අදින් වසර කොටි පහකට පමණ පෙරාතුව මිහිතලයේ සිටි යෝද ඩයිනෝසරයන් පරිනාමය වෙමින් නූතන කුරුල්ලන් බිහි වී ඇතැයි පර්යේෂකයන් පිරිසක් පවසති.
ඔවුන් කියා සිටින්නේ වර්තමාන ලෝකයේ දැකිය හැකි පක්ෂීන් ඩයිනෝසර පරිනාමයේ සජීවී සංකේතයක් බවයි.
වසර කෝටි 22 ට පෙරාතුව මිහිතලයේ සිටි දැවැන්ත ඩයිනෝසරයන් ඉන් වසර කෝටි 17 කට පසුව කුඩා සිරුරු දක්වා පරිනාමය විමෙ ආරම්භ වී ඇතැයි ඔවුන් පවසයි. ඒ අනුව පසුගිය කෝටි පහක කාලයේ දී දැවැන්තයන් හමිං බර්ඩ් වැනි කුඩා කුරුල්ලන් දක්වා ම පරිනාමය වී ඇති බව පැවසේ.
කුරුල්ලන්ගේ මුත්තා තෙරෝපොඩිස් නම් ඩයිනෝසරයෙක් බවත් ඔවුන්ගේ සිරුර ක්‍රමයෙන් කුඩා වෙමින් වත්මන් කුරුල්ලා දක්වා පැමිණි ගමන් මග ඩයිනෝසර පරිනාම ගසෙන් මනාව පිළිබිඹු වන බවත් ඔවුහු කියති.
ඔවුන් පවසන්නේ මෙය අසම්භාව්‍ය පරිනාමයක් බවයි. ඩයිනෝසරයන් රාශියක් මිහිමත සැරිසරන යුගයේ සිටි තෙරෝපෝඩා කණ්ඩයට අයත් මාංශ භක්ෂක කානිවෝරස්, ටයිරනෝසෝස්, වෙලාසිරැප්ටර් සහ ස්පිනෝසෝරස් ඇතුළු ජීවී විශේෂ කුරුල්ලන් ලෙස පරිනාමය වී ඇති බව ඔවුන් පෙන්වාදෙයි.
එසේ පරිනාමය වීමේ දී සිරුරේ පිහාටු ඇතිවීම, අත්තටු විකසනය වීම හා පපු අස්ථිය වෙනස්වී ඇතැයි ද පර්යේෂකයෝ කියති.
කුරුල්ලන් බවට පත්වූ ඩයිනෝසරයන් අනෙක් ඩයිනෝසරයන්ට වඩා වේගයෙන් පරිනාමය වි ඇතැයි පාෂාණිභූතවිද්‍යා ආචාර්ය ඩැරන් නේෂ් පවසයි.
ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලය, රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරය සහ සවුතම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් ඩයිනෝසර අස්ථි පද්ධති 426ක් විශ්ලේෂණය කරමින් මේ පරීක්ෂණය සිදුකැර ඇත.
ඩයිනෝසරයන්ගේ පරිනාමීය ගස
අතීතයේ විසූ තොරෝපෝඩිස් ඩයිනෝසරයකුගේ අස්ථි පද්ධතියක්
කුරැල්ලකු ලෙස අත්තටු හා පිහාටු සහිතව වර්ධනය වූ ආකියෝප්ටෙරිස් නමැති ඩයිනෝසරයාගේ පොසිලය. කිලෝ ග්‍රෑමයක් පමණ බරැති සත්ත්වයකු යැයි සැළකේ.
