අති ප්‍රබල විදුලි ධාරාවක් සිරුර හරහා ගමන් කළද කිසිදු හානියක් හෝ ආපදාවක් හෝ සිදුනොවන තරුණයෙක් ඉන්දියාවේ සිටී.
දීපක් ජන්ග්‍රා නම් වන මේ තරුණයා 16 හැවිරිදිය.සාමාන්‍ය පුද්ගලයෙකුට ක්ෂණික මරණයක් අත්කරදෙනු ඇති විදුලි ධාරාවක් ගෙන යන රැහැනක් තම දිවේ,ඇගේ තබා ගැනීම ඔහුට සෙල්ලමක් වැනිය.රැහැන ඔහුගේ ඇගෙහි ගැටෙන තැනින් ගිණි පුපුරු පැන්නද පිළිස්සුමක් හැරෙන්නට දීපක්ට වෙනත් කිසිදු හානියක් සිදු නොවන්නේය.
ඔහුගේ මේ අරුම පුදුම හැකියාව ගැන දීපක් දැනගෙන ඇත්තේද අහම්බෙනි.දිනක් නිවසේ විදුලි ස්ති්රක්කය අලූත්වැඩියා කිරීමට ගොස් තිබෙන ඔහු නිරාවරණයව තිබූ වයරයක් අත්වැරදීමකින් ස්පර්ෂ කර ඇත.කිසිත් නොදැනුනු හෙයින් ඔහු සිතා ඇත්තේ නිවසේ විදුලිය බිද වැටී ඇතැයි කියාය.
දෙවැනි අවස්ථාවේදී ඔහු නිවසේ තැටි ධාවක යන්ත්‍රය අලූත්වැඩියා කිරීමට ගොස් තිබේ.එහිදීද ඔහුගේ අත සජීවී විදුලි රැහැනක වැදී තිබෙන අතර කිසිත් නොදැනුනු තැන දීපක් පිටතට විත් විදුලිය බිද වැටී ඇත්දැයි බලා ඇත.නිවසට විදුලිය සාමාන්‍ය පරිදි සපයා තිබෙනු දැක විමතියට පත් වුනු ඔහු නැවත වරක් තැටි ධාවක යන්ත්‍රයේ වයරය අල්ලා බලා ඇත.කෙතරම් අල්ලා බැලූවද කිසිත් නොදැනෙන තැන තමන්ගේ කිසියම් විශේෂත්වයක් ඇති බව ඔහු දැනගෙන ඇත.
තම වාසනාව උරගා බැලීමට දීපක් ඊළගට තෝරාගත්තේ අධි බල විදුලි රැහැනකි.එහි වූ වෝල්ට් 11000 ක ප්‍රබලතාවයකින් යුතුවූ විදුලි ධාරාවෙන් පවා දීපක්ට පිළිස්සුම් තුවාළයක් හැරෙන්නට කිසිදු හානියක් සිදුනොවීය.
ඉංජිනේරුවන් කියන්නේ වෝල්ට් 11000 ක් යනු ආසන්නයේ සිටින පුද්ගලයෙකු ඇද ගැනීමට තරම් ප්‍රබල විදුලි ධාරාවක් බවයි.එයින් දීපක්ට කිසිදු හානියක් සිදුනොවීම ඇත්තෙන්ම පුදුම සහගත බව ඔවුන් පවසයි.
මේ අරුම හැකියාව නිසාම දීපක් ඔහුගේ ගම් ප්‍රදේශයේ ඉතා ජනපි‍්‍රයය.තම අසල්වාසීන්ගේ විදුලි උපකරණ අලූත්වැඩියා කර දීමේ රාජකාරියද දැන් භාරගෙන සිටින්නේ ඔහුය.
දීපක්ගේ මව තම පුත්‍රයාගේ වැඩකටයුතු ගැන වැඩි මනාපයක් නැතත් ඔහු ගැන ආඩම්බර වන බව කියන්නීය.
