1982 දි වයස අවුරුදු 23ක් වූ ප්‍රංශ ජාතික පැට්රික් හෙවේර්ට් කඳූ නඟින්නා ඇල්පස් කඳූ මුදුනේ මීටර් 4000ක් ඉහලින් පිහිටි ඇගුයිල් වර්ට් (කොළ පැහැ ඉදිකටු තුඩ) නම් ස්ථානයේදි හදිසි අනතුරකින් අතුරුදන්වී ඔහු සොයා ගැනීමට නොහැකි වුයේය. එනමුදු අවුරුදු 32කට පසු පසුගිය ජූලි 03 වැනි දා ඔහු සොයා ගැනීමට හැකි වුයේය. ඇල්ප්ස් කඳූ මුදුන තරණය කල පිරිසකට ඔහුගේ මළ සිරුර හමුවී ඇත්තේය.
අවුරුද්ද මුළුල්ලේ හිම වලින් වැසී ඇති යුරෝපයේ උසම කදු වැටිය ලෙස ප්‍රසිද්ධ ප්‍රංශයේ නැගෙනහිර හා ගිණිකොන දිශාවත්, ස්විස්ට්සර්ලන්තයේ බටහිර දේශ සීමාවේ පිහිටි ඡිනිවා නගරය පිහිටි ප්‍රාන්තයත් එක් කරන ඇල්ප්ස් කඳු මුදුන තරණය කිරීමට බොහෝ දෙනෙක් එති. ඇල්ප්ස් කඳු මුදුනේ මොන්ග් බොලොන් කදු ගැටිය තරණය කඳු නගින්නන්ගේ අවසාන ජය කනුව ලෙස සැලකේ.
ලෝක ප්‍රසිද්ධ කඳූ නඟින්නෝ ඇල්ප්ස් කඳූ මුදුන තරනයට බොහෝ ප්‍රිය කරති. එවැන්නන් අතරින් එම කඳූ මුදුන තරණයේදි ජීවිතයෙන් සමු ගත්තෝද සිටිති. වර්ෂ 1950 සිට මේ දක්වා එසේ ජීවිතයෙන් සමු ගත්තෝ 130ක් පමණ වෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික ශීතල නිසා මේ මනුස්සයා හිමායනය වෙලාද දන්නෙ නෑ... (අ)
අපිට නම් හරිම පුදුමයි. මෙය ලෝකේ කොහොමත් සිද්ද වෙනවා. එ්ක සොබා දහමේ තවත් එක සිදුවීමක් පමණි (නදී)
පුදුමයි. (ස)
අපරාදේ ජීවිතේ
හරි පුදුමයි නේ ... මාරයි (අ)
රොහාන්, ඔයා ස්විට්සර්ලන්තයේ හිටිය නම් ඔයාම දන්නවා මොනතරම් දුෂ්කර,ජීවිතයත් මරණයත් අතර ගවේෂණාත්මක කඳු නැගීමක්ද කියල. මම දැක්ක ඒ නඟින්න එන අය මොන තරම් ලොකු සැලස්මකින්ද, ඒ වගේම මොන තරම් බඩුබාහිරාදිය රැගෙන එනවද කියල. අපි වගේ ආසියානු ජාන ඇති අයට මේ මොන්ට් බ්ලාන්ක් කන්ද ළඟ ඉඳන් කිලෝමීටර භාගයක්වත් උඩට යන්න බැහැ. ඔයා ගියේ නැති එකමයි වාසනාව. කී දෙනෙක් සීත රටවල ඉපදිලත් මේ කඳුවැටියට ජීවිතය පුජා කලාද? (ස)
ඇයි ඔච්චර මහන්සි වෙලා කඳු ගින එකේ ලේසියෙන් පල්ලමක් බැස්ස නම් ඉවරනෙ (නදී)
මේ කතාව බොරුවක් නෙමෙයි (නි)
කණගාටුදායක පුවතක් (නි)
මෙහෙ රටේ මිනිසුන්ට මේ වගේ දේවල් සාාමන්‍ය දෙයක් (නි)
මට නම් නිකන් පිස්සු වගෙයි (නි)
ඔහු ජීවත්ව හිටියා නම්.... (නි)
අනේ! ඔහු පණපිටින් සිටියා නම්.... (නි)
පුදුමාකාර දේවල් තමයි මේවා (නි)
අහනකොටත් බය හිතෙනවා (නි)
රජය හා අදාල අංශ ඔවුන් පිලිබදව සොයාබලනවා. කදු නැගීමේදි බොහෝවිට අනතුරු සිදුවන්නේ නිකුත් කරන අනතුරු ඇගවීම් නොසලකා මිනිසුන් කදු තරණයට යාමෙන්. මාත් හරිම ආස කරන තැනක් ඇල්ප්ස් කියන්නේ. ස්විස්ටර්ලන්තයේ හිටිය කාලේ මට වරම් නැතිවුනා එකවරක් හෝ එය තරණය කිරීමට. හරිම ලස්සන වගේම භ්‍යානක තැනක් ඇල්ප්ස් කියන්නේ(දී)
අවදානමකින් තොර ජයග්‍රහණයක් නැත. ඔහු හොඳ උත්සාහවන්තයෙක්. මැරෙන එක කවදහ හිටියත් මැරෙනවා.(දිල්)
හොඳයි. (ස)
බැරි වැඩ නොකර හිටියනම් ඉවරයිනේ..(ස)
පිස්සු හැදෙයි මැස්සො මැරෙයි. (ස)
පලවෙනි පින්තුරය චිත්‍රපටියක දර්ශනයක්. (ස)
අවාසනාවන්ත පුවතක් (නි)
අැමරිකන් කපිතාන් වගේ පණ තියෙද්දි ගල් වෙලාද දන්නේ නැහැ (නදී)
සීතලට ගල්ගැසී නරක්නොවී තිබෙන්න ඇති (නි)
ලංකාවෙ නම් සමස්තයක් වශයෙන් ගත් කල කඳු ඔක්කොටම වගේ නැගලා තියෙනවා. හිමාලය නැග්ගට පස්සේ ඇල්ප්ස් නගින්නත් හිතන් ඉන්නවා. (නදී)
පණපිටින් හිටියා නම් අද ඔහු වයසක මිනිසෙක්. (නි)
අනේ පණපිටින් ඉන්නවා වගෙයි අයියෝ. (ස)
මෙවැනි අවදානම් තරණයන් සඳහා අදාළ රටේ රජයත්, ක්‍රීඩා සමාජ ,ස්වෙච්ඡා සංවිධාන නිරන්තරයෙන්ම සහයෝගය දැක්වීමක් අත්‍යවශ්‍යයි. මේ ජීවිත වෙනුවෙන් රටේ අවධානය යොමුවිය යුතුයි (නි)