බි්රතාන්යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අද සිය 65 වන උපන්දිනය සමරයි.
බොහෝ පුද්ගලයින්ට 65 වන උපන්දිනය යනු මෙතුවක් කල් නියැළී සිටි වැඩකටයුතු වලින් විශ්‍රාම ගෙන ජීවිතයේ සැදෑ සුවය විදීමට ඇති කාලයයි.
නමුත් චාල්ස් කුමරුට එසේ නොවේ.ඔහු මත වගකීම් පැටවෙන කාලය ඇත්තේ ඉදිරියටය.ඒ බි්රතාන්යය රජ කිරුළ ඔහුගේ හිසට පැළදවෙන දිනය වැඩි ඈතක නොවන බැවිනි.
දැනට කිරුළ දරන දෙවන එළිසබෙත් රැජිනගේ පුත් වන චාල්ස් කුමරුට මේ අවස්ථාව පැමිණෙන තෙක් බොහෝ කාලයක් බලා සිටින්නට සිදුවිය.එළිසබෙත් රැජිනිය වසය අවුරුදු 25 ක් වැනි නව යොවුන් අවදියේ සිටම බි්රතාන්යය රජ කිරුලේ බර උසුලා ඇත්තීය.
දැනට 85 වැනි වියේ පසුවන ඇය සිය වගකීම් තම පුතුට පවරා විශ්‍රාම ගැනීමට සැරසෙන බව සදහන්ය.
පෙර තිබූ සවිය දැන් ඇය සතුව නොමැති බව බි්රතාන්යය රජ මාළිගයේ ආරංචි මාර්ග කියයි.ඇය මෙවර පොදුරද මඩුළු සමුළුවටත් සහභාගී නොවන්නේ දුර ගමන් වල යෙදීමට තරම් හොද සෞඛ්‍ය තත්ත්වයක් තවදුරටත් ඇය සතු නොවන නිසාය.1973 සිට පැවැත්වුනු සියලූම පොදුරද මඩුළු සමුළුවලට සහභාගී වී තිබෙන ඇය මෙවර සහභාගී නොවන්නේ ප්‍රථම වතාවටය.ඇයගේ මෙම තත්ත්වය නිසා පසුගිය කාලය මුළුල්ලේම ඇය සහභාගී වීමට තිබූ වැදගත් උත්සවයන්ට ඇය වෙනුවට සහභාගී වූයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුය.
එය ඔහුගේ ප්‍රතිරූපය අන්තර්ජාතික වශයෙන් ඔප්නැංවීමට හේතු විය.පොදුරද මඩුළු සමුළුව නියෝජනය කිරීමෙන් එම ප්‍රතිරූපයේ හිනිපෙත්තටම නැගීමට ඔහුට අවස්ථාව ඇතැයි විචාරක අදහසයි.
වසර ගණනක් කිරුළ උසුළන මව්ගේ ගුරුහරුකම් හා ආභාෂය චාල්ස් කුමරුට හොදින්ම ලැබී ඇති බව බි්රතාන්යය ජනතාවගේ මතයයි.වැඩිමනත්ම බි්රතාන්යය රජපවුල යනු කිසිවෙකුටත් ළංවීමට නොහැකි,උසස්ම පුද්ගලයින්ගෙන් සැදුම් ලක්දකැයි යන මතය බිද දැමීමට ප්‍රබල සාධකයක් වූයේ චාල්ස් කුමරුය.
ඔහු බි්රතාන්යය රජ පවුලේ සිටින්නේත් මිනිසුන් යැයි ලොවටම පෙන්වීය.ඔහුගේ නොයෙකුත් සහන සේවා කි‍්‍රයාකාරකම්,පුන්‍ය කටයුතු,අරමුදල් පිහිටුවීම් මේ සදහා උපකාරී වී ඇත.
පුටුවකට වී නොඉද කි‍්‍රයාකාරීව වැඩකටයුතු කිරීම සම්බන්දයෙන් චාල්ස් කුමරු නමක් දිනා ඇත්තෙකි.
