මිනිසාට ආදේශ කර තිබෙන උතුම් ගුණාංග සතුන් අතරේද තිබෙන බව පසක් කරන අපූරු සිදුවීමක් පසුගියදා ඉන්දියාවේ දුම්රිය මාර්ගයක් අසළ දැකගත හැකිවිය.
දුම්රිය මාර්ගයේ සිහිවිසඥව වැටී සිටි වඳුරෙක් විය.සිහිවිසඥව ඇත්තේ විදුලිය කවා තිබුණු දුම්රිය පීලි වල ගෑවීම නිසා බව පෙනුණි.
ඈතින් දුම්රියක් එන බව ඇසුණි.අසල සිටි ගසකින් බිමට පැන ගත් වඳුරෙක් වහ වහා සිහිවිසඥව වැටී සිටි තම සගයා අසළට පැමිණුනි.
අතගෑවද, සපා කෑවද, වැරෙන් සෙළවූවද සගයා නැගිටින සෙයක් පෙනෙන්නට නොවීය.අන්තිමේදී මිතුරාගේ සිහිසුන් සිරුර ඇදගෙන ගිය යහපත් වඳුරු තෙමේ එය දුම්රිය මග අසළ තිබූ වතුර වළකට හෙලීය.
උත්සාහය සාර්ථකය.සිහිසුන් වඳුරා සෙමෙන් අවදි විය.මිතුරා ඇඳීන ගත්තේය.
දුම්රිය දැන් ළඟ ළඟය.දෙදෙනාම පසෙකට පැන දිවි ගලවාගත්තේ අනූනවයෙනි.
දුම්රිය ගිය පසු නැවත වරක් දෙදෙනා දුම්රිය මාර්ගය අයිනේ හිඳගෙනය.පියවි සිහිය ලැබූ වඳුරා තම දිවිගලවාගත් මිතුරාගෙන් සම්භාහනයක් ලබාගනු දැකගත හැකිවිය.
මේ සිදුවීම වීඩියෝ ගත කිරීමට අසළ සිටියෝ කටයුතු කර කළහ.අන්තර්ජාලයට මේ වන විට එක්කෙරී ඇති එය දහස් ගණනක් දෙනා අතර හුවමාරුව ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගතිගුණ දැන් අපේ හුගක් දෙනා ලග නැහැ. දැක්කහම අහක බලාගෙන යනවා. සාක්කි කියන්න වේවි කියලා. (නදී)
සමහර සිව්පාවුන් ලඟ තියෙන ගතිගුණ අපි ගාව නැහැ (නදී)
කරුණාවන්ත වඳුරෙක්. තමන්ගේ යාලුවාගේ ජීවිතය ගලවා දුන්නේ මොනතරම් බුද්ධිමත් විදියට ද? ලංකාවේ මිනිස්සු නම් තව මනුස්සයෙකුට මොන දුකක් ආවත් කරන්නේ ඒක වීඩියෝ කරන එකනේ. උදව් කරන්නේ කලාතුරකින්.(දිල්)
අපි ලග නැති ගතිගුණ සමහර සතුන් ලග තියෙනවා. (ර)
නුඹ සතෙක් නොව මිනිසෙකි (නදී)
එහෙම කියන්ඩ එපා ,මොකද ලංකාවේ මිනිස්සු තරම් එකිනෙකට උදව් කරන කිසිවෙක් මේ ලොව නෑ.(හේ)
හරි හොඳ ගතිගුණ ඇති සතෙක් (අ)
මෙම ස්ථානෝචිත ප්රඥාව අගය කළයුතුය (නි)