ළිදකට වැටී සිටි වලසෙකු බේරා ගැනීමට ගිය ඉන්දීය වසංරක්ෂක නිළධාරීන් දෙදෙනෙකුට එම වලසාගෙන්ම පහර කෑමටත් සිදුවිය.
රැයෙහි ගම්මානයකට පැන ගම්වැසියෙකුටත් පහර දී ඇති මේ වලසා පලා යාමට තැත් කිරීමේදී වගා ළිදකට වැටී ඇත.ගොඩ ඒමට නොහැකිව පෙරළි කරමින් සිටි වලසාට අනුකම්පා කෙරූ ගම්වැසියන් කර ඇත්තේ ඉන්දීය වනසංරක්ෂක නිළධාරීන් දැනුම්වත් කිරීමයි.
දැලක් යොදාගෙන වලසා ළිදෙන් පිටතට ගෙන ඇති වනසංරක්ෂක නිළධාරීන් වලසා දැලෙන් ලිහා නිදහස් කරන්නට සැරසෙනවාත් සමගම එක් නිළධාරියෙකු ළිදට තල්ලූ කරගෙන ඉදිරියට පැන ඇති වලසා අසළ සිටි තවත් නිළධාරියෙකු බිම පෙරළාගෙන සපා කෑමට පටන්ගෙන ඇත.වලසාගෙන් ඔහු මුදවා ගැනීමට හැකිව ඇත්තේ ගම්වැසියනුත් වන සංරක්ෂක නිළධාරීනුත් එකතුවී වලසා බියපත් කර වනයට පලවා හැරීමෙන් පසුවය.
තුවාළ ලැබූ වනසංරක්ෂක නිළධාරීන් දෙදෙනා මේ වන විට සිටින්නේ රෝහල් ගතවය.
වලස් පහරදීම් ගණනාවක් පසුගිය සමයේ ඉන්දියාවෙන් වාර්තා වුනි.මේ පහරදීම් වලට වැඩි වශයෙන්ම මුහුණ දෙන්නේ වන මායිමේ තිබෙන ගම්මාන වල වැසියන්ය.ඔවුන් කියනා ආකාරයට නම් වලසුන් මෙලෙස පෙරළි කරන්නේ වනයේ වැවෙන මල් වර්ගයක් ආහාරයට ගැනීම නිසාය.මේ මල් වර්ගය යොදාගෙන තමන් මධ්‍යසාර නිපදවන බවත් ඒවා කන වලසුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවත් ඔවුන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලහත් ඉන්දියන් . අහන්න දෙයක් නෑ. කලෙහි ගුණ බින්දුවෛ. (අ)
වසලස්සු මූනටමනේ ගහන්නේ ඉතින් මුහුණ බේරගන්නයි වලහට රිටන් එකක් දෙන්නයි දෙකක් කොරන්න බැහැනේ.(නදී)
නිර්වින්දනය කලානම් ඉවරනේ. (ත)
නිර්වින්දනය කරලා විතරක් මදි, මූව සුන්නත්කරලයි යවන්න තිබුනේ! (අ)
කියල වැඩක්නෑ හොදවැඩේ ඉන්දීයා .(අ)
ඉන්දියාවේ ඉන්න සත්තුත් එකයි මිනිස්සුත් එකයි කිසිම කෙලෙහිගුණයක් නැති සත්වයෝ ඉන්න රටක්. (නදී)
කාලගුණ දන්නේ නැති සතෙක් (දී)
අපෝ..ලංකාවේ වලස්සු නම් ඔහොම කරන්නේ නැහැ.. මිතුරන් දෙදෙනෙක් හිටපු වෙලාවේ එක් අයෙකු මැරුණා වගේ බිම දිගා වෙනවා..අනෙක් මිතුරා ගහට නැග ගන්නවා ..වලහා ..බිම දිගා වුන ඇත්තාට රහසක් කියලා යන්න යනවා. ඉන්දියාවේ වලස්සු වගේ සපා කන්නෙම නැහැ.(නදී)
ලංකාවේ නම් දැන් බෙහෙතකටවත් වලහෙක් දකින්න නෑ. (ත)