හැකියාවක් තිබුණත් එය මත්තේම නොයැපී ඉහළට ඉගෙන ගැනීමේ දැඩි වුවමනාවක් දීපක්ට ඇත.ඔහුගේ අරමුණ කවදා හෝ විදුලි බල මණ්ඩලයේ විධායක නිළධාරියෙකු වීමය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! ඔය කොයි එකත් ටික කලයි. විද්‍යාව හරි ඉක්මනට අවිද්‍යාව වෙනවා. ඒක නිසා විද්‍යාව කරේ තියාගෙන ඉන්න අය ඕක බිමින් තියන්න. විද්‍යාවෙන් අර්ථ දක්වන්න බැරි දේවල් ලෝකේ තියෙනවා කියලා පිළිගන්න. විද්‍යාව පාවිච්චි කරන්න, එ්ත් ඔලුව උඩ තියාගන්න එපා. ගුරු තනතුරේ තියාගන්නත් එපා. (නි)
එහෙනම් එයා වතුර පනිට්ටුවට අත දාලා තිබෙන වෙලාවට අර්ත් වෙනවනේ. ඒ කියන්නේ එයා කරන්නේ බොරුවක් නෙමෙයි (නි)
හොඳට බලන්න මේ පනිට්ටුව ස්ටින්ලෙස් ස්ටීල් වලින් විදුලිය ගමන් කරන්නේ ඉතා අඩුවෙන් ඔය බාල්දිය තඹ හරි යකඩ හරි උනානම් බල ගන්න තිබුන වෙන දේ. (ර)
මේය විද්‍යාවෙන් අර්ථ දක්වන්ට යන්නට එපා. විද්‍යාවට එහා ගිය බොහොදෙවල් මේ ලෝකේ තියනවා. ඒ නිසා තමයි අද මිනිසුන් කොන්ටම් භෞතික විද්‍යාව දෙසට යොමුවෙලා තියෙන්නේ. අපේ ගමේ හිටිය පුද්ගලයෙක්, ඔහුට හැකියාව තිබුනා විදුලිය අතින් අල්ලන්න. විද්‍යාව තවම ප්‍රථමික මට්ටමක තියන බව අමතක කරන්න එපා. (ර)
ලැල්ලක් හෝ රබර් සෙරෙප්පුවක් දාගෙන ඕනැම පුද්ගලයෙකුට විදුලි ලයිට් වයර් පමණක් ඇල්ලුවට මුකුත් වෙන්නේ නැහැ. (හේ)
දාල තියන සමහර ප්‍රතිචාර දැක්කම හිනා යනවා. සෙරප්පු දෙකක් දාගන හෝ ලෑල්ලක් උඩ ඉඳන් ලයිව් වයර් එකක් ඇල්ලුවොත් මුකුත්වෙන්නෙ නෑලු. ඔය කියපු කට්ටිය එහෙම කරල බලන්නකො වදින් නැද්ද කියලා (නදී)
සමන්, මොන ජගතෙක්ට වත් බැහැ 250v ඇඟ හරහා යවන්න. වියලි පොළොවක ඉඳලා අල්ලන්න පුළුවන්. නමුත් තෙතමනය හෝ තණකොළ පොළොවක කකුල තියල ඇල්ලුවොත් අනිවාර්යෙන්ම හදවත නවතිනවා. මේ පුද්ගලයා මේ කරන්නේ මායාවක්. මෙයා විදුලිය ගැන හොඳට දැනගෙන මේක කරන්නේ. (ර)
අම්මෝ, ලංකාවෙ ඉන්න සමහර මෝඩ ජනතාව ගැන ලැජ්ජයි. ඔය කියන අය බලන්න ඔය විදියට කරලා බලන්නකෝ. ලෑලි එකක් නෙමෙයි 10ක් උඩ නැඟලාවත් ඔය වැඩේ කරන්න බැහැ. මෙතන ඉන්න ගොඩක් උදවිය අකමැතියි තව කෙනෙක්ගෙ දක්ෂතාවයක් දැකලා සතුටුවෙන්න. (නි)
මගේ යාලුවෙක් ඉන්නවා. එයාගේ නම ටිලාන්. ඔය විදිහේ දේවල් එයා කරනවා. සමහර මිනිසුන්ට අසාමාන්‍ය හැකියාවල් පිහිටනවා.(නදී)
සජිත්ට මම කරුණාවෙන් කියන්නේ මොනවා හරිදෙයක් ගැන කතා කරනකොට එක ගැන දැනගෙන කතා කරන්න කියල. ඔයාගේ විදුලි ඉන්ජෙනේරු විද්‍යාව ගැන දැනුම නම් රින අගයක් වීම ගැන කණගාටුයි (අ)
