ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජනපති මන්දිරය ඉලක්ක කර ගනිමින් ඊයේ (13) තලේබාන් සටන්කාමීන් රොකට් ප්‍රහාර තුනක් එල්ල කළ අතර, එම ප්‍රහාරවලින් සිවිල් වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිව් දෙනෙක් තුවාල ලැබූහ. ජනපති මන්දිරය ඉලක්ක කර ගනිමින් එල්ල කළත්, එම රොකට් ප්‍රහාරවලින් මන්දිරයට කිසිදු හානියක් සිදු නොවිණි. රොකට් ප්‍රහාර එල්ල වී ඇත්තේ ජනපති මන්දිරය අසල පිහිටි ගොඩනැගිලි වලටය. ප්‍රහාරය එල්ල වෙද්දී ජනපති හමීඞ් කර්සායි මන්දිරයේ නොසිටි බව ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි. ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කර 11 වැනි වසර ඊයේ (13) ට යෙදී තිබුණි. ත්රස්තවාදයට එරෙහි සටන අරඹමින් එවකට ඇමෙරිකාවේ ජනපතිධුරය හෙබවූ ජෝර්ජ් බුෂ්ගේ අණ පරිදි ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරද්දී එරට පැවැතියේ තලේබාන් පාලනයකි. ඇෆ්ගන් ජනපති මන්දිරය පිහිටා ඇත්තේ කාබුල් අගනුවර අධි ආරක්ෂක කලාපයකය. ඇෆ්ගන් ආරක්ෂක අමත්‍යාංශය ඇතුළු රජයේ අමත්‍යාංශ රැුසක් සහ බුද්ධි අංශ මූලස්ථානය ද පිහිටා ඇත්තේ එම ආරක්ෂක කලාපයේය. තලේබාන් මෙන්ම අල් කයිඩා සටන්කාමීන් ද අවස්ථා ගණනාවකදී එම ආරක්ෂක කලාපයට ඇතුළු වී, ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කළ ද ආරක්ෂක අංශ මැදිහත් වී ඒවා වැළැක්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලඟ වතාවෙත් උත්සාහ කරන්න (ස)
මූලධර්මවාදී, අන්තවාදීන් විනාශ කිරීමට සියල්ලන් තම සහයෝගය දියයුතුයි. (නි)
රොකට් ප්‍රහාරයක් කියනකොට මට මතක් වුණේ භාමියන් බුදු පිලිම ටික ගැන (ස)
රුසියාවට සමකරන්න නම්, තව අවුරුදු හතක්වත් යුද්ධය කරන්න වෙනවා. (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය පසුපස එනවාවද්ද? (නි)
බාමියන් බුදු පිළිම වලට කළ අපරාධයට වන්දි ගෙවන්න පටන් ගත්තාවද්ද? (නි)
කල කම් පලදේ........ බුදුපිළිම විනාශ කල පවු වලට තාමත් පල දීලා ඉවර නැහැ. සාධු සාධු (නු)
හරියට මියන්මාරයට භූමිකම්පාව ආවා වගේ තියෙන්න ඇති. (නි)