සගවා ඇති පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට මිී මැස්සන්ගේ සහයද ඉදිරියේදී ලැඛෙන සෙයකි.
ඉන්සෙන්ටිනෙල් නම් බ්‍රිතාන්‍යය සමාගම පුපුරණ ද්‍රව්‍ය හදුනාගැනීම සදහා මී මැස්සන් පුහුණු කිරීමේ
ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.පුපුරණ ද්‍රව්‍යයන් වලින් නිකුත් වෙන විවිධ ගඳ සුවඳ හදුනාගැනීමට මී මැස්සන් පුහුණු කිරීම මෙහිදී සිදු කෙරෙන බව සදහන් වේ. ‘ඉව‘ කිරීමෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට පුහුණු කරන බල්ලෙකුට ඒ සදහා මාස හයක පමණ කාලයක් ගත වූවත් පර්යේෂණ වලින් හෙළිවූ ආකාරයට මී මැස්සෙකුට ගතවන්නේ තත්ත්පර හයක් වැනි කෙටි කාලයක් බව පර්යේෂණ කටයුතු මෙහෙය වන විද්‍යාඥ පිරිස කියයි.
අනතුරුව මේ පුහුණුව ලැබූ මී මැස්සන් ජංගම බෝම්බ අනාවරකයක් වැනි උපකරණයකට බහාලන අතර පුපුරණ ද්‍රව්‍ය ආසන්නයේ මී මැස්සන්ගේ හැසිරීම අධ්‍යනය කිරීමෙන් පුපුරණ ද්‍රව්‍ය හදුනාගත හැකි බව විද්‍යාඥයන් පිරිස පවසයි.
තවමත් පර්යේෂණ මට්ටමේ පැවැතියද ව්‍යාපෘතිය සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි.පර්යේෂණ කටයුතු සාර්ථක වුවහොත් ඉදිරියේදී ලන්ඩනයේ හීත්රෝ ගුවනතොටුපලේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් මී මැසි බලකායක්ද යෙදවීමට බළධාරීන් අපේක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය දකින ලංකාවේ පුරාජේරුකරුවන් මෙසේ කියනවා ඇත...."මේවා සුද්දන්ට ඉස්සර අපේ කාශ්‍යප රජතුමාත් පාවිච්චි කළා" (නි)
මේ ගැන දැනුම ගන්න කුරානයෙන්.. (ස)
නිමල්, ඔබගේ පරගැතිකමට අනික් අයද ඈඳා නොගන්න, අපහාස නොකරන්න.(නදී)
රිසාර්ඩ්, ඔව් ඔව් කුරානේ ගොඩක් දේවල් තියෙනවා නේන්නම්? ඒවා කියන්න බැහැ. (නි)
පුපුරන ද්‍රව්‍ය අස්සේ මී මැසී රැජින හිටියොත් ? (නි)
රිෂාඩ්, බෝම්බ සහ කුරානය අතර සම්බන්ධය මොකක්ද ? (නි)
සිල්වා මන් කිවේ පොදුවේ අපේ අය හිතන විදිය. ඒකම තමයි මේ රටට වෙලා තියන වින්නැහිය. පාපැදියක්,පැන්සලක් වත් හදන්න බැරි තත්වෙට රට පත් කරන අයට චන්දෙ දීලා. වෙන රටක් දෙයක් කලොත් පුරාජේරු කතාවක් හරහා පහත් කරන්න තමයි දන්නේ.(නදී)
රිචාර්ඩ් ' කුරානෙට වයස තවම අවුරුදු එක දහස් හාරසිය ගානයි. මී මැස්සෝ හිටියේ මීට අවුරුදු දහස් ගණනකට පෙර බව ඔබ නොදනීද ? (නදී)
රේගුවටත් හොඳ ක්‍රමයක්.(නු)