අමුවෙන් සෝස් ගාගෙන කනවා හරි රසයි.ලන්කිකයොත් දැන් ගොඩක් ඒක කනවා. (දී)
මොළයක් තියේන ම් තවත් අහිංසක සතකුගෙ මාළු කන්නෙ නෑ ඉතින් වැඩෙන්න මොළයක් නෑනෙ(නදී)
කුකුල්මස් හරක්මස් උෟරු මස් කෑවම වෙන්නේ තෙල් වැඩිවෙලා ලෙඩ වැඩි වෙන එක. කොල්ස්රෝල් හැදෙන්න ප්‍රදාන හේතුව මේ දේවල් ආහාරයට ගැනීම (නදී)
ලෝකේ වැඩියෙන්ම මාළු අනුබව කරන රට ජපානයයි !! ඔහුන්ගේ නිර්මාණ හැකියාවන් වැඩිවෙමට හේතුව අයඩින් මිශ්‍ර මහුදු අහර වැඩියෙන් ගැනීම බව විද්වතුන්ගේ මතයි !!(දී)
බන්දුල පෙරේරාට කියන්න ඕනේ හැමදාම මාළු කන්න කියලා.බලමුකෝ, එහෙමවත් මොලේ පැදෙයිද කියලා......දැන් නම් මතකය නැත්තටම නැති වෙලා තියෙන්නේ..... (දී)
දවස් දෙකකට සැරයක්වත් ලංකාවේ කට්ටිය මාළු කනවනේ. (දී)
සත්තු මරන්න එපයි කියල නේද බුදු දහමේ කියන්නේ. කවුරුත් මරාපු සතෙක් කන්න එපා කියල නැහැනේ. (දී)
ප්‍රෝටීන් වැඩියෙන් ගන්න ඕනේ (දී)
බෞධයින්ට මොන මාළුද බොලවූ... (දී)
සත්තු මරාගෙන කෑවහම මොලේ වැඩෙනවද (දී)
මුදු මාළු කන්න පුළුවන් ඇත්තන්ට හොදයි, අපිට කන්න වෙන්නේ අපේ මාළුම තමයි දැන් මාළුවල ගානේ හැටියට (අ)
දැන් මාළු කන්ඩ බැහැ මගේ නෝනා කියනවා හරි ගණන් කියාමොනා කරන්ඩද ඔහොම ඉමු. අැස් දෙක පේන්නේ නැති උනොත් පාරේ ඉදන් හොද ගානක් හොයා ගන්ඩ පුළුවන්. (අ)