මෑත ඉතිහාසයේ සිදුවූ ප්රබලතම ගැමා කිරණ විහිදුමක් පසුගියදා නිරීක්ෂණය කිරීමට හැකි වූ බව නාසා ආයතනයේ විද්‍යාඥයින් කියයි.
පෘථීවියෙන් ආලෝක වර්ෂ කෝටි 370ක දුරින් සිදුවී ඇති මෙම කිරණ විහිදුම හදිසියේවත් ඊට වඩා මදක් මෑතින් සිදුවුයේ නම් පෘථීවිය මේ වන විට දැවී අළු වී තිඛෙනු ඇති බව කියැවේ.
ගැමා කිරණ විහිදුමක් සිදුවන්නේ තරුවක් මිය යන විටදීය.විද්‍යාඥයින් පවසන ආකාරයට තරුවේ අංශු ඝණත්වය වැඩි වන තරමට එය මියයන අවස්ථාව එළැඹෙද්දී එයින් නිකුත් වන ශක්තියද ඉහළ යයි.තරුවක් මිය යන විටදී මහා පිපිරුමක් සිදුවන අතර ප්‍රබලත්වය අනුව නෝවා හෝ සුපර්නෝවාවක් ලෙස එය හදුන්වනු ලබයි.පිපුරුමෙන් පසු මෙම නෝවාවෙන් හෝ සුපර්නෝවාවෙන් විහිදෙන ශක්තිය විද්‍යුත් චුම්භක විකිරණයන් ලෙස ආලෝකයේ වේගයෙන් අභ්‍යාවකාශය පුරා විහිදේ.ගැමා කිරණ විහිදුමක් ලෙස හදුන්වන්නේ මෙවැන්නකි.
නෝවාවක හෝ සුපර්නෝවාවක දර්ශනය මල්වෙඩි සංදර්ශනයක් හා සමාන වන අතර විද්‍යාඥයන්ට අනුව නම් මෙවර ඔවුනට දැක ගත හැකිව තිඛෙන්නේ සියවසේ මල්වෙඩි සංදර්ශනයයි.
මියගිය තරුව සූර්යයා මෙන් 30 ගුණයක පමණ බරකින්ද සුර්යයාට වඩා ඉහළ ඝණත්වයකින්ද යුතු වූ වුවක් හෙයින් මෙසේ ප්‍රබල ගැමා කිරණ විහිදුමක් නිරීක්ෂණය කිරීමට හැකි වූවේ යැයි නාසා විද්‍යාඥයින් පවසයි.
මෙවන් මහා පිපිරුම් අභ්‍යාවකාශයේ ඇති තරුවල උපත හා විපත තීරණය කරන්නන් වේ.
පෘථීවිය ඇතුලූ අප සෞරග්‍රහ මණ්ඩලයද ඇතිවන්නට ඇත්තේ මෙවන් මහා පිපිරුමකිනැයි යන්න විද්වත් මතයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර ,ලස්සනයි අදහස ,මෙයාල මේ දුවන්නේ ආශ්චර්යමත් රටේ හම්බ කරන දේ කොහොමද පොදි බැඳ ගන්නේ කියලනේ ....ඔහොම යන්න දෙන්න.. (නදී)
මේ ලිපිය ගොඩක් වැදගත්.(නදී)
නිමල්, "ඔයා නාසා එක කියන හැම දේම හරි කියලද හිතන්නේ? හැමදේම හරි නම් මොකද නාසා එක කියන දේවල් කාලෙන් කාලෙට එයාලම වෙනස් කරලා අලුත් කතන්දර කියන්නේ? කියන හැම දෙයක්ම හරියට හරි නම් ටික කාලයක් ගියාම කලින් කියපු මතය වෙනස් කරලා අලුත් මතයක් ඉදිරිපත් කරන්න ඕනේ නැහැ නේද? (ස) " නසා ආයතනය තාක්ෂණයේ දියුනුවත් සමග අලුත් තර්කයක් ඉදිරි පත් කරනවා අපි තමා