සරුංගල් යැවීම සඳහා පාවිච්චි කරන කැපෙන සුළු චීන නූලක් භාවිතා කිරීම ඉන්දියා රජය තහනම් කරයි. මාන්ජා නමින් හැඳින්වෙන මෙම නූලේ වීදුරු හා ලෝහ තවරා ඇත්තේ සරුංගලය උඩට යෑමේ දී සරුංගය යන මාර්ගයට එන කුරුල්ලන් මැරීම සඳහා බව කියති.
නව දිල්ලියේ දී මෙම නූල භාවිතා කරමින් සරුංගල් යැවීමේ දී තුන් හැවිරිදි දැරියක කාරයෙන් හිස එළියට දැමූ අවස්ථාවේ නූල බෙල්ලේ පැටලී බෙල්ල කැපී මිය ගිය බවත් විසි දෙක හැවිරිදි තරුණයෙකු යතුරුපැදියෙන් ගමන් කරද්දී නූල බෙල්ලේ පැටලී යතුරුපැදියෙන් බිමට වැටී මියි ගිය බවත් නව දිල්ලි පොලිසිය කියයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන රටින් බාරනොගත්තත් මේවා ලංකාවේ බාරගන්නවා. (නි)
අපිත් පොඩි කාලේ මේවා කළා. එහෙම කළේ කුරුල්ලන් මැරීමට නොවෙයි, අපේ සරුංගල් පටලවා ගැනීමට එන අනික් සරුංගල් වලින් බේරීම සඳහා (නි)
මේක නුලේ වරද නෙවී සරුංගල් යවන අයගේ වරද මොකද මහා පාරේ සරුංගල් අරින්නේ (බ)
ජයසිරි, මහපාරේ නැතුව කොළඹ ළමයි වෙන කොහේ සරුංගල් අරින්නද? අපි එහෙම කළ නිසා කියන්නේ. ඒ කාලේ පාරේ හැම ලයිට් වයර් එකකම සරුංගල් පැටලිලා (නි)
දොම්පේ ප්රදේශයේදී සරුංගල් යවන්න ගිය කුඩා දරුවෙකු වැඩ අවසන් නොකළ නිවසක කොන්ක්රීට් තට්ටුවකින් බිමට වැටී මීට දින තුනකට කලින් අවාසනාවන්ත ලෙස මියගියා. මීට වසර කිහිපයකට ඉහතදී මෙම ප්රදේශයේම දරුවෙකු සරුංගලය පසුපස උඩ බලාගෙන ගොස් පාලු ළිඳකට වැටී මියගියා. ඒත් මේ දරුවන් මේවා පාඩමකට ගන්නේ නැහැ. (නි)
පොඩි වයසේදී සරුංගල් අරින්නේ නැතිනම් , ඒ ළමා වියෙන් වැඩකුත් නැහැ .මහළු වුණාම කොහොමත් සරුංගල් අරින්න බැහැනේ, මේවගේ අනතුරු කලින් හදුනාගෙන ,එවැනි අවදානම් දෑ වලින් දරුවන් බේරාගැනීම තම්මයි වැඩිහිටියන්ගේ වගකීම .(ම)