දිවි සුරකින යන්ත්‍ර වල බලයෙන් රොහලේ සිටින දකුණු අපි‍්‍රකා හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ සුව දුක් විමසීමට ඇමරිකා ජනපති බැරක් ඔබමා අද පස්වරුවේ දකුණු අප්‍රිකාව වෙත ගියේය.
දකුණු අපි‍්‍රකාවට ආවත් තමන් මැන්ඩෙලා හමු නොවන බව ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.
අසාධ්‍යව සිටින මැන්ඩෙලා සිටිනරෝහල අවට විශාල පිරිසක් රැස්ව සිටිති.
දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ ප්‍රථම කළු ජාතික ජනපතිවරයා ය.
මැන්ඩෙලා යනු ලෝකයේ සිටින උත්කෘෂ්ඨ වීරයෙක් බව ඔබාමා පසුගියදා පැවසුවේය.
ඔහුට කෙලින්ම අපට කතා කල නොහැකි වූවත් ඔහුගේ පවුලේ අයට අපගේ කණගාටුව දැක්විය යතු බවද ඔබාමා පවසා ඇත.
ඔබමා සහ මැන්ඩෙලා යන චරිත දෙකම කළු ජාතිකයන් වන අතර ඔවුන්ගේ රටවල් දෙකේම පළමු කළු ජාතික ජනාධිපතිවරු ද ඔවුහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම පාට වුනත් අදහස් ටිකක් වෙනස් වගේ නේද? හිත් වල තියෙන දේවල් කවුරුත් දන්නේ නැහැනේ. (අ)
මගේ මතකයේ හැටියට රට ජාතිය වෙනුවෙන් සටන් කොට සිර බත් පවා කන්ට සිද්ධ වුනු ,කෘත හස්ත දේශපාලන සේවයක් කොට අද ජීවතුන් අතර වැඩි ආයුෂක සිටින රාජ්‍ය නායකයින් අතරින් ඉන්නේ පිදෙල් කස්ත්‍රෝ සහ නෙල්සන් මැන්ඩෙලා පමණක් බව කීවොත් නිවැරදියි කියා. වරද දුටු තැන නෑකම් හිතවත්කම් නොබලා භාර්යාවට පවා දඬුවම් කලා. සිය වසක ආයු කාලයක් අපගේ බලා පොරොත්තුවයි. ඔබ තුමාට,නිරෝගී, දිගාසිරි පතමු. ඔබාමාගේ පැමිණීමත් අගය කලයුතුයි.(නදී)
අප්‍රිකානු සම්බවයක් ඇති බැරාක් ඔබාමා මහතාට නෙල්සන් මැන්ඩෙලා වෙනි කෙනෙකු අන්තිම මොහොතේ හෝ බලා ගන්ට අසාවක් ඇති වෙලා.(නදී)
ඔබාමා ලංකාවට එන්නේ නැද්ද?(නදී)
මට පෙනෙන්නේ ඔබමාට කලින් අපි අප්‍රිකාව අල්ලගන්නවා කියලා. ලියලා තියා ගන්න යුරෝපයෙයි ඇමෙරිකාවෙයි සම්බන්දෙත් ලගදීම ඉවරයි. (නි)