විද්‍යාවේ උපතත් එක්ක ඉන්නේ, ඒක නිසා අතිතයේ සහ වර්තමානයේ හිටපු සහ ඉන්න විද්‍යාඥයින් ඉදිරිපත් කරපු මතයක් සමග සංසන්දනාත්මක කිරීමෙන් තම නව තර්කයක් බිහි වෙන්නේ. උදාහරනයෙක් බලන්න සමහරු කියනවා ලෝකය දෙවියන් විසින් මවන ලද්දක් කියලා. එත කොට මේ මතය බලන්න " මෙවන් මහා පිපිරුම් අභ්‍යවකාශයේ ඇති තරුවල උපත හා විපත තීරණය කරන්නන් වේ. පෘථීවිය ඇතුලූ අප සෞර ග්‍රහ මණ්ඩලයද ඇතිවන්නට ඇත්තේ මෙවන් මහා පිපිරුමකිනැයි යන්න විද්වත් මතයයි" මේ කියන්නෙත් දැන් ඉන්න විද්‍යාඥයින් තමයි. එතකොට මේ විද්‍යාඥයින් අදහන ආගම මොකක්ද ? බෞද්ධ නොවන අය දෙවියන් මේ හැම දෙයක්ම බිහිකරා කියනවා. ඒක නිසා තමයි නාසා ආයතනයේ විද්‍යාඥයින් පැරණි මතයන් නැවත නැවතත් අලුත් මුනුවරක් ගන්නේ. දෙවියන් මේ ලෝකේ හිටිති නමුත් දෙවියන්ගේ කාර්යක් මෙහි නැත. තමන්ගේ මතයක් ඇතිකිරීමට මිනිසාට නොයෙකුත් දේ කියනවා. මේ පිළිබද ඕනෑම තර්කයකට මම සුදානම්.(නදී)
අනේ අම්මෝ! (නදී)
මොහමඩ් හප්සාල්, ආලෝක වර්ෂයක් කියන්නේ මොකක්ද කියල දැනගෙන කතා කරොත් හොඳයි. බණ්ඩාර කියලා තියෙන දේ හරි. ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය තත්පරයට කිලෝමීටර 330,000(දල වශයෙන්) ගණනේ අවුරුද්දකදී ගමන් කරන දුර. මේ පිපිරුම වෙලා තියෙන්නේ දැනට අවරුදු කෝටි 370 කට ඉස්සර. ඒ පිපිරුමෙන් විහිදුනු ආලෝකය දැන් තමයි අපිට පෙන්නේ, මොකද අපිට යමක් පෙන්න ඇසට ආලෝකය පතිත වෙන්න ඕනේ. අවරුදු කෝටි 370 කට ඉස්සර සිදු වුනත් ඒක අපිට බලපාන්න හේතුව තමයි ඒකෙන් විහිදුනු හානිකර ශක්තිය ගමන් කරන දුර ප්‍රමාණය. දුර ප්‍රමාණය වැඩි වෙද්දී ශක්තිය හීන වෙනවා. හරියට පිපුරුම කේන්ද්‍ර කරගත්ත ගෝලයක් වගේ පරාසයක් කියල හිතන්න. අපි ඉන්නේ ඒ ගෝලීය අවකාශයෙන් යන්තම් පිටත නිසා තමයි "කිරණ විහිදුම හදිසියේවත් ඊට වඩා මදක් මෑතින් සිදුවුයේ නම් පෘථීවිය මේ වන විට දැවී අළු වී තිඛෙනු ඇති බව කියැවේ" කියලා මේකේ කියල තියෙන්නේ. මේ කියන පිපිරුම වගේ මීට වඩා විශාල පිපිරුමක් මීට එහායින් දැනට අවරුදු කොටි 370 කටත් කලින් සිද්ධ වෙලා තියෙනවා කියල හිතන්න. සමහර විට ඒකෙන විහිදුනු ශක්තිය අපිට තාම ග්‍රහණය වෙලා නැතුව ඇති, සමහර විට එකේ හානිකර ශක්ති අවකාශ ගෝල පරාසය තුල අපි පිහිටලාත් ඇති. ටිකක් හිතලා බලන්න මට බැනල මෝඩ කොමෙන්ට් දන්නා කලින්.(නදී)
