රෝහල් ගතවී සිටින දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා අසාධ්‍ය තත්ත්වයක පසුවන බව එරට ජනාධිපති ජාකොබ් සුමා නිවේදනය කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට බෙහෙවින්ම පිරිහී ඇතත් එය යහපත් තත්ත්වයට පත් කිරීම සඳහා වෛද්‍යවරුන් දැඩි පරිශ්රමයක නිරත වෙමින් සිටින බවද දකුණු අපි‍්‍රකා ජනාධිපතිවරයා කියා සිටී.
රෝහල්ගතව සිටින 94 හැවිරිදි මැන්ඩෙලාගේ සුවදුක් විමසීමට දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් සුමා සහ එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නියෝජ්‍ය නායක සිරිල් රමෝපාෂා පෙරේදා (24) ඔහු ප්‍රතිකාර ගන්නා රෝහලට ගිය බවද අප්‍රිකා රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව බීබීසී ලෝක පුවත් සේවය කියයි.
ගතවූ පැය 24ක කාලය තුළ 94 හැවිරිදි නෙල්සන් මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් පිරිහී ඇති බව මෙහිදී වෛද්‍යවරුන් එරට ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.
පෙනහලූ ආසාදනයක් හේතුවෙන් නෙල්සන් මැන්ඩෙලා ඉකුත් 8 වැනිදා පි්රටෝරියා හි රෝහලකට ඇතුළත් කර ඇති අතර ගත වූ මාස හයක් ඇතුළත ඔහු රෝහල්ගත කළ සිවුවැනි අවස්ථාව මෙය වේ.
මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමත් සමඟ මිලියන 53ක් පමණ වන දකුණු අප්‍රිකානු වැසියන් දැඩි කම්පනයට පත්ව සිටින බවද වාර්තා වේ.
මේ අතර නෙල්සන් මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඇමෙරිකා ධවල මන්දිරයේ දී අවධානය යොමුව ඇති අතර ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සලයේ ප්‍රකාශිකා කෙටිලින් හේචන් ප්‍රකාශ කළේ මේ සතිය අවසානයේ ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා දකුණු අපි‍්‍රකාවේ සංචාරය කිරීමට නියමිත බවත් එහිදී ඔහු මැන්ඩෙලාගේ සුවදුක් විමසීමට ද නියමිත බවය.
දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලා එදා මෙදා තුර ලෝකයේ පහළ වූ විශිෂ්ටතම නායකයකු ලෙස සැලකේ.
දකුණු අප්‍රිකාවේ වර්ගභේදවාදය තුරන් කිරීමටත් 1941 වසරේ දී එරට සුදු ජාතික පාලනය අවසන් කරමින් සාමකාමීව දකුණු අප්‍රිකාවේ ප්රජාතන්ත්රවාදී පාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මැන්ඩෙලා අති සුවිශේෂ කාර්යයක් ඉටු කළේය.
|
දකුණු අපි‍්‍රකානු වැසියන් දෙදෙනකු මැන්ඩලා ගැන සඳහන්ව තිබෙන පුවත්පත් වාර්තා කියවමින් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටත් මරණය පොදු වුවත් මේ අසහාය නායකත්වයට නිරෝගී සුව පතමි. (නි)
මම කැමතිම මිනිසෙක්. ඔබට ඉක්මනින් සුවය ලැබේවා !(නදී)
ගල් කුහරයක හිටියත්, අහසේ පැලක් බැඳගෙන හිටියත්, මුහුද මැද හිටියත් මරණින් ගැලවෙන්න බැහැ.ඒකයි සසර දුකක් බව බුදුරජාණන් වහන්සේ වදාළේ. (නි)
අදටත් දකුණු අප්‍රිකාව කියන්නේ කොටින්ගේ ක්ෂේම බූමියක්.. (නි)
සඳරුවන්, මම දන්නේ නැහැ ඔයා කොහේද ඉන්නේ කියල, නමුත් ඔයාගේ දහම් දැනුම ඉතාම ඉහළයි ඒවගේම හුඟක් සතුටුවෙනවා.(අ)
මට නම් ලංකාවේ නෙල්සන් මැන්ඩෙලා මහා සෙනවි සරත් පොන්සේකාකා මැතිතුමායි. ඔබ දෙපලම මට නොව මාගේ මාතෲභූමියට දැඩි සේ ආදරය කලාය එ නිසාම දග ගෙයි ලෑහ. තේරුවන් සරනයි.(නදී)
ශ්‍රේෂ්ට නායකයාණනි ,ඔබට තවත් කාලයක් අප අතර සිටීමට ,නිරෝගී සුවය ලැබේවා!(නදී)
කුඩා දරුවෝද, වියපත් මහලු අයද, නූගත් බාලයින්ද, බොහෝ සෙයින් උගත් පණ්ඩිතයන්ද ආදී සියල්ලෝම මරුවාගේ වසඟයට යන්නාහ. මාරයාට පරාද වන්නාහ. (නි)
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු! ඔබ ලෝකයේ පහල වුන සැබෑම මිනිසෙකි (නි)