මේක පුදුම විය යුතු දෙයක් නොවේ. ඕනෙම කෙනෙකුට පොළොවට සම්බන්ධ නොවී එල් වයරය ස්පර්ස කළ හැකියි. මෙමගින් ශරීරය හරහා විදුලිය ගමන් කිරීමක් සිදුනොවේ. (දිල්)
මෙයා සෙරෙප්පුත් දාගෙනනෙ ඉන්නෙ. අර්ත් වෙන්නෙ නැතුව කරන්ට් වදින්නෙ කොහොමද? එහෙනම් 33000 ලයින් එකේ යන ලේන්නු එහෙමම පිචිචිලා වැටෙන්න ඕනෑ. විදුලි බල මණ්ඩලෙත් ගොඩක් අය කරන්ට් එක ලයිව් තියෙන වෙලාවට තමා අලුත්වැඩියා කරන්නෙ. (නි)
ලංකාවේ මිනිස්සු ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. කිසිම දෙයක් දන්නේ නැහැ. (නි)
ඔය කෑගහන අයට පුලුවන්ද දන්නෙ නැහැ මේවා කරන්න (නි)
විදුලිය ගැන දන්නෝ දනිති (නි)
ලංකාවේ අපේ මිනිස්සු විද්‍යාවක් නොදන්නවා වුණාට එහි ඇති සියළු අසම්පුර්ණකම් දන්නවා. රටක් ගොඩයන්න නම් මුලින්ම දන්නදේට දන්නවා කියන්නත් නොදන්නා දේවල් දන්නේ නැහැ කියන්නත් අවංක වෙන්න ඕනෑ. මෙතන සමහරු අහනවා සෙරෙප්පු දාගෙන වුණත් විදුලි වයර් අල්ලන්න පුලුවන්ද කියලා? විදුලි කාර්මිකයින් ඒක හැමදාම කරනවා. සාමාන්‍ය මිනිහෙකුට ඒක කරන්න බැරි බය නිසා. (නි)
මේ ළමයා බොරු කරනවා කියන කට්ටිය එහෙනම් ඔයාලත් කරලා පෙන්වන්නකෝ එතකොට මම පිළිගන්නවා (නි)
ඇත්තෙන්ම පුදුමාකාරයි (නි)
මේ ළමයා බොරු කරනවා කියන කට්ටිය එහෙනම් කරලා පෙන්වන්නකෝ. එතකොට මම පිළිගන්නවා ඒ ළමයට විශේෂ බලයක් නැහැ කියලා. අනිත් අයගේ හැකියාවන් වලට ඊර්ෂ්‍යා කරන්න එපා (නි)
අපේ රටේ වගේම ඉන්දියාවේත් අධ්‍යාපනය ඉහළයි. අනං මනං හේතු කියන්න එපා, මේක බොරුවක් කියන්න (නි)
මේ වගේ සුවිශේෂ හැකියාවන් තියන අය ඉන්නවා. සමහර අයට විදුලිය වදින්නේ නැතුවා විතරක් නෙමෙයි, අවශ්‍යනම් විදුලිය ඇඟ ඇතුලේ ගබඩා කරගෙන ඉන්නත් පුළුවන්. (ර)
ඉන්දියාවේ ඉඳන් නම් විදුලිබල මණ්ඩලයට බැඳෙන්න බැරිවෙයි. ලංකාවට එන්න වෙයි. (නදී)
ඔහු ඉන්නේ ලෑල්ලක් උඩ සෙරෙප්පු දා ගෙන, මට පේන විදියට ඔහුට එතරම් බරපතලව කරන්ට් වදින්නේ නැහැ. (බ) හර්ෂ
හර්ෂ ඔයා මේ විදියට ඉඳල කරන්ට් වද්දවගෙන බලන්නකෝ වදින්නේ නැද්ද කියල.. හැම දේකම වැරදි හොයන්න එපා (දිල්)
විද්‍යානුකූලව මේක වෙන්න බැහැ. අපේ ස්නායු පද්ධතිය ක්‍රියාකරන්නේ විද්‍යුත් තරංග වලින්. ඉතින් හෘදය වගේ මර්මස්ථාන වල ක්‍රියාකාරිත්වය ව්‍යාකූල වෙනවා විදුලි සැර වැදුනහම. අපි කාගේත් ශරීරයේ 60% - 65% ජලය අඩංගු වෙනවා. ඉතින් අනිවාර්යයෙන් විදුලිය අපේ ශරීරය හරහා ගමන් කරනවා. ඒකෙන් ස්නායු පද්ධතිය ව්‍යාකූල වෙනවා (නි)
