තමන් මරා දැමීමට පැමිණි දිවියෙකු හා පුරා හෝරාවක පමණ කාලයක් කුඩා සවලක් හා දෑකැත්තකින් පමණක් සන්නද්ධව සටන්වැද ජීවිතය දිනා ගැනීමට ඉන්දියා ජාතික කාන්තාවක් සමත්වූවාය.
කුම්ලා දේවි (54) නම් වන ඇය කුඹුරේ වැඩ නිමවී නිවස බලා එමින් සිටියදී දිවියා ඇගේ ඇඟට පැන්නාය.
තම අත තිබූ සවලෙන් හා දෑකැත්තෙන් දිවියාට පහර පිට පහර එල්ල කර ඇති ඇය අවසානයේ දිවියාව පන්නා දැමුවාය.
බරපතල තුවාල ඇතිව තවත් සැතපුම් බාගයක් පමණ දුරින් වූ තම ගම්මානයට ලේ පෙරමින්, බඩගාමින් පැමිණි ඇය වහ වහා රෝහල් ගත කළහ.
ගැඹුරු කැපුම් තුවාළ තිබූ ඇයට මැහුම් සියයකට වඩා දැමිීමට සිදුවූ බව වෛද්‍යවරු පවසන්නෝය.
ගම්වැසියන්ට දැන් ඇය වීරවරියකි.
දිවියාද මියගොස් සිටිනු පසුව සොයාගත හැකිව තිබේ.
වනජීවී විශේෂඥයින් පවසන්නේ දිවියෙකු පුරා පැයක් මෙසේ සටන් වැදුණු බව ඔවුන් අසන්නේ ප්‍රථම වතාවට බවයි.සාමාන්‍යයෙන් තම ගොදුර යටත් කර ගැනීමට නොහැකි නම් විනාඩි 10 ක උපරිමකයින් පසු දිවියා පලා යන බව ඔවුන් කියයි.
දිවියා අත්දැකීම් අඩු තරුණ සතෙකු වන්නට ඇතැයි ඔවුන්ගේ අදහසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්දිකගේ කතාව නම් මරු. ඇයි දෙවියනේ මේ මිනිස්සු මෙහෙම හිතන්නේ.අර ගෑණු කෙනා එයාලගේ දරුවන්ට කොච්චර වටිනවා ඇත්ද? සමහර විට දරුවන් ජීවත් වෙන්නේ මෙයාගෙන් වෙන්න පුළුවන්. ඉක්මන් සුවය පතමි ලංකාදීප වෙනුවෙන් (අ)
මරණය දක්වාම සටන් වැදුන දිවියට උපහාරය (නදී)
ඔබට ඉක්මන් සුව. (නදී)
සමහර අයගේ අදහස් ගැන පුදුම හිතෙනවා (නි)
දිවියම කාපිය. (නදී)
බුද්ධිකගේ කතාව නම් නියමයි. ඇයි දෙවියනේ මේ මිනිස්සු මෙහෙම හිතන්නේ? අර ගෑණු කෙනා එයාලගේ දරුවන්ට කොච්චර වටිනවා ඇත්ද? සමහරවිට දරුවන් ජීවත් වෙන්නේ මෙයාගෙන් වෙන්න පුළුවන්. ඉක්මන් සුවය පතමි (නි)
මෙම දිරිය මව ඉක්මනින්ම සුවපත් වේවා! (නි)
ඉතාමත්ම ධෛර්ය සම්පන්න කාන්තාවක්. කාන්තා පක්ෂයට හොඳ ආදර්ශයක්. (නි)
ඉතාමත් ධෛර්ය සම්ම්පන්න කාන්තාවක්. ඔබට ඉක්මන් සුවය ලැබේවා. (ස)
මේ අක්ක මාව ආදර්ශයට අරන්. මාත් ලෝක ප්‍රසිද්ධ වීරවරියක්. (අ)
දීර්ඝායු වේවා!..ඔබට.(දිල්)
පිරිමියෙකුටත් ලේසි නෑ දිවියෙකුගෙන් බේරෙන්න. ඉතාමත්ම ධෛර්ය සම්පන්න කාන්තාවක්. කාන්තා පක්ෂයට හොඳ ආදර්ශයක්. ගොඩක් කාන්තාවෝ මීයෙක් දැක්කත් පන එපා කියල දුවනවා.(අ)
ඔබ නම් දිරිය ගැහැණියකි. ඉක්මන් සුවය පතමි. (අ)
ඉක්මනින්ම සුවපත් වේවා! (අ)
අපරාදේ දිවිය. කොච්චර වටිනා සතෙක්ද (අ)
දිරිය මව ඉක්මනින්ම සුවපත් වේවා! මේ ප්‍රවෘත්තිය කියවන ලංකාවේද වයස අවුරුදු 6 සිට 85 දක්වා වූ බාල මහලු සියලුම කාන්තාවන් මැය ආදර්ශයට ගතයුතුයි. බිය තවදුරටත් ගැහැණිය සතු ගුණාංගයක් නොවිය යුතුය. (නි)
ඉතාමත්ම ධෛර්යසම්පන්න කාන්තාවක් (නි)
ජීවිතය බේරගත්ත එක ගැන අපි සතුටු වෙමු. ඉක්මන් සුවය ලැබේවා!!! ඔබගේ ධෛර්යය අපි අගය කරමු. (නදී)
අනේ අම්මේ...මම නම් කැරපොත්තන්ටත් බයයි. හැබැයි එ්ක බයද කැතද මන්දා. (නදී)
සමහර කාන්තාවෝ හරිම දහිරිය වන්තයි (නදී)
කොහොමටත් අත් දැකීම් අඩු පිරිමි සත්තු ගැහැනුන්ට බයයි නේන්නම් (අ)