සුනඛයන් ආහාරයට ගන්නා වාර්ෂික උත්සවය තහනම් කරන ලෙස ඉල්ලා චීනයේ සත්ත්ව අයිතිය ක්‍රියාධරයන් අත්සන් මිලියන 11 කින් යුත් පෙත්සමක් භාර දී තිබේ.
යූලින් නම් එම උත්සවය මෙම මස අග ආරම්භ වීමට නියමිත අතර එහි මුලිකවම සුනඛ මස් අනුභව කිරීම සිදු වෙයි. යූලින් නගරයේ දී ආරම්භ වීමට නියමිත එම උත්සවයට විරුද්ධව බොහෝ පිරිසක් විරෝධතාවයකද නිරත වූහ. සමහර විරෝධතාකරුවන් තම සුරතල් බල්ලන්ද රැගෙන විත් තිබීම විශේෂත්වයකි.
මේ වන විට චීනයේ සත්ත්ව අයිතීන් වෙනුවෙන් ජනතාව තුල උද්යෝගයක් ඇති වෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කරයි. සතුන්ට හොඳින් සැලකිය යුතු බව ඔවුහු පෙන්වා දෙති. යුලින් උළෙලේ දී මරා දැමෙන බොහෝ සුනඛයන් සොරකම් කරන ලද සුනඛයන් බව විරෝධතාකරුවෝ පවසති.
මේ ගැන ලන්ඩනයේ ද පෙත්සමක් අත්සන් කර චීන තානාපති කාර්යාලයට භාර දීමට කටයුතු සිදුවෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගිය වසරේ තිබූ උත්සවයේදී සුනඛයෙකු මැරීමට පෙර මිලක්ද නියම කළ බවට සදහන් වේ.
මිනිස් පරිබෝජනය සදහා මිලියන 30 ක් පමණ සුනඛයින් ඝාතනය වන බවට ද චීනයේ මෙන්ම කොරියාවේ ද සුනඛ මස් ආහාරයට ගැනීම වසර ගණනක අතීතයක සිට පැවතෙන බවට ද සදහන් වේ. කෙසේ වෙතත් සුනඛ මස් ආහාරයට ගැනීම සෞඛ්‍යට හිතකර බව එම උත්සවයට සහය පළ කරන පිරිස් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නවත්තන්න ඕනේ.(හේ)
අපෝ බල්ලොවත් නොකන බලුමස් (අ)
ඇත්තෙන්ම හොද තීරණයක්. අමානුෂික විදියට මේ සුනඛයන්ව මරණ ගෝත්‍රික ක්‍රමය තහනම් කරන්න ඕනේ. (ර)
පහුගිය කාලේ අපේ රටෙත් කිසියම් පිරිසක් ගව ඝාතනයට එරෙහිව මහා රැල්ලක් දියත් කළා නේද? හරක් පීකුදු වල රස දැනිලද, කුකුල් මස් කරියේ හෝ දඩ මස් වල රසටද ඌරු මසේ රහ වැටිලද දන්නේ නැහැ මේ දවස් වල කට්ටියගේ වැඩි සද්දයක් නැහැ (බ)
රොෂාන්, ඒ පහුගිය කාලෙනේ. දැන් ඒවාට ඉඩ නැහැ. දැන් එළඹිලා තියෙන්නේ මත්පැන් සහ සිගරට් බොමින්, කුකුල් මස්, එළුමස් සහ හරක් මස් වල රස බලන අලුත් සමාජයක කාලයයි. (නි)
ඇයි බල්ලව විතරක් මරන්න එපා කියන්නේ? අනිත් සත්තු සත්තු නෙමෙයිද? ලොකු ගෙවල් වල හුරතලේට හදන හින්දද? දෙපා තියෙන මිනිස් සතාට වඩා අනිත් සත්තුත් බොහොම අහිංසකයි. (අ)
කන්න නම් ඕනෑ නැහැ. හැබැයි මුළු රටේම ඉන්න බල්ලො ටික මරලා දානවා නම් මම කැමතියි. පුදුම වදයක්. අනෙක ලෙඩ. (නි)
බල්ලා කියන්නේ මිනිසාගේ ආදිතම මිතුරායි. මිනිසුන්ට වඩා තමන්ගේ ස්වාමියට හිතවත් වගේම විස්වාසවන්තයි. (ර)
ජීවන්, බල්ලා කියන්නේ ඉතාමත්ම ගුණවත් අපේ හිතවත් සත්වයෙක්. (ර)