බුද්ධ දේශනාවට අනුව නම් සූර්ය මණ්ඩලේට දුර යොදුන් 50, සැ 800. චන්ද්‍ර මන්ඩලේට දුර යොදුන් 49, සැ 784. මේකට නාසා එකෙන් මොනවා කියයිද දන්නේ නැහැ. එයාලගේ මිනුම් ඔක්කොම බොරුවෙනවා. (නදී)
සුපෙර්නොවා පිපිරීමක් කියන්නේ සුර්යෙකුගේ අවසානය. එවන් දෙයක් එක දවසකින් වෙන දෙයක් නොවේ. අවරුදු දහස් ගනනක සිදුවීමක්. මෙවන් පිපිරුමකින් සුර්යාගේ ඇති මුළු ශක්තිය ඉතා සුළු කාලයකදී විහ්වයට නිදහස් වෙනවා. ඒ නිසා විශ්වයේ බොහෝ ප්‍රදේශයක් විනාශ වෙන්න පුලුවන්. ඒ වගේම එම සුර්යාගෙන් පසුව හැකිලීමට පටන් ගන්නවා. එවන් හැකිලුනු සුර්යකුගෙන් කිසිම ශක්තියක් පිට වන්නේ නැහැ. (නදී)
මධු,අමිල එදා ඉදන්ම ඕගොල්ලෝ කතෝලිකයෝනේ.ඉතින් මොකද ආපහු දෙවියන්ව විශ්වාස කරන්නේ? ඇයි මෙච්චර කල් විශ්වාස නැතුවද හිටියේ?විශ්වය දෙවියන්ගේ නිර්මාණයක් නොවේ. මෝඩයන්ට මෙය නොවැටහේ.(නදී)
"පෘතුවිය හැමදේකින්ම බේරී බේරී ඉන්න ලස්සන" කියන වාක්‍යයේ "පෘතුවිය" කියන වචනය වෙනුව ට ....... කියා යෙදුවේ නම් කොයි තරම් කාලෝචිත ද?(නදී)
ගයෂාන්, හොද පැහැදිලි කිරීමක් කරලා තියනවා. මෙතන කොමෙන්ට් කරන සමහර අය අපොස සාපෙලවත් කරලා නෑ වගේ. දැනට සොයාගෙන තියන තාක්ෂණයේ සහ විද්‍යාවේ හැකියාවන් මත අපි මෙම ගණනය කිරීම් සමහර උපකල්පන මත පදනම්ව සිට කරනු ලබනවා. මෙම ගණනය කිරීම් වල නිවැරදි භාවය අඩු වැඩි වීම් තාක්ෂණයේ දියුනුවත් සමග සිදුවේවි. එතකොට ඔය ආසා එකට විද්‍යාත්මක සොයා ගැනීම් වලට බනින කට්ටිය ලෙඩක් හැදුනම බටහිර බෙහෙත් ගන්නේ නැද්ද? මොකද වෛද්‍ය විද්‍යාවත් තාක්ෂණයේ දියුනුවත් සමග වෙනස් වෙනවා අලුත් බෙහෙත් එනවා සමහර බෙහෙත් භාවිතයෙන් ඉවත් කරනවා ....(නදී)
මොක උනත් කමක් නෑ සුටුස් ගාල මැරිලා යනවනම් දුක් විඳින්න වෙන්නැතුව.(නදී)
රික්තකයක් තුල ( හිස් අවකාශයේ ) දුර මනින්නේ කොහොමද ? දන්නේ නැති නිසා ඇහුවේ.(නදී)
බුදුන් වහන්සේ 2600 කලින් කිව්වේ නාසා කියන ඉර හද ගැන නෙවෙයි. චන්දර මණ්ඩල, සූර්ය මණ්ඩල පිලිබදව. (නදී)
