පැපුවා නිව්ගිනියාවේ ගම්මාන දෙකක් සම්පූර්ණයෙන්ම යට කරමින් සිදු වූ දරුණු නායයාමකින් පුද්ගලයන් හැටක් පමණ මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැවසීය.
දකුණුදිග පැපුවා නිව්ගිනියාවේ උස්බිම් පිහිටි ප්‍රදේශයක පෙරේදා(24) උදෑසන මෙම දරුණු නායයෑම සිදුවී ඇත. නායයෑමෙන් මියගිය පුද්ගලයන් හතළිස් දෙනකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර පුද්ගලයන් විසිදෙනකු අතුරුදන්ව ඇති බව සහන සේවකයෝ පැවසූහ.
‘නිවාස හතළිස් දෙකක් සම්පූර්ණයෙන්ම යට වී තිබෙනවා. මේ වන විට දිවි ගලවාගෙන ඇත්තේ පුද්ගලයන් කිහිපදෙනෙක් පමණයි. අනෙක් අය ව්‍යසනයට ගොදුරුවී තිබෙනවා.මියගිය පිරිස කොතෙක්දැයි තවමත් නිශ්චිතවම කියන්න බැහැ’ යනුවෙන් පැපුවා නිව්ගිනියා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මාර්ටින් මෝසි පැවැසීය.
අසල පිහිටි ස්වභාවික ගෑස් නිපදවන ඇමෙරිකානු තෙල් සමාගමක් ද නාය යෑම නිසා වසා දමා ඇති බව වාර්තා වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd