පුස්තකාලයෙන් ලබා ගත් පොතක් යළි භාරදීමට අතපසු කිරීම නිසාවෙන් සිරගෙදරට නියම වී සිටින තරුණයෙකු ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙනි.
ජෝරි එන්ක් නම් වන මේ තරුණයා තම අධ්‍යන කටයුතු වලට 2010 වසරේදී ප්‍රදේශයේ පුස්තකාලයෙන් ලබා ගෙන ඇති පොතක් යළි භාරදීම අතපසු කිරීම නිසාවෙන් මෙසේ සිරගෙදරට නියම වී සිටී.
පුස්තකාලයට පොතක් භාරදීමට අතපසු වීම යනු සිරගෙදරට යැවීමට තරම් වරදක් යැයි සිතීම විහිලූවක් වැනි වුවත් එසේ පොත් ආපසු භාරදීමට අපොහොසත්වන්නවුන් නිසාවෙන් ප්‍රදේශයේ පුස්තකාලවලට අධික වියදමක් දරා යළිත් නව පොත් මිලයට ගැනීමට සිදුවී ඇති තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් මෙසේ පොත් භාරදීමට අතපසු කරන්නවුන්ටත් නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ඇතිකිරීමට බළධාරීන්ට සිදුවූ බව ජෝරිට දඩුවම් නියම කළ විනිසුරුවරයා කියයි.
මෙසේ දැඩි දඩුවම් පමුණුවන්නේ පොතක් භාරදිය යුතුයැයි පුස්තකාලයෙන් කරන දැනුම්දීම් හිතාමතාම නොසළකා හරින පුද්ගලයින්ට පමණක් බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. කැම්පස් එකේ කට්ටියටත් දෙන්න ඕනි. සමහරු පොත් අරගෙන ගියහම මාස ගානක් තියාගෙන ඉන්නවා ........ (ස)
ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ස)
අනේ අම්මේ ඔය නීතිය නම් ලංකාවට ගේන්න එපා. එහෙම වුනොත් අපේ විශ්ව විද්‍යාල ළමයින් ගෙන්ම හිර ගෙවල් පිරෙයි.(නදී)
අනෙක් රටවල මිනී මරණ අයට සහ ත්රස්තවාදීන්ට ආරක්ෂාව ලබාදෙන අය තමන්ගේ රටේ අහිංසකයෙකුව හිරේ යවනවා, පුස්තකාලේ පොතක් බාර දෙන්න බැරි උනා කියලා ! මට නම් මේවට හිනා වෙනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නැහැ. පව් මේ හිරේ ගිය මනුස්සයා. (ස)
මේක නම් හරිම අසාධාරණයි. මෙයාට මේකට යම් මුදලක් නියම කලා නම් ඉවරයි. මොන අපරාදයක්ධ මේ වගේ තරුණයෙක් හිරේට යවන එක (ස)
ඇමරිකාවේ හිර ගෙවල් අපරධකරුවන් නැතුව හිස් වෙලා වෙන්න ඇති. (ස)
මිනීමරුවෝ,මංකොල්ලකාරයෝ,හොරු නිදැල්ලේ.පොඩි දෙයක් පුම්බා පෙන්වීමයි ඇමරිකන් ක්‍රමය. (දී)
මට නම් හිතා ගන්නවත් බෑ. (ස)
ලජ්ජා නැති කම ලෝකෙට ප්‍රදර්ශනය කරන තවත් අවස්තාවක්.(නදී)
ලංකාවටත් මෙම ක්‍රමය ගෙනාවොත් හොදයි. තවත් එකම පොතක් දීර්ඝ කාලයක් දීර්ග කරමින් තබාගැනීමද වැලැක්විය යුතුය. විශ්වවිද්‍යාල වල පොදු පුස්තකාල වල බහුතර පාඨකයන්ට දැනට පවතින ක්‍රමය නිසා නිසා අසාධාරනයක් වෙනවා.(නදී)
නන්ද, මොකා කිවේ? අපේ කැම්පස් ළමයි, සමාජවාදී,රටේ අද්යආඩාආඕආණාආ වැරදි පෙන්වන,හොදට යටි උගුරෙන් කෑ ගහන්න පුළුවන් ළමයි ටික්කක් හරිද.
පොත ඩොලර් 200 යි නඩුවට ලක්ෂයයි. හිර ගෙදරත් දවසේ කමට ඩොලර් 50 නවාතැන් ආරක්ෂාව..කොල්ලගේ අනාගතේ විනාසයි. මහා හොරු පාගා කාරයෝ නිදැල්ලේ..දෙයියෝ බලත්වා. ලෙඩා මලත් බඩ සුද්දයිලු ඔබාමා.(නදී)
ඕකත් පොතක්.(නදී)
ලංකාවට කුඩු ගේන අය එළියේ. කුඩු ගහන අය ඇතුලේ.(නදී)