ජෝර්ජියාවේ අගනුවරවන ටිබිලිසි හි දරුණු ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙක් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. නගරයේ තිබු සත්වෝද්‍යානයෙන් පිටතට පැන ඇති සතුන්ගෙන් විය හැකි අනතුරුවලින් ආරක්ෂා විම පිණිස තම නිවෙස් ඇතුළට වි සිටින්නැයි රජය නගර වැසියන්ට දැනුම් දි ඇත.
අතුරුදන් සතුන් අතර කොටියන්,සිංහයන්, වලසුන් සහ වෘකයන් වේ. නිර්වින්දන තුවක්කු යොදා ගනිමින් එක් හිපපොටේමස් සත්ත්වයකු දමනය කරන ආකාරය ද මාධ්‍යවාර්තාවල පළවී ඇත.
අඩක් පමණ ජලයෙන් වැසීගිය නිවෙස් වල වැසියන් අනතුරුවලින් බේරා ගැනිමේ මෙහෙයුම් වල සහන සේවකයන් යොදවා සිටිති. විශාල පිරිසක් අවතැන් වි සිටින බවද වාර්තා වේ. මහ වැසි හේතුවෙන් විරේ ගඟ පිටාර ගැලීම ගංවතුරට හේතුවී ඇත.
පුද්ගලයන් දහස් ගණනක් විදුලිය සහ පානීය ජලය නොමැතිව පිඩාවට පත්ව ඇත. තවත් පිරිසක් ආරක්ෂක ස්ථානවලට ගුවන් මගින් ගෙනගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල අපේ මැති ඇමතිවරු රට වෙනුවෙන් කරන කාර්යභාරය වෙනුවෙන් ඔය සත්තු ටික දියවන්නා ඔය ගාව තියෙන අපේ රට හදන තැනට ආවොත් නම් නියමයි. (නදී)
අනේ දෙවියනේ! (නි)
අනේ පවු සත්තු! උන්ව මිනිස්සු මරාදායිද දන්නෙ නැහැ බයට (නි)
සත්තු එළියේ. මිනිස්සු ඇතුළේ. අනේ පව් සත්තු ටික! (නි)
අලියෝ එහෙම එලියට ඇවිත් නම් අපේ කට්ටිය බොරු අනුකම්පාවක් දමල බේරගන්න යයි හදපු උප්පැන්න තියෙන නිසා (නදී)