1976 දී ඔහු මූලිකත්වය ගෙන පිහිටවූ ‘‘පින්ස් ට්‍රස්ට්‘‘ අරමුදල දැනට බි්රතාන්යයේ ආබාධිත තරුණ තරුණියන් ලක්ෂ ගණනකට රැකියා අවස්ථා සදහා පුහුණුව ලබාදී ඇත.තවත් මෙවන් අරමුදල් කිහිපයක්ම ඔහු මූලිකත්වය ගෙන ආරම්භ කර ඇත.
මෙනිසාම අනෙකුත් බි්රතාන්යය රජපවුලේ සාමාජිකයින්ට වඩා බි්රතාන්යය ජාතිකයින්ට චාල්ස් කුමරු සමිපය.චාල්ස් කුමරු ‘‘ඔවුන්ගේ‘‘ කෙනෙකි.
විලියම්,හැරී පුතුන් දෙදෙන හා අළුත උපන් මුණුබුරු ජෝර්ජ් සමග චාල්ස් කුමරු ගත කරන්නේ පරිපූර්ණ දිවියකි.
රජ කිරුළේ වගකීම් ඔහු මත පැවරුණු පසු වුවද ඔහු සතුවන යහපත් ආකල්ප,හා ඔහුගේ මානුෂිය කි‍්‍රයාකාරකම් නොවෙනස්ව පවතිනු ඇතැයි සියළු දෙනා විශ්වාසයෙන් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ උපන් දිනයක් අපගේ රජ කුමරාට. (අ)
නුබලගේ අප්පල, සීයල අපේ රටේ මිනිස්සු කොච්චර මරන්න ඇත්ද? මානව හිමිකම් පරීක්ෂණයක් ඕන. (නදී)
රජ කුමරුට දීර්ඝායුෂ පතමි (නි)
චිරන් ජයතු උතුමාණෙනි (දී).
එයා අාවා කියලා අපිට මොනවද ලැබුනේ? (නි)
සැබෑ මිනිස් කමින් පිරි සැබෑ මිනිසෙකි..! ඔබට සුබ උපන්දිනයක් වේවා ..!! (ස)
ඉක්මනින් රජ වේවා. (ස)
චාර්ලස් කුමාරයා මෙතන සුබ පතන කට්ටියට මොනවා හරි දිලාද මන්දා.(නදී)
චාල්ස් රජ කුමරු අද අප රටේ සිට හැට පස්වන උපන් දිනය සැමරීම ඓතිහාසික සිද්ධියක් වනු ඇත. කුමරුනි ඔබට සුභ උපන් දිනයක් වේවා ! (දී)
රාජකීය කුමරු චාල්ස් ට සුබ උපන් දියනක් පතමි එසේම දිර්ගායුෂ පතමි . ඔබගේ පැමිණීම අපට ආඩම්බරයක් (දී)
ලංකාවේදී 65 උපන් දිනයට කේක් කන එංගලන්තයේ රජ කුමරුට සුබ උපන් දිනයක්. තෙරුවන් සරණයි. (අ)
නිදුක නිරෝගී දීර්ඝා යුෂ පතනවා. කුමාරයට 80 වක වගේ පෙනුම.ඩයනා කුමාරිත් හිටියනම් කියලා මට හිතෙනවා. (ස)
ප්‍රින්ස් චාල්ස් කුමරුට තාම ඔටුන්න නොලැබුනත් අම්මා ඔහු වෙනුවෙන් ඔටුන්න රැකගෙන ඉන්නේ. ඔබට දීර්ගායුෂ පතමු! සුබ උපන් දිනයක් ! (නි)
මටත් හැටපහයි. අප්පා! කාටද අාඩම්බර? (නි)
අපගේ රජ කුමරුට දේව ආශිර්වාදය! (නි)
සුභ උපන් දිනයක්! (නි)
මට අනුර බණ්ඩාරනායක මහත්තයව මතක් වුණා. කමක් නැහැ. ඔබට සුබ උපන් දිනයක්! (නි)
අපි නම් කුමරු කියලා කියන්නේ පොඩි අයට (නි)
ඔටුන්න හිමි කුමරුට දීර්ඝ ආයුෂ. (ස)
ඔබතුමාට සුබ උපන්දිනයක් වේවා. (ස)
සුභ උපන් දිනයක්! (ස)
උපන්දා සිට ඔටුන්න හිමි, හිමි කිවුවට මැරෙනකන්ම ඔටුන්න හිසට වැටෙන එකක් නැහැ වගේ ! (ස)