දිය මත පාවෙන ප්ලාස්ටික් බෝල යොදාගෙන ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්රාන්තයේ පිහිටි ලොස් ඇන්ජලිස් ජලාශයේ ජලය රැකගැනීමේ උත්සාහයක ඇමරිකා බළධරයෝ යෙදී සිටිති.
අක්කර 75 ක් පමණ වපසරියක පැතිරෙන ලොස් ඇන්ජලිස් ජලාශයේ මතුපිට මේ වන විට තිබෙනුයේ මෙවන් ප්ලාස්ටික් බෝල ලක්ෂ 960 කින් සම්පූර්ණයෙන්ම වැසී තිබිණි. බෝල සමූහයක් මිස ජලාශයේ ජලය තිබෙන බවක් වත් මේ නිසා නොපෙනේ.
මෙයින් අපේක්ෂා කෙරෙනුයේ හිරු රැස් හමුවේ ජලය වාෂ්පීකරණයව යෑම වළක්වාගැනීමය. ඊට අමතව ඇල්ගී කි්රයාකාරකම් හා විවිධ රසායනික ප්රතිකි්රයා නිසා ජලය දුෂණයවීමද මෙම උපක්රමයෙන් මැඩපැවැත්විය හැකි බවත් සඳහන්ය.
වැඩකට නැති දෙයක් ලෙස පෙනුණ ද මෙම බෝල නිසා සැබෑවටම ජලය වාෂ්ප නොවී ආරක්ෂා වන බව කැලිෆෝර්නියා ප්රාන්ත බළධරයෝ කියති.
දීර්ඝ කාලයක් මුළුල්ලේ කැලිෆෝර්නියා ප්රාන්තය මුහුණදෙමින් සිටින ඉඩෝරය හමුවේ ජලය ආරක්ෂා කරගැනීමට මෙසේ අලූත්ම ආකාරයේ පියවර ගැනීමට ඔවුන්ට සිදුව ඇත
වැසි වැටේ යැයි ලකුණක් නොමැති වීම නිසා අවසාන ජල බිදුව දක්වාම ආරක්ෂා කරගැනීමට කටයුතු කරනවා විනා අන් කළ හැකි කිසි දෙයක් තමන්ට නොමැති බව ඔවුහු කියති.

![2B43A7A500000578-0-Around_20_000_polyethylene_balls_were_released_into_the_Los_Ange-a-13_1439314829196[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B43A7A500000578-0-Around_20_000_polyethylene_balls_were_released_into_the_Los_Ange-a-13_14393148291961.jpg)
![2B43A7AD00000578-0-The_release_of_the_final_20_000_of_96_million_black_shade_balls_-a-12_1439314828925[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B43A7AD00000578-0-The_release_of_the_final_20_000_of_96_million_black_shade_balls_-a-12_14393148289251.jpg)
![2B43A8C200000578-0-image-m-42_1439316322373[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B43A8C200000578-0-image-m-42_14393163223731.jpg)
![2B43A8EA00000578-0-image-a-39_1439316291581[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B43A8EA00000578-0-image-a-39_14393162915811.jpg)
![2B43A76600000578-0-A_total_of_96_million_black_shade_balls_have_been_released_by_of-a-15_1439314829357[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B43A76600000578-0-A_total_of_96_million_black_shade_balls_have_been_released_by_of-a-15_14393148293571.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාෂ්ප වුණේ නැත්නම් කොහොමද වැස්ස ලැබෙන්නේ (ම)
වසන්ත කාලයේ ලොස් ඇන්ජලිස් වල තිබෙන්නේ උණුසුම් වියළි දේශගුණයක්. ශීත කාලයේ තිබෙන්නේ ශීත වියළි දේශගුණයක්. එමනිසා මෙහි නෙලුම් , මානෙල් වැනි ශාක නොවැවේ. වාතයේ ජලවාෂ්ප ප්රතිශතය ඉතා අඩුය (නි)
දැක්කද මේ විලෙත් බිසෝ කොටුවක් තිබෙනවා. අපේ තාක්ෂණයත් භාවිතා කරලා (නි)
කවුරු හරි මහා විනාශකාරී තීරණයක් ක්රියාත්මක කරලා තියෙන්නේ(ම)
එරන්ද හේරත්,කීවා වාගේ විලක්,වැවක්,පොකුණක් දකින්නට ලැබීමත් වාසනාවක්. (ම)
එරන්ද හේරත් ඔබ හරි (ම)
එරන්දගේ අදහස ඉතා විශිෂ්ටයි (නි)
සමන්, නාමල්, මුහුදු ජලය වාෂ්ප වුණාමත් වැස්ස ලැබෙනවා .... (නි)
දන්නේ නැති නිසා අහන්නේ. බෝල දානවට වඩා කුඩා සිදුරු සහිත ඉටි රෙද්දකින් ආවරණය කරන්න පුළුවන්නේ. තවත් දෙයක්. කලුපාටට උණුසුම උරාගන්නවා වැඩියි නේද? (නි)
සොබාදහමට නොවන අවනත -ලොවේ කිසිවක් නැහැ (බ)
අපේ පැරණි රජ වරු මීට වඩා සොබාදහමට අනුකුලව ප්රයෝගික ක්රමයක් වර්ෂ දාස් ගානකට කලින් ක්රියාත්මක කළා. ඒ තමා පළල් පත්ර සහිත නෙලුම් , මානෙල් වගේ ජලජ පැලැටි රෝපණය කරලා මුළු වතුරම පත්ර වලින් වසාදමා ජලය වාෂ්පිකරණය අඩු කලා.පරිසරයත් ලස්සන වුණා මල් පිපුණාම එ් නිසා (ම)
නව සිතුවිලි නිර්මාණයන් රටක් පෙරට ගෙනයනවා.(ම)
අපේ අය බලාගෙන ඉන්නේ වැව හින්දෙනකම් හෝ හින්දවලා හරි නිදන් වස්තු හොයන්න හාරන්නි. (ම)
ලෝක පොලිස්කාරයාටත් දැන් එන්න එන්නම පාරිසරික ප්රශ්න වල බලපෑම වැඩිවෙනවා වගේ. (නි)
දර්ශ නියම කතාව, මෙහෙ එවුන් බලන් ඉන්නේ වැව හිඳෙනකම් (බ)
අසරණ වෙලා වගේ (නදී)
ලංකාවේ දේශපලුවෝ නම් බලාගෙන ඉන්නේ වැවක් හිඳෙනකම් හෝටලයක් හදාගන්න. පෙර රජවරු කරපු දේවල් වලට සම කරන්න මොනවද මේ වර්තමාන දේශපාලුවෝ කරලා තියෙන්නේ (නදී)