සුන්ඩා ෆ්ලයින් ලීමර් ලෙස හඳුන්වන උණහපුළුවකු තම සිරුරම තොටිල්ලක් ලෙස යොදා ගනිමින් විවේකීව සිටින ආකාරය ඡායාරූපයට නැගීමට හැන්සි නම් ඡායාරූප ශිල්පියකු සමත්ව ඇත. ගස්මත දුවපැන වෙහෙසට පත්වූ උණහපුළුවා විවේකීව සිටිනු දක්නට ලැබුණේ ඉන්දුනීසියාවේ සැම්බාස්හි වනෝද්‍යානයක දී බව ඔහු පවසයි. අඩි පහක් පමණ උසින් තම ගාත්රා හතරෙන් අතු කැබැල්ලක එල්ලී නම්‍යශීලී තම පිටුපස කොටස මල්ලක් ලෙස උපයෝගීකැරගෙන ඇති අයුරු මේ ඡායාරූපවලින් පැහැදිලිව දක්නට ලැබෙයි.
දිවා කාලයේ අධික හිරු එළියෙන් බේරීමට ඇස් පියාගන්නා උණහපුළුවා පැසක් වැනි තම සිරුරේ ගුලි වී විවේක ගන්නා ආකාරය ද මේ ඡායාරූපවල පැහැදිලිව පෙනෙන්නට තිබේ. හැන්සි පවසන්නේ උණහපුළුවා විනාඩි 15ක් පමණ මේ ආකාරයෙන් එල්ලී සිටි බවයි. අඟල් 15ක් පමණ දිගැති මේ සතාගේ වල්ගය අඟල් පහක් පමණ වන බවත් බර රාත්තල් තුනක් පමණ වේ යැයි අනුමාන කළ හැකි බවත් හැන්සි කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් කැමතිම අන්තිම ෆොටෝඑකට, ඒක දැක්කම මට ඉරිසියා හිතෙනවා. (නදී)
හම්බාවා උඩරට සහ තෙත් කලාපීය වනාන්තර වල දකින්න පුළුවන්. (නි)
සඳුනි,ඔයාගේ අත් දෙකෙන්ම මට මස්ටිකක් හදලා දෙන්නේ කවදාද..? (නි)
ගහෙන් ගහට පාවී යා හැකි හම්බාවා විශේෂයේ සතෙක් නේද? (නි)
බන්දුල බෙහෙත් ගත්තොත් හොඳයි මොළයේ අමාරුවට (නි)
සොබාදහමේ සුන්දරත්වය රැඳී ඇත්තේ මෙවැනි සතුන් නිසයි (නි)
මෙය හම්බෑවෙක් කුරුණෑගල දකින්න පුලුවන් (නදී)
බන්දුල පෙරේරා වනජීවී එකට ගියොත් එක සතෙක් වත් ඉතිරිවෙන්නේ නැහැ. (ස)
එතකොට අහිංසක මාළුන්ගේ, කුකුලන්ගේ මස් කන අය මොලේ අමරුකාරයෝ නෙවෙයිද (නදී)
මම කැම්පස් යන කාලේ අපේ ගෙවල් ලග වලක වැටිලා හිටපු උනහපුලුවෙක් බේරගත්තා. ඊට පස්සේ මම ඌව කරේ තියාගෙන ෆොටෝඑකක් ගත්තා. ඒක ගිහින් කැම්පස් එකේ යාළුවන්ට පෙන්නුවම එයාල අහපු පලවෙනි ප්‍රශ්නේ තමයි 'දැන් මුන් දෙන්නගෙන් මොකාද නියම උණහපුලුවා කියලා. (නදී)
බන්දු කියල තියෙන්නේ මාංශවල තියෙන ඖෂධීය ගුණයක් මිස එම මස් කන්න කියල නෙවෙයි. ආයුර්වේද පොත්වල හාමස්, ලේනමස් වලත් ඖෂධීය ගුණ ලියල තියෙනවා. එතකොට ඒවා ලියල තියෙන්නෙත් මොලේ අමාරු කාරයෝද?මෙතන කමෙන්ට්ස් දාන සමහර අය කොපමණ පටු විදියට හිතනවද කියල මේකෙන්ම පේනවා. (නදී)
ඔය දන්නා හදුනන කෙනෙක් ඉන්නවනම් බන්දුල පෙරේරාට මස් කිලෝ දෙකක් තුනක් ගෙනත් දෙන්න පෙරේතකම යනතුරු කන්න.(අ)