එම ඩයිනෝසරයාගේ මනඃකල්පිත සිතුවමක්
ඩයිනෝසරයන් කුරුල්ලන් ලෙස වෙනස් වී ගිය අයුරු
විවිධ ඩයිනෝසරයන් කුරුල්ලන් හා සසඳමින් සිතුවම් කැර ඇති ආකාරය
තොරෝපෝඩිස් වර්ගයේ ඩයිනෝසරයකු හා නූතන කුරුල්ලකු සංසන්ධනය කරමින්
තොරෝපෝඩිස් වර්ගයේ ඩයිනෝසරයකුගේ දතක් හා හමිංබර්ඩ් කුරුල්ලකු සන්සන්දනය කරමින්








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් දැන ගන්න ආසයි දෙවියන් මැව්වේ කව්ද , එතුමා කොහෙද ඉන්නේ කියල. නැතිනම් මේක මිනිස් මොලේ ඇති සංකල්පයක් විතරද කියල . දන්නැති හින්දයි අහන්නේ .(අ)
මට නම් හිතෙන්නේ අද සිටින රාජාලියා, උකුස්සා වැනි මාංශ භක්ෂක කුරුල්ලන් එදා සිටි ඩයිනෝසර් කුරුල්ලන්ගෙන් පරිණාමය වෙන්නට ඇති බවයි. කිඹුලා, කබරයා, තලගොයා, කටුස්සා, හුනා වැනි සතුන් මහා ඩයිනෝසරයන්ගෙන් පරිණාමය වී ඇති. (නි)
ඇයි ඔය කියන දෙයියෝ ලෝකේ මේ විදිහට මෙව්වේ?. හැම මිනිහටම, සතා සිව්පවටම සතුටින් ඉන්න පුළුවන් විදිහට ලෝකේ මවන්න තිබ්බා නේ. දෙයියෝ මවපු නැති හින්දයි ලෝකේ මේවගේ තියෙන්නේ !!(අ)
දීප්ත ඔයාව මවපු කෙනා කොහෙද ඉන්නේ. මම දන්නේ නැති නිසයි අහන්නේ (නදී)
දෙවියෝ ඔච්චර බලවත් නම් ඇයි මිනිසුන් ඉදිරියේ පෙනී නොසිටින්නේ. (නදී)
පරිණාමවාදය දියුණු කිරීමෙන් මේ සියලු දේ ඇති උනේ කෙලෙසද කියල දැනගැනීමට පුළුවන්. මැවුම්වාදය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ඉතා පහත් මට්ටමේ සාදක නොමැති මනෝකල්පිත මතයක්. (නදී)
ඔවන් ගේ අදහසට තව එකතු කරනවා නම් , මෙසේ පරිණාමයෙන් බිහිවූ මිනිසුන් විවිද ජන කොට්ටාශ වලට බෙදී විවිධ විස්වාසයන් ගොඩ නැගුවා. දෙවියන් පිළිබද විශ්වසයත් මෙවැනි දෙයක් . ඔය කිසිවෙක් දෙවියෝ දැකලවත් හමු වෙලාවත් නැහැ (අ).
මමනම් හිතන්නේ මේ සියල්ල පැවතෙන්නේ පරිනාමයෙන් බවයි . බුදු හාමුදුරුවෝ මේ බව වදාරලා තියනවා. විවිද ලෝකවල කයක් නොමැතිව සිටි මනොකයවල් මේ පෘතුවිය උල කෑමට ඇති ඇල්ම නිසා එක ස්ය්ලික ජීවීන් ලෙස මෙලොවට පැමිණ ඉතා දිගු කාලයකදී මිනිසුන් සහ අනෙකුත් සත්වයන්ට විවිද පාරිසරික හා අනෙකුත් සාදක නිසා පරිණාමය වුණා. (අ)
දෙවියන් එක සතෙකු විදවන්නත් අනෙත් සතෙකු සැප ලබන්නත් මැව්වේ ඇයි. එසේනම් දෙවියෝ කල දේ අසදරණයි. දෙවියෙක් නම් එසේ කරයිද .නැතිනම් ඔය දෙවියෝ හිට්ලෙර් වගේද. දැන් නැති හින්දයි අහන්නේ . (අ)
එතකොට මේ සියල්ල දෙවියන් මැව්වනම් , දෙවියන්ව මැව්වේ කවුද , දෙවියන්ව මැව්වේ නැත්නම් දෙවියන් පැවතෙන්නේ පරිණාමයෙන්ද. එතුමා එන්නේ කොහෙන්න්ද .(අ)
හීන දකින මෝඩ විදයාඥයෝ. දෙවියන් වහන්සේ මැවූ ආකාරයට සියල්ල පැවතේ.(නදී)
මම හිතන්නේ දෙවියන් කියා වෙනම කාණ්ඩයක් නැහැ. දෙවියන් ඉන්නෙත් මිනිසුන් අතරමයි (නි)
ඉතා වැදගත් කරුණු අඩංගු ලිපියක් (නි)
මුළු ලෝකයම පිළිගන්නා පරිණාමවාදය සමහරු පිළිගන්නේ නැහැ. (නි)
සිෆ්රාන්, එතකොට දෙවියන් මැව්වේ කවුද? අපහාසයක් නම් නොවෙයි මම කරන්නේ. දන්නේ නැති නිසා අහන්නේ (නි)
හොඳ ලිපියක් (නි)
අතට මිනිස්සු මවන්න කලින් සතුන් ඉස්සලම මැව්වා කුරානය කියල තියනවා. (අ)
ඇත්තද හැබෑට (අ)
දෙවියන් කියන්නේ පරිණාමවාදය තමා (නදී)
හෙට වෙන එකක් කියාවි (නදී)