වෙනත් ලියක සමග අයුතු ගමනක් යාමට ගොස් පෙම්වතියගේ අතටම හසුවූ චීන ජාතික පෙම්වතෙකුට දෙනෝදාහක් ඉදිරියේ ඇයගෙන් හොද හැටි පහර කෑමට සිදුවිය.
අනෙක් තරුණිය බලා සිටියදීම තම වංචාකාර පෙම්වතා වීදියේ දණ ගැස්වූ පෙම්වතිය ඔහුට පහර පිට පහර එල්ල කළාය.බලා සිටියවුන් පෙම්වතා බේරා ගැනීමට උත්සාහ කළත් එයට ඉඩ දුන්නේ ඇය නොවේ.
අවසන පොලිසිය පැමිණ පෙම්වතිය හා පෙම්වතා දෙපසට කළේය. පෙම්වතිය දැන් සිටන්නේ පොලිස් අත්අඩංගුවේය.පහර කෑමෙන් ලත් තුවාල නිසා පෙම්වතා සිටින්නේ රෝහල් ගතව ප්රතිකාර ලබමිනි.
පුදුමයට කාරණයක් වන්නේ වංචාකාර පෙම්වතා නොව පෙම්වතියගේ හැසිරීම බලාසිටියවුන්ගේ අප්රසාදයට ලක්වීමයි.
මෙම සිදුවීම වීඩියෝ ගත කර අන්තර්ජාලයටද එක් කිරීමට සිද්ධිය නැරඹූවන් කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කාට කාටත් හොද පාඩම් (නි)
අයියෝ! දණ ගසා සිටින කෙනාට ගහලා? ආත්ම ගරුත්වයත් නැතිකරලා... (නි)
බොස්ටෝන් විකිය පස්සට අදිනවා? මොකද හොරෙ..කුම්බල මාළු කාව නම් විඳපන් පුසෝ...කිව්වලු... (ත)
අනේ මේ මිනිහ ගිය සතියේ ඉස්ප්රිතාලේ හිටියේ මගේ වට්ටුවෙමයි ...එතකොට මේ සතියෙත් එහෙ..(දිල්).
හොද පාඩම (දී)
කාන්තාවන්ට ජය වේවා (දී)
අනේ ඉතින් දෙකයි නේ...අරාබියේ පහයි නීතියෙන්ම...කාන්තාවන්ට ජය වේවා අද කොමද ගිම්හානි ගෙදර යන්නේ...හම්බ වෙයි ගියාම. (දී)
මිනිස්සුන්ගේනැහැදියාව තමයි හැමදේටම මුල (දී)
මිනිස්සුන්ගේනැහැදියාව? එතකොට දන ගහල ඉන්නෙකාට ගහනෙක හැදියාව..අනේ මන්ද දිනුකා... (දී)
මගේ අම්මෝ, වැඩේ බරපතල කම තේරුනේ දැනුයි. (අ)
පොඩ්ඩක් ගුටි කෑවට කමක් නැහැ අර අපේ කෙනෙකුට ඊයේ පෙරේද කලා වගේ පාන්දරට කපල අතට දෙන්නේ නැතුව..(අ)
මං විතරද කන්නේ බොන්නෙ ... හොඳ හිතින්නෙ බෙදා කන්නෙ... ඇයි ඒකට වළ කපන්නෙ.... වපරෙන් ඇයි එය බලන්නෙ...( අපි අහිංසකයි) (නි)
පෙත්තෝ, එන්න එපා ඕවට හොදද? (නි)
ගැහැනුන්ගෙන් ගුටිකන පිරිමිද චිනයේ ඉන්නේ? මම හිටියා නම් නංගිගේ සායම ඉවරයි. (නි)
චන්දි, අනේ ඇත්තටමද? "එන්න එපා ඕවට හොදද?" තිස්තුන් කෝටියම දෙවිවරු බලන්නේ... පෙත්තා කොතැන කොහොමද දැන් ලගින්න්නේ.. (නි)
ඔන්න කෙල්ලනේ විදෙස රටකින් හොද ආදර්ශයක් හැකි නම් ඔබටත් හැකි ඔබේ පෙම්වතා හොද මගක යාමට පෙර කියල දෙන්න .කාන්තාවන්ට හොද ආදර්ශයක් තහනම්.කොල්ලා අපේ එකෙක් නෙවේ එනිසා ගුටිකනවා පව් ගන්න ආදර්ශයට හදාගන්න ජිවිතේ.ස්තුති (දී)
මේ පෙම්වතා නම් හැබෑ පිරිමි කෙනෙක්, කළ වැරැද්ද පිළි අරගෙන , දඬුවමත් විඳගෙන ඔහුට දඬුවම් කළ ගැහැණු කෙනාට අතක් නොඉස්සු ඔහුට මගේ ගෞරවය !(දිල්)
අපේ ලංකාවේ උනානම් ගහ ගන්නේ ගැහැණු දෙන්න..!! (දිල්)
ගහගන්නේ ගැහැණු දෙන්නා නම් කමක් නැහැ. අනේ! කැත වැඩනේ අයියා (නි)
පෙම්වතාගේ හැසිරීම ලැජ්ජයි. (ත)
මේ චීනෙක් ද? නැත්නම් වෙන කෙනෙක් ද? (ත)
දැන් කාලේ ඉන්න පොඩි ළමයි ලෝක අවධානය ගන්න ඔය වගේ රඟපෑම් කරනවා .. මේකත් එහෙම එකක් ..
වරද වරදක් හැටියට පිළිගත් පෙම්වතෙක්. (නි)
හේරත්,දිසා,සරත් අයියණ්ඩිලා ප්රවේශමෙන් හොදේ. පේනවනේ අපේ කාන්තා පක්ෂය දරුණු වෙලා තිබෙන තරම! (නි)
මේක ඇත්තක්. මෙයිට වැඩිය ගොඩක් අය බලාන ඉද්දිම පෙම්වතෙකුට පහර දීපු පෙම්වතියක් මමත් දැකල තියෙනවා. (දිල්)
මටත් හිතෙන්නේ මේක රඟපෑමක් කියල (දිල්)
මගේ යාලුවෙක් ,මට බේරගන බැරිඋනා
ඔන්න ඔයාලත් පරිස්සම් උනොත් හොදයි ...?(දිල්)
මෙයා අමුතුම කෙනෙක් වෙන්න ඇති. නැත්නම් කෙල්ලගෙන් මෙහෙම ගුටි කයි ද? (ත)
මේක බොරු රගපෑමක් (දිල්)
මේක කසාද ගෑනිගේ අයිතිය....දන ගස්සල මදී...පුංචි තැනින් එල්ලලා තමයි යු ටියුබ් එකට දන්නා තිබුනේ... (ත)
අම්ම අප්පා කියාදිපුව අමතක කරන.(අ)
අනේ මෙහෙමත් පිරිමි? (නි)
කෙල්ල ගහනතුරු ඔහේ ඉන්නට ඇත්තේ මේ කොල්ලා ඒ කෙල්ලටත් ඇත්තටම ආදරේ ඇති. ආදරේ කරන කෙල්ලකගෙන් ගුටි කන එකත් එක්තරා සතුටක් වගේ දැනෙන්න ඇති. (නි)
මේක ආසියානු රටක ටෙලි සිනමා පටයක කොටසක් වගෙයි (නි)
කැමරාවට කරපු රංග පෑමක් වෙන්න බැරි නැහැ (දිල්)
වරදක් කළත් සිතකින් නොවේ (නි)
මං ඡායාරූප දකින්න පෙර හිතුවේ රූපයි,චන්දියි,දිසායි කියලා (නි)