ඉන්දියාවේ ඩීඑම්කේ පක්ෂ නායක හා හිටපු තමිල්නාඩු මහ ඇමැති එම්. කරුණානිධි රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ යළි අසනීප වූ කරුණානිධි සති තුනක් ඇතුළත එසේ රෝහල් ගත කරනු ලැබූයේ දෙවැනි වතාවටයි.
චෙන්නායි නුවර රෝහලකට ඇතුළු කරනු ලැබ සිටින කරුණානිධි 92 වැනි වියේ පසුවෙයි.
ශ්වසන ආබාධයක් හේතුවෙන් ඔහු පසුගිය දිනවල ද රෝහල්ගත කරනු ලැබ සිටියේය. 2010 වසරේ සිට ආබාධිත තත්ත්වයට පත්ව සිටින හිටපු තමිල්නාඩු මහ ඇමැතිවරයා රෝද පුටුවක් ආධාරයෙන් ගමන් කරමින් පසුගිය ඡන්ද ව්‍යාපාරයට ද සක්‍රියව දායක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ කවුරුවත් පොල් ගැහුවාවද්ද? (නි)
ඔස්කා කිසිකෙනකුට දීර්ඝායුෂ පතන්න එපා. වයසට ගොස් තමන් ගේ වැඩ කටයුතු තමන්ට කර ගන්න බැරි වුණායින්පසු පසු අපි අනික් මිනිසුන්ට විශාල කරදරයක් වෙනවා. 70 ජීවත් වුනොත් හොඳටෝම ඇති (බ)
මට නම් හතුරන්ට මෙත් වඩන්න බැහැ (නි)
මම නම් හතුරාටත් මෙත් වඩමි (නි)
නිහාල්, එ් වුණාට අපේ කරදර වලදී ඒගොල්ලෝ බොහොම සතුටුවුණා. ඉතින් මමත් බොහොම සතුටු වෙනවා ජයලලිත්ගේ මරණයට. අපේ රටට සහ සිංහලයින්ට විරුද්ධව කතකරන කිසිම කෙනෙකු ගැන මම හොඳක් සිතන්නේ නැත. (නි)
ඉක්මනින් නිවන් සුව ලැබේවි කියල හිතනවා (බ)
අපි ඉවසලා ඉමුකෝ.... (නි)
ලංකාවේ සතුරෙක්. කරුණානිධිගේ ඉරණම මේ පාර කෙසේ විසඳේවිදැයි බලමු (නි)
කෙනෙකුගේ කරදරයකදී අපි සතුටුවිය යුතු නැත (නි)
කරුණානිධි ගැන මගේ නම් තරහක් නැහැ
ඉක්මනට සනීප වෙන්න (නි)
ඉක්මනට එලොව යන්නට වීසා එකක් ලැබේවා (බ)
මටත් හිතාගන්න අමාරුයි සිද්ධවෙන දේවල් (නි)
සතුරෙකුට වුණත් අපි මෛත්‍රී කරමු (නි)
මොනතරම් සතුරෙක් වුණත් ඔහොම කියන එක වැරදියි නවුෂාඩ් (නි)
ඔබලාගේ පටු දේශපාලන වාසි සඳහා ජාතින් කෙටවීම නිසා නැතිවුණ ජිවිත, දේපල ප්‍රමාණය අප්‍රමාණය. එම පාපය දැන් ඔබලාට පටිසන් දෙමින් පවතී. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
තවත් ගිනි තබාගැනීම්, වහ බීම්, ඇණ ගසාගැනීම් ආදී මෙකී නොකී සියදිවි හානිකර ගැනීම් නොබෝ දිනකින්ම තමිල්නාඩුවෙන් අසන්නට ලැබේවිද දන්නෙ නැහැ. (නි)
ජයලලිතාව එහෙම හීනෙන් පේනවා ඇති .... (නි)
මේ මොනවද සිද්ධවෙන්නේ? (නි)
අවුරුදු 92ක් වෙලත් තවමත් ජනතා සේවයේ... (නි)
දීර්ඝායුෂ විඳින ඔහු සැබවින්ම වාසනාවන්තයෙක් (නි)