මේ ලිපිය දැකලා වස්තුව පොදි ගහන මසුරු මිනිස්සු නම් හොදටම බය වෙන්න ඇති. (නි)
ලංකාදීපයට ගොඩක් ස්තුතියි මේ ලිපියට (නි)
එරා මල්ලී ,අපි හවසට හවසට ගහන අඩියට නාසා එකට ඉහළ දේත් පෙනෙනවා.මට පෙනෙන තරු ඔයා දැක්කොත් පුදුම වෙයි (නි)
දොන්සේතන්, නමෙන්ම බොහෝ දේ හිතාගන්න පුළුවන්. නාසා එකේ වෙබ් අඩවියට යන්න කරුණාකරලා (නි)
ඇති යන්තම්... (නි)
මම නම් හිතන්නේ නොදන්නා දේවල් කතා කරන්නේ නාසා එකේ අය කියලයි, හැමෝම දන්නවා නාසා එකේ ඉන්න අය හුග දෙනෙක් අදහන ආගම මොකක්ද කියලා. එයාලගේ ආගමේ විදිහට සියල්ල දෙවියන් මවන ලදී. නාසා එකේ අය එක එක බොරු කියල අදහන ආගම අතහරින්නේ නැහැනේ. ඒකේ තේරුම දෙවියන් මවන ලද බව විශ්වාස කරනවා කියන එකයි. නාසා එක කරන්නේ දෙවියන් මවල තියෙන දේවල් මොන වගේද කියල හොයන එක. අන්දයෝ අලියව අතගාල එක එක දේවල් කිව්වා වගේ නාසා එකේ අයත් එක එක දේවල් කියනවා. (නදී)
අපි ජීවත් වෙන්නේ 3 මාන ලෝකයක.නමුත් තවත් සමාන්තර විශ්වයන් තියෙනවා.මෙය අසන්න වශයෙන් සිදුවී තිබෙන්නේ මීට අවුරුදු කෝටි 370 පෙර නමුත් දැන් අපිට එය දැක ගත හැකිවී තිබෙන්නේ.දුරීක්ෂ වර්ග කීපයක් තිබෙනවා එඉන් 6 ප්‍රදාන වෙනවා. x -ray Radio සහ Infrared මෙවැනි දේවල් නිරීක්ෂණය කරන්නේ ම අන්තිමට සඳහන් කල දුරේක්ෂ වලින් අ සඳහා විශේෂ තාක්ෂණයක් යොදාගන්නවා.කෙසේ නමුත් තවමත් විද්‍යාඥයන් හිතන් නේ විශ්වය මහා පිපුරුමකින් ඇතිවුණන කියල නුමුත් බහුතරය එය දෙවියන්ගේ නිර්මනයක්ය කියන එක අත්හරින්න අපොහසත් වී තිබෙනවා.ඇතටම මට කියන්ඩ තියෙන්නේ නිකන් නොදන්නා දේවල් කතා නොකර ඉන්න කියල.ස්තුති (අ)
නාසා එකේ ඉන්න විද්‍යාඥයෝ බහුතරයක් පවා තාමත් පිළිගන්නවා සියල්ල දෙවියන් වහන්සේ විසින් මවන ලද බව. (නි)
අපිට අපේ හිරුගෙන් ආලෝකය එන්න විනාඩි 8කුත් තත්පර 20ක් ගතවෙනවලු, ඊළගට ආසන්නයෙන්ම තියෙන තාරුකාව ඇල්ෆා සෙන්චරිලු එකෙන් ආලෝකය එන්න වර්ෂ හතරක් විතර යනවලු, හිරු එලිය එන්නේ පැකට් වශයෙන්ලු එක තේරුම් කරන්න අමාරුයි මටත්.. ඒ පැකට් කතාව අනුව සන්නිවේදන තාක්ෂණය දියුණු කරන්න පුළුවන් වෙලා තියෙනවලු.. (අ)
