එබෝලා ලෝකයට තර්ජනයක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. බටහිර අප්‍රිකානු රටවල් හතරකින් දැනට එබෝලා රෝගීන් 1800ක් වාර්තා වී ඇති අතර ඉන් 961ක් මරණයට පත්වූහ. මියගිය අය අතර වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ලඩයේ 80ක් සිටිති.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එබෝලා පැතිරීම පාලනය කළ නොහැකි බවයි. පසුගිය දින දෙකේ දී 29 දෙනෙක් මේ රෝගයෙන් මියගිය බවත් එම සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මහජන සෞඛ්‍ය පිලිබඳ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කැර ඇත.
එම සංවිධානයට අනුව පසුගිය සඳුදා සිට බදාදා දක්වා 68 දෙනෙක් මේ රෝගයට ගොදුරුවූහ. ඉන් මියගිය සංඛ්‍යාව 29කි. වැඩිම රෝගින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ලයිබීරියාවෙනි.
මේ රෝගය මැඩපැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියි. බ්‍රිතාන්‍යය ද මේ රෝගය මර්ධනයට දෙනු ලබන ආධාර ප්‍රමාණය පවුම් මිලියන 2-5 දක්වා වැඩිකැර ඇත.
සෑම රාජ්‍ය නායකයෙක් ම වහාම මේ සම්බන්ධයෙන් හදිසි තත්වය ප්‍රකාශයට පත්කළ යුතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
මෙම රෝගයට ප්‍රතිකාර නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේ වුව ද පසුගිය දා රෝගය වැළඳුණු ඇමෙරිකා ජාතික වෛද්‍යවරු දෙදෙනකුට තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින එන්නතක් ලබාදීමෙන් ඔවුන් දෙදෙනා ම සුව වූහ. නොමැත.
රෝගය බෝවන්නේ රුධිරය හෝ එම රෝගින්ගේ ශරීරවලින් නිකුත්වන වෙනත් ශ්‍රාවයන් ගැටීම මගිනි. එබෝලා රෝගය 1976 දි සොයා ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ඩ්ස් වලටත් ප්‍රථමයෙන් ආපු රෝග කාරකයෙක් (නදී)
පිට රටවල ඉන්න අපේ අයව ඉක්මනට ගෙන්නවන්න එපා.ඒ අයගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරලා බලන්න වෙයි (දිල්)
පුළුවන් තරම් ඉක්මනට හොයා ගන්න (දිල්)
කාලෙකට මොකාක් හෝ එනවා (දී)
මේ වෛරස් එකෙන් ලෝකයා බේරා ගන්න ක්‍රමයක් නැද්ද (දී)
කිසිවෙකුට කරදරයක් නොවේවා! (නි)
මේ ලෙඩේ ලෝකෙන් තුරන් වෙලා යන්න ඕනේ (නදී)
පිටරට සිට ලංකාවට පැමිණෙන පුද්ගලයින් දැඩි පරීක්ෂාවට යොමුකළ යුතුය. (නි)
ලයිබිරියාවේ පමණක් නව සියලුම බටහිර අප්‍රිකානු රට වල ඉන්න සියලු ශ්‍රී ලාංකිකයින් ඉක්මනින් ගෙන්වා ගන්න (නදී)
බටහිර අප්‍රිකාවේ සිටින සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් ලංකාවට වහාම ගෙන්වා ගන්න. (නදී)
ඉබෝලා බෝවීම ගැන නිශ්චිතවම කියලා නැහැ. ඒත් බහුතර මතය තමා රෝගීන්ගෙන් නිකුත් වෙන ශ්‍රාවයන් නිසා කියන එක (නදී)
සියලුම අයට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා. (නදී)
