මිනිස් සිරුරට ඇතුළුවන එච්.අයි.වී. වෛරසය මුළුමනින් ම ආසාදිතයාගෙන් ඉවත් කළ හැකි ක්‍රමයක් ඇතැයි පර්යේෂකයෝ කියති. ටෙම්ප්ලර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් කණ්ඩායමක් මුල් වරට මේ සොයා ගැනීම සිදුකැර ඇත.
එය මාරාන්තික ඒඩ්ස් රෝගයට ස්ථිර ප්‍රතිකාරයක් වනු ඇතැයි ද ඔවුහු කියති. පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී කමෙල් කලීල් පවසන්නේ එය පුදුම උපදවන සොයා ගැනීමක් බවයි.
‘‘ මෙය තවම සායනිකව ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට පත්ව නැහැ. කෙසේ වෙතත් මේ සංකල්පය මගින් අපි නියමිත දිශාවට යමින් තිබෙන බවනම් පැහැදිලියි. එහිදී සිදුකරන්නේ මිනිසාගේ ජාන යොදාගෙන එච්.අයි.වී. වෛරසය තහඩුවක් කපන්නා සේ කපා දැමීමයි. මෙය සාර්ථක ප්‍රතිකාරයක් වේවි.“
ලෝකයේ එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 33 ට වඩා අධිකය. ඇමෙරිකාවේ එම ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයකි. සෑම වර්ෂයක දී ම තවත් 50,000 ක් පමණ මේ රෝගය වැළඳ ගන්නා බව වෛද්‍යවරු කියති. බ්‍රිතාන්‍යයේ සෑම පුද්ගලයන් 665 කින් ම එක් අයෙක් එච්.අයි.වී. ආසාදිතයෙකි.
‘‘ මේ තාක්ෂණය මගින් එකක් නෑර සියලුම එච්.අයි.වී. වෛරස රෝගියාගෙන් ඉවත් කිරීමට හැකිවේ යැයි විශ්වාස කරනවා. එය ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් “ වෛද්‍ය කලීල් වඩාත් විශ්වසනීයත්වයකින් යුතුව එසේ කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු හැදුනට මැරෙන්නෙම නැහැ. ඒක හොඳවෙන ලෙඩ වලින් එකක්. ඒඩ්ස් හැදුනොත් මරණය අනිවාර්යයි (නි)
ඒක හොයා ගත්තා කියන්නේ වල් ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියන කතාවනේ. අපේ අය නම් බයට උනත් සංස්කෘතියට හරි පාවා දීලා හිටියා. බය නැතිවුණු පාර ඒකත් ඉවරයි. ලංකාවත් ඉවරයි. දැන් ඉතින් දකින දකින, කැමති කැමති අයට හොදට කොරන්න පුලුවන්. (නදී)
අමමෝ දැනෙන සැහැල්ලුව.යාන්තම් ඇති. (නදී)
ඇත්තටම මෙික හොද සොයා ගැනිමක්. ඒක අයුතු විදියට පාවිචිචි නොකරිමට වග බලා ගැනිම කාගෙත් යුතුකම. එවිට සදහටම ලොකෙන් ඒඩිස් තුරන් වෙනවා (නදී)
මම පන බයෙන් හිටියා (නදී)
විදුවර ඩෙංගු වලට උනන්දුවක් නැත්තේ නැහැ තියනවා හුඟක් රටවල එන්නතක් පිලිබඳ පරීක්ෂණ කෙරෙනවා නමුත් අවාසනාවට {විශේෂයෙන් අපේ රටේ !} ඒවා සායනික මට්ටමේ දීම ෆෙල් වුණා තාක්ෂණික ප්‍රශ්න නිසා (අ)
අප්පේ යන්තම් ඇති (අ)
අප්පේ! යන්තම් ඇති... (නි)
සුභ පැතුම්! (නි)
දැන් ඔන්න ඒකට තිබුන බයත් නැතිවෙන්නයි යන්නේ. (නදී)
ආරංචිය නම් සුබ එකක්. ඒ උනත් මිනිස්සු තුල පාපයට තිබුන බය වගේම ලෙඩේට තිබුන බයත් මේ නිසාම නැතිවෙලා සමාජය තවත් තිරිසන් වෙයිද? ඒකයි මට තියන බය. (නදී)
ඩෙංගු වගේ ලෙඩ වලට මේ උනන්දුව නැත්තේ ඒවා සල්ලි කරන්න අමාරු නිසා වෙන්න ඇති. (අ)
හොඳයි. මෙම සොයාගැනීම පිළිබඳ ආඩම්බරයි (නි)
පුණ්‍යසෝම,ඔයා ඔහොම හිතුවට වැඩක් වෙන එකක් නැහැ (නි)
වටිනා සොයාගැනීමක්. (නි)
අප්පා. දැන් බය නැතිව ඉන්න පුළුවන්.(අ)
අප්පා දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (නදී)
විද්‍යාවේ දියිනුව මිනිසාගේ විනාශයයි කියන්නේ ඔන්න ඕකට (නදී)