චමින්ද සිල්වා 2014-08-19 11:37:11.......... ඔබ ඇගේ ගාන සබන් කෑල්ලේ අහිංසක සතුන් කී දෙනෙක්ගේ තෙල් තිබෙනවාද කියා ඔබ දන්නවාද. මහා ලොකු අවිහිංසා වාදී නිර්මාංශිකයෝ අහිංසක සතුන් මරල ගන්න තෙල් වලින් හදන සබන් ගානවා, ලෙදර් සපත්තු, ලෙදර් බෙල්ට්, ලෙදර් පටි තියෙන ඔරලෝසු අඳිනවා, ලෙදර් බැග් පාවිච්චි කරනවා.(අ)
රෙක්ස්, සබන් හදන්න සතුන්ගේ තෙල් ඕනෑ නැහැ. ඒකට පාවිච්චි කරන්නේ පොල්තෙල්,ඔලිවූ තෙල්, පාම් තෙල් වගේ දේවල්. (නි)
රන්ජිත්, ඔයා දන්නවද ලංකාවේ හදන සෑම සබන් වර්ගයකටම ටැලෝ කියන සත්වතෙල් මිශ්‍රණය ගන්න බව. එය ශාක තෙල් වලට වඩා මිලෙන් අඩුයි. (නි)
ඇත්තටම අහිංසක විදියට කාටවත් හිරිහැරයක් නොකර නිදා ඉන්න. ලස්සන දැක්කත් සතුටුයි. ලක්විදු, ඔයාගෙන් යාලුවෝ අහපු ප්‍රශ්නෙට මට තාමත් හිනා. ඒ කාලේ හරි සුන්දර ඇති නේද...? (නි)
රෙක්ස්, ටැලෝ කියන්නේ සත්ත්ව මේදයට. ටැලෝ පාවිච්චි කරන්නේ රෙදිසෝදන සබන් වලට විතරයි. (නි)
ඇයි සදුනි ඔයා මට උත්තරයක් දෙන්නේ නැත්තේ? (නි)
රන්ජිත්, ඔයා නොදන්නවා වුණාට , අපේ බොහෝ නිෂ්පාදකයින් ලාබ ලබන්න හැම සබන් වර්ගයටම වගේ ටැලෝ මිශ්‍ර කරනවා. නැත්නම් සබන් කැටයක් දෙන්න වෙන්නේ දෙගුණයක් විතර මිලට. ඇරත්, ඔයා කියන්නේ සත්වතෙල් දාලා සබන් හදලා රෙදි සේදුවට පව් නැද්ද? (නි)
බොහොම ස්තුතියි පහන්දී, මගේ ජීවිතයේ සුන්දරම කාලය එයයි. දසදහස් ගණනක් මිහිරි මතක පිරුණු එම කාලයට මම දැනුත් සිතින් යනවා. (නි)
රෙක්ස්, නිෂ්පාදකයාටවත් පාරිභෝගිකයාටවත් පවු සිදුවෙනවා කියලා ඔබ කියන්නේ කොහොමද..?ඔබ කියන විදිහට පාරිභෝගිකයා දන්නේ නැහැ සබන් වල සත්වතෙල් තියෙනවා කියලා.ඒ කියන්නේ ' චේතනාවක් ' නැහැ සත්ව ඝාතනයක් ගැන.නිෂ්පාදකයාත් එහෙමමයි එයාගේ අදහස සබන් හැදීම විකිණීම මිසක් සතෙක් මැරීම නොවෙයි. (නි)
රන්ජිත්,මේ කියමනෙන්ම මගේ ඉහත කියමන ඔප්පුවෙනවා නේද? මම කිව්වේ නැහැ පව් සිදුවෙන බවක්. මමත් බෞද්ධයෙක්, මම මස් මාළු කනවා. නමුත් මම සත්තු මරලා හෝ මම වෙනුවෙන් මරවලා ඒ මස් කන්නේ නැහැ. මම කිව්වේ චමින්ද සිල්වාගේ අදහසට සහ කිරිහොද්දේ උම්බලකඩ ගෑවිලා තියෙනවද , කට්ලට් එකේ සැමන් ගෑවිලා තියෙනවද කියලා හොය හොයා යන බොරු අහිංසාවාදීන් ගැනයි. (නි)
දැන් ඉතින් ඇදුම තියෙන අය මේ සත්තු ටික මරාගෙන කයි (නදී)
හරි ලස්සන දසුනක්. කොයිතරම් නිදහස් ජීව්ත්යක්ද? (නි)
මම කුඩා කල අම්මා කියනවා ඇහිලා තියනවා වැහි වෙලාවට, ඔන්න උණහපුළුවෙක් කෑගහනවා කියලා. සද්දෙත් ඇහිලා තියනවා. ඒත් මම කවදාවත් දැකල නැහැ. උණහපුළුවෙක් ෆොටෝ එකකින් හෝ දකින්න ලැබීම ගැන අනන්ත අප්‍රමාණව ලංකාදීපයට ස්තුතියි ..! (නි)