හර්ෂ ඔබ නිවැරදියි. හරීන්ද්‍රට මොලේ නැතිවට අපි මොනවා කරන්නද ? (නදී)
හර්ෂ වගේ වැඩ කාරයන්ට ඕවා වැඩ නෙවේ (නදී)
ඕවා මොනවද? බඩුමිල දැනේනේ නැති , දුෂණ වංචා දැනෙන්නේ නැති, අපරාධ මිනීමැරුම් දැනෙන්නේ නැති මිනිස්සු අපේ ලංකාවේ ඉන්නේ! (නි)
ලංකා, ඔය කරුණු දන්නවා නම් මෙම සිද්දියට ඒවා කෙසේ අදාල වන්නේද ? හොඳම ක්‍රමය දුෂණ වංචා දන්නවා නම් නම ගම සහිතව නීතියානු කුලව පැමිණිලි කරන්න. ඉන් පස්සේ ඒවා ඔප්පු කරන්න ඕනි සාක්ෂි ඇතුව. දුෂණ වංචා කතාව ඇන්ඩ ගේ මැක්කා කතාව වගේ දැන්. මාතෘකාව වෙන එකක්, ඉදිරිපත් කිරීම තව එකක්, මාතෘකාවට ගැලපෙන්නේ නැහැ (නදී)
විජේසුන්දර මහත්තයෝ ලංකා පෙන්නන්නේ ඔය කියන දේවල් ගණන් නොගෙන නොදැක්ක වගේ ඉන්න. මිනිසුන්ට මේ වගේ දේවල් වලින් හැගීමක් දැනෙන්නේ නැත (නදී)
සුජීවා, හරීන්ද්‍ර ඔයලා දැකල තියෙනවද අධි බලැති ට්‍රාන්ස්මිෂන් වයර්( 33000v) වල කපුටෝ වහලා ඉන්නවා. (අ)
හර්ෂ මෙතන නම් එයා ඉන්නේ ඔබටත් මටත් පේන විදියට ලෑල්ලක් උඩ තමයි. නමුත් මේකේ කියන විදියට වෝල්ට් 11000 ක් නම් ලෑල්ලක් මත ඉඳලා උනත් අල්ලන බැහැ. මිනිසාගේ හෘදය වස්තුව තුලින් ගලන්න පුළුවන් උපරිම ධාරාව මිලි අැම්පියර 40 යි . එ්ක නිසා මේක විද්‍යානුකූලව හොයල බලන්න ඕනා. නිකන් වාර්තා මතම නිගමනය නොකරන්න. සංජයගේ පැහැදිලි කිරිම මේ සම්බන්දයෙන් තරමක් දුරට හරි (නදී)
මට මතකයි ඉස්සර හෝමාගම කිට්ටුවත් මේ වගේ කරන්ට් වදින්නේ නැති පිරිමි ළමයෙක් හිටියා. නම නම් හරියටම මතක නැහැ. (නදී)
මේක වෙන්න පුළුවන්. (නදී)
ඇත්තටම මේ වගේ දේවල් වෙන්න පුලුවන්ද? මට නම් හිතා ගන්නවත් බැහැ යාලුවනේ (නදී)
කොහොම උනත් යම් කිසි හැකියාවක් තියෙනවා. (නදී)
අපි එකිනෙකා විවේචනය නොකර මේ ගැන ටිකක් හිතන්න. එයා ලෑල්ලක් උඩ හිටගෙන හරි වෝල්ට්ස් 11000 ධාරිතාවක් ඇඟේ ගාගන්නවා. අපිට පුලුවන්ද ඒක කරන්න තියා ඒ ගැන හිතන්නවත්. (නි)
සමහර අඥානයින් මේවා අත්හදා බැලීමට ගොස් ජීවිතය නැතිකර ගැනීමට ඉඩතිබෙනවා. (නි)
හර්ෂ, හොඳට බලන්න එයා ඉන්නේ ලෑල්ලක් උඩ නොවෙයි, සිමෙන්ති පඩියක් උඩ. දකුණු කකුල තියෙන්නේ ගල් අල්ලපු බිමේ. අනික වතුරේ විදුලිය ස්පාක් වෙනකොට කොහොමටත් විදුලිසැර වදින්න ඕනෑ. (නි)
එක වයර් එකක් ඇල්ලුවට මොකුත් වෙන්නේ නැහැ. එල් සහ එන් දෙකම ඇල්ලුවොත් තමයි අනතුරක් වෙන්නේ (නි)
ලංකාවේ ඉන්න හැමෝටම විදුලි බිල්පත එන දවසට ඕක වෙනවා (නි)
කුඩා දරුවන්, තරුණයින් මේවා අත්හදා බලන්න ගිහින් මරු වැළඳගනීද කියලයි මට බය (නි)