තාරක විද්‍යාව ගැන ඉගෙන ගන්න නම් චාර්ල් සගන් කියන මහත්තයාගේ 'චොස්මොස්' කියන රූපවාහිනී වැඩසටහන බලන්න. කවුරු හරි මහත්තයෙක් ඉන්නවා නම් එය සිංහලට පරිවර්තනය කරලා ලංකාවේ රූපවාහිණී නාලිකා වල පෙන්නන්න. ලංකාදීපයට මේ දේ කරන්න පුළුවන් වෙයි.(නදී)
ප්‍රතිචාර කියවලා බලනකොට ලංකාවේ අපේ යාළුවන් ගොඩක් දෙනෙක් තවම ජීවත් වෙන්නේ අවුරුදු 100 විතර කලින් කාලයක. සන්තෝසයි ගොඩක් අයට විද්‍යාව ගැන දැනුමක් තියන එකට. මම විශ්වාස කරන්නේ විද්‍යාව,තාක්ෂනය,බෙහෙත් විතරයි. . එහෙම නැත්නම් මේ වෙනකොට මනුෂ්‍ය ජාතිය වඳ වෙලා ගොඩක් කල්. ඒත් තාක්ෂණයත් අපේ පැවැත්මට තර්ජනයක් වෙලා තියන්නේ. මිනිස්සුන්ගේ වැරදී සිතුවිලි නිසා.(නදී)
එතකොට අර පහුගිය දවස්වල ලෝක විනාසේ ගැන කියවුන කතාවේ සම්බන්ධතාවයක් මෙයට ගෑවි තියෙනවා නේද? (නදී)
ලෝක විෂය අචින්ත්‍යයි කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නේ. යමෙකුට ලෝකය තේරුම් ගන්න ඕන නම් තමන්ව තේරුම් ගත්තාම හොදටම ප්‍රමාණවත් බවයි දේශනාව. විද්‍යාව කියන අද කියන දේ හෙට වෙනස් වෙනවා. ඒවන තුරු අපි ඇත්තයි කියල හිතන් ඉන්නවා.(නදී)
ඒරා, ඔයා දැන්ද අවදිවුණේ? අවිද්‍යා කියන කථාව ඇත්ත (නි)
දෙවියන්ට ස්තූතියි! (නි)
ගයෂාන් ටත් ස්තුතියි ලංකදීපයටත් සිතුතියි නමුත් අදහස් දක්වන වැඩි දෙනාට තියෙන්නේ ටිකිරි මොළ බව පේනවා ......(අ)
අනේ මේ අවුරුදු 80 ක් ජිවත් වන්නේත් අමාරුවෙන් . බොරුවට විශ්වයක් ගැන හොයල මොනාද නසා මේවෙනකොට වෙනස් කලේ ? තමුන් ගැන හොයාගෙන හොදින් ජිවත් වෙන්න .(අ)
ලොකු අහල තිබ්බ ආලෝකයේ වේගය මනින්නේ කොහොමද කියල. මේක මුලින්ම නෝට් වුනේ ඔලේ කියන විද්යාඤයාට. එයා බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයෙක් අධ්‍යනය කරා . නමුත් මේ උපග්‍රහයා හැමදාම කක්ෂයේ සුළු වෙනස්කම් ඇතුව ගමන් කරා. සාමාන්‍යයෙන් එලෙස වෙනස් කම් වෙන් නෑ. මේකෙන් තමයි ආලෝකයේ වේගය ලෝකයට තේරුම්යන්න පටන් ගත්තෙ. අවුරුද්දේ එක එක කාලවලදී පෘතිවියත් බ්‍රහස්පති ග්රහයත් අතර දුර වෙනස්. ඒ අනුව බ්‍රහස්පති ග්‍රහයාගේ ආලෝකය අපට පැමිණෙන්නට ගත වන කාලයත් වෙනස්. ඒක තමා සිද්ධිය සරලව කියනවනම්. ඈත තරුවකට දුර මනින්නේ එම තරුවේ දීප්තිය හා වර්ණය උපයෝගී කරගෙන. වර්ණය මගින් තරුවේ ප්‍රමාණයත් , එම ප්‍රමාණයට සාපේක්ෂව පවතින දීප්තිය මගින් තරුවට ඇති දුරත් ගණනය කරනවා.(අ)
