අධි තාක්ෂණික ‘ස්මාට් ෆෝන්‘ ජංගම දුරකථන භාවිතය අතහැර ක්‍රමයෙන් අතීතයේ භාවිතා කළ ‘ගඩොල් භාග‘ ජංගම දුරකථන භාවිතයට නැඹුරු වීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේයැයි අන්තර්ජාතික වෙළදපොළ නිරීක්ෂකයෝ කියති.
අන්තර්ජාලයේ මේ දිනවල පැරණි ජංගම දුරකථන අලෙවි වෙමින් තිඛෙණුයේ උණු කැවුම් මෙනි.ඇතැම් අවස්ථාවන්හි එවන් පැරණි ජංගම දුරකථනයක් ඩොලර් 1000 ක් (රුපියල් 132000) වැනි ඉහළ මිල ගණන් වලට පවා අලෙවි වී ඇති අවස්ථා වාර්තා වේ.
නොකියා,මෝටරොල්ලා හා සෝනි එරික්සන් සමාගම් එදවස නිපදවූ පැරණි ජංගම දුරකථනයන්ට ඉහළ ඉල්ලූමක් ඇති බව සදහන්ය.
මෙම ජංගම දුරකථන මිලයට ගන්නා පුද්ගලයින්ගෙන් වැඩි දෙනා වැඩිහිටියන් යැයි පැරණි ජංගම දුරකථන අලෙවියේ යෙදෙන එවන් එක් වෙබ් අඩවියක් කියයි.වත්මන් ජංගම දුරකථනයක්ගේ මෙන් නොව බැටරිය සුමාන ගණන් පැවතීමද,ෆේස්බුක්ද ට්විටර්ද යැයි හතර අතේ සම්බන්ධ නොවී ඇමතුමක් ගැනීමට හා පිළිතුරු දීමටත් අවශ්‍ය විටෙකදී කෙටි පණිවුඩයක් යැවීමටත් පමණක් පහසුකම් ජංගම දුරකථනයේ අන්තර්ගතවීමද ඔවුන් පැරණි ජංගම දුරකථනයන් මිලයට ගැනීමට බලපා ඇති හේතු වී ඇතැයි එහි සදහන්ය.
විශේෂඥයින් පවසන්නේ මේ ප්රවණතාවට හේතුව දැන් දැන් බොහෝ දෙනා තම ජංගම දුරකථනය සරල උපකරණයක් වනවාට කැමැති වීම බවයි.වර්තමානයේ ජංගම දුරකථන වලටම සිරවී ගෙවන ජීවිතයෙන් මිදී ජංගම දුරකථනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇමතුම් ලබා ගැනීමේ කටයුතු සදහා පමණක්ම භාවිතා කිරීමට බොහෝ දෙනා කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසයි.
තවද අධි තාක්ෂණික ජංගම දුරකථනයන් භාවිතා කරමින් සිටින බහුතරය අතර සරල ‘සීයලාගේ කාලයේ‘ ජංගම දුරකථනයක් භාවිතා කිරීමෙන් කැපී පෙනෙන්නටත් ඇතැමුන් ආශා කිරීමත් මෙයට තවත් හේතුවක් වී ඇතැයි ඔවුන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නියමයි. හදිසියකට සතුරෙකුට වුණත් වැටෙන්න ගහන්න පුළුවන්. (නි)
පැරණි දේවලට දැන් කොහොමත් ඉල්ලුම වැඩියි (නි)
දැන් ස්මාර්ට් දුරකතනත් ගඩොල් කැට ප්‍රමාණයම තමා . දැන් ගෑනුලමයි මුහුණ හැඩ බලන්නෙත් දුරකතනයේ කැමරාවෙන් තමයි (අ)
ටයිල් කැටේ අතහැරලා ආපහු ගඩොල් බාගෙට. මොනවා වුනත් ඒ කාලේ ආපු ඒව තමා නියම දුරකථන. කෝල් ගන්නද, අඹ කඩන්නද, ගෙදරට හොර පුසෙක් අවොත් දමල ගහන්නද ඕන වැඩකට කියාපු භාණ්ඩේ. (ස)
එ්ක නම් ඇත්ත. මමත් පිලිගන්නවා. ෆෝන් එක තියෙන්නේ ඇමතුම් ගන්න සහ පණිවුඩ යවන්න. නමුත් මෙමගින් අන්තර්ජාලයට යාම, සමාජයේ ඉහල තැනැත්තෙක් බව මෙන්ම කාර්ය බහුල පුද්ගලයෙක් බව පෙන්වීමට බොහෝ දෙනා යොදාගනී. අන්තිමේදී මසකට රු3000 සිට 10,000 වැනි මුදල් එක පවුලකින් ෆෝන් සහ බිල් වලට යට කරයි! (ස)
කොහෙද පිංතූරයක්වත් නෑනේ බලන්න. (ස)
ඒක හොදයි.ගොඩක් අපචාර අඩුවෙයි (ස)
‘ඕල්ඩ් ඉස් ගෝල්ඩ්‘ කිවුවේ කට කහනවටය.(ස)
හරි ශෝක්, මේ මගේ ලඟත් තියෙනවා 888 එකක්. අලුත්ම වගේ. ලෙඩේ මේකනේ,එ්කෙ සිම් මාරුකරන්න බැහැ. (ස)