මොනවා වුණත් සතාගේ නින්දට බාධා නොකර ඡායාරූප ගත් මේ පුද්ගලයාට ස්තුතියි! (නි)
අලංකාර ඡායාරූපයක්. (නි)
අනේ හුරතල් සතා! (නි)
අපේ ගම් පළාතේ මුට කියන්නේ හම්බාවා කියලා. රාත්‍රී කාලයට නුවර පළාතේ ගම්වල ඕනෑ තරම් දකින්න ඉන්නවා. ගහක මුදුනට ගිහින් තවත් ගහක මුලට පියඹලා යන එක තමයි මෙයා කරන්නේ. කුරුල්ලෙකුට වගේ ඉගිලෙන්න බැහැ. පොඩි කුරුම්බා මෙයාට පෙන්නන්න බැහැ. (නි)
ලස්සන දර්සනයක්. (දී)
මේ උනහපුලුවෙක් නෙවේ (දී)
හේමන්ත හරි.කුරුණෑගල පැත්තෙත් ඉන්නවා.මේ සතා සර්පයින්ට බයයි. අපේ අප්පච්චිලා පොල් ගස්වල සර්පයින් අඳිනවා මෙයාගෙන් පොල් ටික බේරාගන්න. (නි)
මේකාගේ මස් ඇදුමට හොදයි. (නදී)
අනේ බලන්න, කාටවත් කරදර කරන්නේ නැතුව,තමන්ම තමාගේ ශරීරය නිදියහනක් කරගෙන ඉන්න අපුරුව. මිනිසා කියන සතාටත් මේ විදියට වුණා නම්... ලොකුකම පෙන්වන්න සල්ලි බලය පෙන්වන්න වෙහෙසෙන්නේ නැතුව එහෙනම් කොච්චර ලස්සනට ජීවත්වෙන්න තිබුනද? (නි)
හරිම අපුරු ඡායාරූපයක්. උණහපුළුවා මේ ඉන්නේ ලස්සනට (නි)
සැම මිනිසෙකුටම ජීවත්වෙන්න පුලුවන් සැහැල්ලුවෙන්. ඒ දේ නැතිකරගෙන තියෙන්නේත් අපි විසින්මයි! සෑම කෙනෙක්ම අනවශ්‍ය ආකාරයෙන් එන එන හැමදෙයක්ම බදාගන්න උත්සාහ කරනවා. (නි)
කුමාරි කියන දේත් හරි. මෙහෙම අදහස් දානවිට නගරයේ නොදන්නා කෙනෙකුට යමක් ඉගෙනගන්න ඉවහල් වෙනවා. (නි)
බන්දුල,සතාගේ ලස්සන බලන්න ඒ සතාගේ මස් ගැන නොකියා (නි)
බන්දුල මහත්තයා කාගේදෝ බොරුවකට රැවටිලා. ඇදුම සනීපවීම කෙසේ වෙතත් ජලභීතිකාව බෝවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ සතුන් මරාගෙන කන්න හිතන්න එපා. අනික අහිංසක සතෙක් මරාගෙන කාලා කොච්චර කල් ජීවත්වුණත් වැඩක් නැහැ නේද. ඊට වඩා හොඳයි ඒ ලෙඩෙන් මැරිලා යනවා. (නි)
මම නම් අසා ඇත්තේ උණහපුළුවා අගල් 4-5 විතර දිගට වැඩෙන ග්‍රෑම් 300 ක් පමණ බර කුඩා වඳුරෙක් ලෙසයි. ඌ නිශාචරයෙකි. කුඩා රංචු වශයෙන් ගුලිවී දහවලට නිදා ගනී. කෘමීන් පක්ෂීන් බිත්තර පලතුරු ආහාරයට ගනී. (නි)
බන්දුල පෙරේරා, ඔබ මහා දුර්දාන්ත අදහස් තිබෙන කෙනෙක්. ස්වභාව ධර්මයට ආදරය කරන්න අගයකරන්න සුරකින්න අද ඉදලාවත් ටිකක් ඉගෙනගන්න.මේ සතාගේ මස් ගැන නොවෙයි ලස්සන ගැන හිතන්න. අගය කරන්න.එහෙම අයටයි මනුෂ්‍යයෝ කියන්නේ. (නි)
හරීම සුන්දර සතෙක්. ඒක නොවෙයි ඔය බන්දුල පෙරේරා කියන පුද්ගලයා රස්සාව කරන්නේ බුචරියකද ?(අ)
ලස්සන සතෙක් (අ)