මොනවද අනේ ඔය ගොල්ලෝ මරාගන්නේ නසා කියනවා ආලෝක කියනවා මේ ඔන්න ඕක ඔය පාලු දිහාකටදානකෝ (අ)
නිමල් කියන මොඩය ඇරෙන්න අනිත් සේරටමත් ලංකදීපයටත් ස්තුති...(අ)
ගයෂාන් ක්වුවා හරියටම හරි. මීට අවුරුදු කෝටි 370කට කලින් වෙච්ච දේ තමයි අද මේ දැකලා තියෙන්නේ. ආලෝකය වර්ෂයක් දුර තියෙන දෙයක් දකින්න අපිට එක වෙලා අවුරුද්දක් ඉන්න වෙනවා. (නදී)
අනේ ඕක තව ටිකක් මෙහායින් සිද්ධ උනේ නැහැනේ........... (ස)
බණ්ඩාර හරියට සිංහල කියවන්න. මේක වෙලා තියෙන්නේ පෘතුවියේන් ආලෝක වර්ෂ කෝටි ගානක් එහායින් .(ස)
පෘතුවිය හැමදේකින්ම බේරී බේරී ඉන්න ලස්සන. (නි)
නිමල් ඔය හරි, මේකත් හඳට ගිය කතාව වගේ එකක්ද දන්නේ නෑ. (ස)
නිමා සහ සූරා මම නම් බැලුවේ හොරස්කෝප් එකෙන් ඕගොල්ලොත් බැලුවා නම් පේනවනේ. (ස)
මේ කියන පිපිරුම වෙලා තියෙන්නේ දැනට අවරුදු කෝටි 370 කට ඉස්සර. (ස)
සුරංග, ඔයා නාසා එක කියන හැම දේම හරි කියලද හිතන්නේ? හැමදේම හරි නම් මොකද නාසා එක කියන දේවල් කාලෙන් කාලෙට එයාලම වෙනස් කරලා අලුත් කතන්දර කියන්නේ? කියන හැම දෙයක්ම හරියට හරි නම් ටික කාලයක් ගියාම කලින් කියපු මතය වෙනස් කරලා අලුත් මතයක් ඉදිරිපත් කරන්න ඕනේ නැහැ නේද? (ස)
නිමල් කියන මෝඩයා හොඳ කතාවක් කියලා තියෙනවා.මෙයා නම් පට්ට මෝඩයෙක්. ස්තූතියි ලංකාදීපය. (ස)
බොහොම සතුටුයි. (ස)
ඉතාම ලස්සන කතන්දරයක් ..ආලෝක වර්ෂයක් කියන්නේ එදිනෙදා වේලාවෙන් මොන වගේ කාලයක්ද ? මට නම් නිකන් පිස්සු වගේ. ..(ස)
ලංකාදීපයට ස්තුතියි. (ස)
වෙන්න තියෙන දේ වලක්වන්න බෑනේ. ඕනෙම දේකට සුදානමෙන් ඉමු.මිනිසුනේ ධර්මානුකුලව හැසිරෙන්න. එවිට ඔය මොන දේටත් සතුටෙන් මුහුණ දිය හැක. (ස)
ලස්සනට ගොතපු කතන්දරයක්. කවුරුවත් ආලෝක වර්ෂ කෝටි 370 ගිහින් බලන්නේ නැහැනේ ඇත්තද කියලා. (ස)
දෙවියෝ තවත් මේ දේවල් මොනවට කරනවද මන්දා. විනිශ්චය දෙන දිනය වෙනකම් ඉවසන්න බැරිද? (නි)
නොදන්නා දෙයක්. ලංකාදීප පුවත්පතට ස්තුතියි (නි)
හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතිය පුදමි (නි)
ඔය ටික වෙනකම් තමා මේ සියළුම නැටුම් (නි)
