ඇමරිකාවේ චිකාගෝ නගරයේ මේ දිනවල කි‍්‍රයාත්මක පෝස්ටර් ව්‍යාපාරයක් වේ.එම පෝස්ටර් වල ‘‘ගැබ් ගත්‘‘ තරුණයින්ගේ ඡායාරූපයන් දැක්වේ.
මේ දුටු චිකාගෝ නුවර වැස්සන් මුලදී බියපත් වුවද පසුව සොයාබැලීමේදී හෙළිවූයේ මේවා පරිගණක මෘදුකාංග ආධාරයෙන් නිර්මාණය කර ඇති බවයි.විහිළුවක් සේ පෙනුනද මෙය පිටුපස ඇති පණිවුඩය නම් ප්රබලය.
පෝස්ටර් ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ චිකාගෝ නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි.දෙපාර්තමෙන්තු සංඛ්‍යා ලේඛන වලට අනුව නගරයේ බාලවයස් ගැබ් ගැනීම් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.තරුණියන් අනවසර ගබ්සා කිරීම් කරා යොමුවීමේ ප්රවණතාවක්ද තිබේ.
ගැහැණු පාර්ශවයට පමණක් අනවශ්‍ය ගැබ් ගැනීමක සියලූ බර දරාගෙන සිටීමට සිදුවෙතියි බොහෝ දෙනා සිතාගෙන සිටියද එය එසේ නොව පිරිමි පාර්ශවයටත් එකසේ බලපාන බව පෙන්වීම මේ පෝස්ටර් ව්‍යාපෘතියේ අරමුණයි.ගැහැණු පාර්ශවයට මුහුණ දීමට සිදුවන මානසික හා සමාජීය ගැටලූ වලට අඩු වැඩි වශයෙන් පිරිමි පාර්ශවයටද මුහුණ දීමට සිදුවේ.බොහෝ විට මෙවන් දේ සිදුවන්නේ නවයොවුන් තරුණයින් අතින් බැවින් ඔවුන් කෙරෙහි වන බලපෑම වැඩිය.
අනෙක් කරුණ නම් නාහෙට නාහන තරුණයින් යම් පමණකට හෝ බියපත් කිරීමයි.
සත්‍ය තත්ත්වය පෙන්වා දී අනවශ්‍ය ගැබ් ගැනීම් ප්‍රමාණය අඩු කර ගැනීමට චිකාගෝ සෞඛ්‍ය දෙපාර්තමෙන්තු බළධාරීන් අපේක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට කියන්නේ "අතීසාරයට අබුඩ ගහනවා කියල" ක්‍රමය හදන්නේ නැතිව අන්තිමට එලියට එන තැන වහන්න බෑ.විහිලු. (අ)
මොකද්ද තිසල් ඒ ක්‍රමය... හිරියට අපේ රටේ දැන් තියනවා වගේ අනර්ග ක්රමයක්ද.(ස)
මේ රූපේ මනෝ විද්‍යාත්මකව ලොකු බලපෑමක් හිතේ කරාවි. මේක දිහා දකිද්දීත් හිතට මොකද්දෝ වගේ.චිහ්... (නි)
ලංකාවට ඔය පෝස්ටරේ හොඳටම ගැලපෙනවා. දැන්ම එවන්න මෙහෙටත් කොපියක්. (නි)
කාලෝචිත පෝස්ටරයක්.(ස)
රිෂාර්ඩ් ඔයාලගේ පල්ලියට යවන්න, හොදටම ගැලපෙනවා. (නි)
දන්නවනේ වරුණ අපේ පල්ලිවල පොස්ටේර් තියා කිසිම රූපයක් නැති බව අතීතයේත් නැහැ අනාගතයේත් නැහැ.මන් හිතන්නේ ඔයාට හොඳයි වගේ. (ස)
ගැහැණියකගේ සියලුම වේදනාවන් දරා ගැනීමට පිරිමි පාර්ශවයට මේ නිසා හැකිවේද ? (නි)
අනේ අපිව නම් අල්ල ගන්න එපා ඕවා දෙවියන් වහන්සේගේ වැඩ.(නදී)
වරුණ, අත තිබ්බ පලියට මෝඩ අදහස් දාන්න එපා. තව කෙනෙක් අදහන ආගමකට හෝ තැනකට නිගා කරන්න එපා. බුද්ධාගමේ ඔහොම කියලා නැහැනේ. එහෙම නම් ඔබ බෞද්ධයෙක් නෙමයි. එහෙම නේද ? (නි)
එහෙනම් අර පෙට්ටියකට මුසල්මානුවන් වදින්නෙ මොකද? ඔවුන්ට සංකේතයක් නැතුව වදින්න බැරි නිසා නේද? (නි)
කොහෙවත් ප%ශ්නයකට ආගම්වලට බනින්නේ මොකද වරුණ. බුද්දීමත්ව වැඩකරන්න.(ස)
වරුණ ඔයා බෞද්ධ ආගමට නිගා දෙන්න එපා. කරන විහිළු වලට ආගම පටල ගන්න එපා.(නදී)
දේව ශාප.(නදී)
මදූ හරි.(නදී)