පිට්සා සම්බන්ධයෙන් ප්‍රකට අවන්හල් ජාලයක් පසුගියදා අපූරු පරීක්ෂණයක් සිදුකළේය.
තම අලූත් නිෂ්පාදන පෙළද රැගෙන ඔවුහු ඉතාලියේ සොරෙන්ටෝ නගරය බලා ගියහ.
ඉතාලිය පිට්සා වල තිඹිරිගෙයයි.
සොරෙන්ටෝ නගරයේ වාසය කළ සාම්ප්‍රදායික පිට්සා කෝකීන් කණ්ඩායමකට තම අලූත් නිෂ්පාදන රස බැලීමට දුන් අවහල් ජාලයේ නියෝජිතයෝ ඔවුන්ගෙන් අදහස් විමසූහ.
ඒ සියලූදෙනාම අලූත් පිට්සා නිෂ්පාදන පෙළ පිළිකෙව් කළහ.
මේ මොන ජරාවක්දැයි ඇසූහ.
එක් පුද්ගලයෙකු පමණක් පිට්සා වලට කැමැත්ත පළ කර සිටියද තම බිරිදගේ විරෝධය හමුවේ අදහස වෙනස් කර ගත්තේය.
මේ සිදුවීම් පෙළ අවන්හල් ජාලයේ ප්‍රවර්ධන කටයුතු සදහා භාවිතා කිරීමට නියමිත බව සදහන්ය.
ප්‍රවර්ධන කටයුතු වලදී යහපත් හා අයහපත් කරුණු දෙවර්ගයම ප්‍රචාරණය සදහා යොදාගත හැකිවුවත් පිට්සා සම්බන්ධයෙන් එය එසේ නොවන බව මේ පුවත සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ බොහෝ දෙනාගේ අදහස වී තිබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොටියට (චීස් ) කේජු ,තක්කාලි ටිකක් දාලා ගත්තා නම් පීසානේ (නි)
අපේ කුස්සියේ හදන පොල් රොටියි ලුණුමිරිසයි මේ පිට්සා වලට වඩා කොච්චර රසද? (නි)
මේක ඇත්තටම කරපු පරීක්ෂණයක් නෙමෙයි. වෙළඳ දැන්වීමක්. (නදී)
මෙහාට ගෙන්න ඕන දෙයක් අපි බාරගන්නවා .ලෙග් ඉන් කලිසම හැදුවේ නටන සහ සර්කස් කරන අයට, ඩෙනිම හැදුවේ බරවැඩ කරන අයට , බෙල් බොටම හැදුවේ කකුලේ ආබාඩයක් ඇති අයට.ඉනෙන් පහල කලිසම සැදුවේ ඉනේ ආබාදයක් නිසා ඉන බුරුල්ව තියාගන්න.සාක්කු ගොඩක් සහ පටි ඈති තුන්කාල කලිසම ඉහළ වැඩකරන්නන්ට අවශ්‍ය අඬු හා යතුරු දමාගැනීමට අපේ කට්ටිය මේවා ඔක්කොම කෙලින්ම බාරගත්තා (ස)
හැමදාම කනකොට එපා වෙනවා තමයි.(හේ)
අතිරස උනත් කලකදී තිත්ත වෙනවලුනෙ .(හේ)
ඉංග්‍රීසි බසින් පීසා කියන්නේ නෑ. පාස්ත කියන්නෙත් නෑ. ඒක නිසා කරදර වෙන්න එපා. (ස)
වසන්ත ගම්ලත් ඔයාගේ අදහස සම්පුර්නයෙන්ම වැරදියි. මමත් ඉතාලියේ අවුරුදු 12 ක්ම හිටියා (නදී)
වසන්ත බිරියානි වලට බුරියානි කියනවා. රටින් රට නමේ වෙනස්කම් තියෙනවා. ලිප උඩ තියෙන බත් උයන මුට්ටියට කියන්නේත් ඉංගිරිසියෙන් "රෛස් කුකර්" කියලා නේද? සෝස් පැන් එකට අපි කියන්නේ සාස්පාන කියලා. (නදී)
කෑම සූත්‍රයට ගිහිල්ලා රුපියල් 200ට රොටියක් ගන්න කීපදෙනෙක් සහභාගී කරගෙන මේ පර්යේෂණය කළානම් ප්‍රතිඵලය වෙනස් වෙනන් තිබුණා. (ස)
අපට පිටරට කෑම වල නම් ඕන විදිහට වෙනස් කරන්න බෑ.ඕගොල්ල ජ්‍යාත්‍යන්තර සූපවේදී වැඩසටහන් බලනවා නම් දැන ගන්න පුළුවන්.ඒක තේරෙන්නේ පිටරට අවන් හලකට ගිහින් කෑම තෝරන්න ගියාම.ලංකාවේ කියන නම් එහේ කියල හරියන්නේ නෑ.හැමවිටම හරි නම් පාවිච්චි කරන්න පුරුදු වෙන්න . (ස)
මේක තමිය මම අහපු ලොකුම බොරුව ඉතාලි කාරයෝ පිටස එපා කිව්වොත් බල්ලෝ --------- නොකා ඉඳීවි
පීසා හොද කෑමක්නේ (දිල්)