මේ වසංගත තත්වයන් 2011 න් පසුව එන බව බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ 1994 දී පවසා තිබුණා.මේ වසංගත මගින් ලෝකේ බොහෝ පිරිසක් මිය යනවා (දිල්)
එබෝලා ලංකාවට පැමිණීමට ඇති ඉඩ ඉතා සිමිතවේ. එම නිසා අනිසි ලෙස බිය වීම අවශ්‍ය නොවේ. එහෙත් සුදානමින් සිටීම නුවනට හුරුය (නදී)
සහන්ට සහ රන්ජිත්ට ස්තූතියි (නි)
අම්මෝ! මට නම් අහනකොටත් බයයි (නි)
මෙම රෝගයේ ලක්ෂණ දන්නා කෙනෙක් ඉනවානම් කියන්න (දී)
සහන්, රන්ජිත් සමරතුංග, ඔබ දෙපලට ස්තුතියි අප සියලු දෙනා දැනුවත් කිරීම පිළිබඳව. (නි)
මේ ලින්ක් එකෙන් ගිහින් විස්තර බලාගන්න පුළුවන්. http://en.wikipedia.org/wiki/Ebola (නි)
https://www.youtube.com/watch?v=Cm6Vka-SIOE (නි)
කැස්ස සහ හෙම්බිරිස්සාව මේ රෝගයේ රෝගලක්ෂණ නොවේ! (දී)
මේක වසංගත තත්වයක් (දී)
ලංකාවටනම් එන්න තියා හිතන්නවත් එපා (දී)
රෝගී වූ සියල්ලන්ටම ඉක්මන් සුවය (දී)
බොහොම ස්තුති රන්ජිත් මහත්මය.(අ)
මේකෙ හරියටම විස්තරයක් කියන්නකො දන්න කෙනෙක්. (අ)
මේ ලෙඩේ බෝ වෙන්නේ කොහොමද? (අ)
එබෝල කියන්නේ රක්තපාත උණක්. 1976 සොයාගත්තට පසුව කිහිපවතාවක් අප්‍රිකාවේ විවිධ ප්‍රදේශ වල ඇතිවෙලා තියෙනවා. 2014 අැතිවූ තත්වය දරුණුම පැතිරිම ලෙස කියන්න පුළුවන්. මේක හැදෙන්නේ එබෝල කියන RNA filovirus එක නිසා. එබොල වෛරස් වර්ග පහක් මේවන විට හඳුනාගෙන ඇත. සයරේ එබෝල වෛරස් එක තමා දැන් පැතිරෙන්නේ. මේකේ මරණ අනුපාතය 50%-90% අතර වෙනවා. රෝගය බෝවන්නේ අසාදිත රුධිරය හෝ වෙනත් ශ්‍රාවයන් මාර්ගයෙන්. තද උණ තත්වය, හිසරුදාව,වමනය, මහන්සි ගතිය හන්දි, පේශි සහ උදරයේ වේදනාව සහ පාචනය මුලික ලක්ෂණ වේ. මීට අමතරව ස්වසනයේ අපහසුව සහ ඉක්කාව දැකිය හැකිය. රෝග ලක්ෂණ ඇතිවීමට දවස් 2-21 අතර කාලයක් ගතවිය හැකිය. පසුව ලේ සහිත පාචනය සහ වමනය, හමේ ලේ පැල්ලම් ඇතිවීම මෙන්ම විදුරුමසින් ලේ ගැලීම දැකිය හැක. අක්මාව සහ වකුගඩු ඉන්ද්රිය හානිවීම සිදුවේ. රෝග ලක්ෂණ බොහොමයක් මැලේරියා සහ ඩෙංගු වලට සමාන වේ . එබෝල පර්යේෂණාගාර මට්ටමෙන් තහවුරු කරගැනීමට ඇමෙරිකාව වැනි රටවලට සාම්පල යැවිය යුතු වේ. ඒ සඳහා BSL 4 පර්යේෂනාගාර අවශ්‍ය වේ. දැනට මේ සඳහා නිසි බෙහෙතක් නොමැත. ZMapp වැනි පර්යේෂණ මට්ටමේ ඖෂධ යොදාගැනීමට අපේකෂිතය. එබෝඅල ජෛව අවියක් ලෙස යොදාගැනීමේ හැකියාවක් ඇත. (අ)
බුදු අම්මේ මං අවුරුදු 1 හමාරක් ලයිබිරියා ඉදලයි ආවෙ .......(අ)
රෝගලෂණ අත්වලින් පටන්ගෙන රතුපාට බිබිලි මුළු ශරීරය පුරාම ව්‍යාප්ත වීම, හිසරදය, කැස්ස , හෙම්බිරිස්සාව,උන උගුරරිදීම, උස්සන්නුවිට ලේ සමග මලපහ පිටවීම, ලේ වමනය යාම තමයි දැනට හොයාගෙන තියෙන්නේ (දී)
ලෝක ජනගහනය පාලනය වෙයි ඉතින් (දී)