ඔටුවකු සමග ඉතා සතුටින් උදේ ආහාරය ගන්නා පවුලක් බටහිර එංගලන්තයේ සිටියි. ඒ පියා නතාන් (34) මව චාලට් (31) සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනාය.
දිනපතා ඔවුන් ආහාර ගන්නා වෙලාවට පැමිණෙන ජෝ නැමැති ඔටුවා ජනේලයෙන් ඔළුව දමා ඔවුන්ගේ කෑම මේසයට පැමිණෙයි. ආරාධනයක් නොමැතිව ජෝ පැමිණි පළමු දිනයේ බය සිතුනත් ඔහුගෙන් කරදරයක් නැති බව දැන ගත් ඔවුන් දිනපතා ඔටුවාගේ ආහාරයත් කෑම මේසයටම ගෙන එයි.
පාන්, ධාන්‍ය හා පළතුරු ආහාරයට ගන්නා ජෝ චීස් සුවඳ එන විට නහය ජනේලයෙන් පිටතට ගනියි.
මේසයක ආහාර ගැනීමේ පුරුද්දක් නැති වුවත් ජෝ ඉතා විනීත අන්දමින් ආහාර ගන්නා බවත් කෑම ඉවර වූ පසු තව දෙන තෙක් බලා නොසිට එතැනින් ඉවත් වන බවත් නතාන් පැවසීය. ඒ නිසාම ඔටුවා නොදැනුවත්වම ඔවුන්ගේ පවුලේ සමාජිකයෙක් වී සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවන්ඩද පොළගා. බබාගේ මුන තමා මසුරන්.(නදී)
ඔටු මස් මමත් කාලා තිබෙනවා. හරීම රසයි. ප්‍රණීත කෑමක්. (නි)
http://www.dailymail.co.uk/news/article-2515344/Family-share-breakfast-hungry-camel.html (ස)
ඔටුවව මස් කරන්නේ නැතුව උපාධි ගන්න විශ්ව විද්‍යාලයට අරින්නද කියන්නේ? (නදී)
හොර ඔටුවා ඔටු පොජ්ජා....(නදී)
සතුටු හිතෙන ප්‍රවෘත්තියක්. පොඩි බබා ගේ ඉරියව්ව හරිම ලස්සනයි.(නදී)
ඔවු වීර,මේ සතුන් මාංශ වලට නොගෙන වෙන කුමක් කරන්නද? (නි)
මම ළගදී කියවන ලද පොතකට අනුව මෙම සතුන් මාංශ සදහා ප්‍රයෝජනයට ගැනීමේ වරදක් නැහැයි කියලා දැන්නම් මටත් හිතෙනවා. (නි)
මේ උඔන්ට් ඔලුව නැහැ වළ බලො
බලන්න සුදු ජාතිකයෝ අරාබි කාරයන්ට වඩා හොඳයි. අරාබි කාරයෝනම් කරන්නේ කාන්තාරයේදී තමන්ට උපකාර කරන මේ සතාව මරන් කන එක. අපේ රටේ ඉන්න අරාබි කාරයෝ ටිකත් අපිටත් කරන්නේ ඕකමයි. (නදී)
ඔටුවෙක් නිසා කන පතට පහරන එකක් නැහැ.(නදී)
මේ අහිංසක සත්තුනේ මරාගෙන කන්නේ හැබෑට ? (නි)
ඔටුවා ලස්සනයි. (නි)
ලස්සන ඔටුවෙක් ! කරුණාවන්ත මිනිස්සු (නි)
වාසනාවන්ත සතෙක්. සෞදි අරාබියේ සිටින ඔටුවන්ට වඩා පෘෂ්ටිමත්ව හැදුන ලස්සන වාසනාවන්ත ඔටුවෙක්......(නදී)
මොන තරම් සතුන් මිනිසුන්ට සමීපද? ආදරය කරුණාව ඇති මිනිසාට සතාද ලෙන්ගතුවේ.(නදී)
සහරාවේ ඔටුවන්ට වඩා මේ ඔටුවා වාසනා වන්තයි !(නදී)
ඉතා හොදයි (නි)
මොනතරම් ලස්සන ද? (නි)