බණ්ඩාර හරි. ආලෝක වර්ෂ 370 ක් කියන්නේ දුරක් වගේම කාලයක් කියන දෙකම හරි. නාසා එකට බැණ බැණ ඉන්න එපා. ඒගොල්ලන්ගේ වෙබ් අඩවියේ විශ්වය ගැන නව සොයාගැනීම් නිතරම පළ කරනවා. (නි)
අවිද්‍යා, මෝඩ කතා කියන්න එපා.සුනාමිය එනකම් අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් මුළු ලෝයෙම දන්නවා. අපි විශ්වය ගැන දැනගෙන ඉන්න ඕනෑ. බුදුහාමුදුරුවෝ ඉර හද තාරුකා ගැන දැනගෙන හිටියේ දැනට අවුරුදු 2600 කට පෙරයි. (නි)
මට පෙනෙන්නේ මොහොමඩ්ට සිංහල තේරෙන්නේ නැහැ වගේ. බණ්ඩාර කියලා තියෙන එක හරි. මේ පිපිරීම වෙලා තියෙන්නේ අවුරුදු කෝටි 370 කට පෙර. ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය තත්පරයට කිලෝමීටර 330,000(දල වශයෙන්) ගණනේ අවුරුද්දකදී ගමන් කරන දුර. (නි)
ජාත්‍යන්තර පුවත් ගොඩක් පළ කරනවා නම් හොදයි (නි)
අවිද්‍යා, මමත් හැමදාම මේ අයට කියනවා (නි)
එතකොට මේ දේවල් වෙලා තියෙන්නේ අවුරුදු කෝටි 370කට පෙරද? (නි)
නිමල්, ඔයාගේ මොළේ තමයි මොළේ (නි)
මධූ,දෙවිකෙනෙක් ඉන්නවා තමයි.එය මම අත්දැකලා තිබෙනවා (නි)
පට්ට බොරුවක් හැම පාරම අපේ පෘතුවියට ලගින් යනවා කියනවා මේ ලෝකේ කවදාවත් විනාස වෙන්නේ නැ....(අ)
හොද ලිපියක්. ලංකාදීපයට ස්තුතියි.(නදී)
හොද ලිපියක්. ස්තූතියි (නි)
ආලෝක වර්ෂ සිය ගණන් ඈත තිබෙන අනතුරු හොයන අයට, හෙට අපේ ලෝකය තුළම වන භූමිකම්පාවක් කියා ගන්න නොහැකි වන අවස්ථා ගැන කණගාටුයි. අනවශ්‍ය වියදම් කියලා තමයි කියන්න තියෙන්නේ. (නි)
මෙවැනි දේවල් නිවැරදිව අර්ථ නිරූපණය කිරීමට අද හැකිවී තිබීමට හේතු කිහිපයක් තිබෙනවා. භෞතික විද්‍යාත්මක නීති/ගණිතය සහ ආලෝක වර්ෂ බිලියන 13.7 ක දෘෂ්ටි පරාසයක් නවීන දුරේක්ෂ මගින් පෘථීවියට දැකගත හැකි වීම. මෙහි ඇති ඡායාරූපයෙනුත් පෙන්නුම් කරන්නේ නියුට්‍රෝන තාරකාවක ගැමා කිරණ විහිදුමකි (නි)
අපි මොනවද විශ්වය ගැන දන්නේ? (නි)
ඕකනේ නොදන්නා දේට අපි හොට නොදා ඉන්නේ (නි)
මට නම් දැන් විශ්වාසයි දෙවිකෙනෙකු ඉන්නවා කියලා (නි)
ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය වර්ෂයකදී කොපමණ දුරක් ගමන් කරනවද කියන එකයි. ඉතාම විශාල ගණනක් (නි)