ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔලැන්ඩෝහි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 50 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියයි.
සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස 52ක් පමණ වෙතැයි කියති. මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ද ගෘහස්ත සිදුවීමක්ද යන්න සොයා බැලීමට පරීක්ෂණ පවත්වන බව එෆ්බීඅයි ප්‍රකාශකයකු පවසයි.
වෙඩි තැබූ පුද්ගලයාද මිය ගොස් ඇති බවත් ඔහු මිය ගියේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් තවමත් ලැබී නැති බව ඇමරිකා ආරක්ෂක අංශ කියයි.
පසුගියදා ඇමරිකා ජනප්‍රිය ගායිකාවක වන ක්‍රිස්ටිනා ග්රීමිට වෙඩි තබා ඝාතනය කෙරුණේද ඔලැන්ඩෝ ප්‍රදේශයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තැබීම කර ඇත්තේ කවුරු වුණත් මෙය මහා අපරාධයක් (නි)
පාසල් වල, විද්‍යායතන වල, වෙළඳ සංකීර්ණ වල නිතරම මෙවැනි වෙඩිතැබීම් සිදුවී බොහෝ දෙනා ජීවිතක්ෂයට පත්වන ඇමරිකාව ජීවත්වීමට ලොව භයානකම රටකි. ඉතාලිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය වැනි රටවල් ඉතාමත්ම ආරක්ෂිත වන අතර මහජන සුභසාධනය උදෙසා ආණ්ඩුව විශාල පිරිවැයක් දරනවා. (නි)
මුළු ලොවම විනාශ කරන ඔබ, දැන්වත් මෙය නවත්වන්න. අපි හැමෝටම මෙම ලොව ප්‍රශ්න නැතුව ඉන්න දෙන්න. මිනිසා ජීවත්වන්නේ ඉතා සුළු කාලයකි. (නි)
අයිඑස්කාරයෝ කළා කියලා නේද බොහෝදුරට ප්‍රචාරය ගිහින් තියෙන්නේ.... (නි)
මිලානෝ දන්නා දෙයක් කතා කරන්න, මම ඇමරිකාවේ අවුරුදු 20 ඉන්නවා, මේක ලෝකේ ආරක්ෂිතම රටක්.. මේ අපරාධය කළේ අයි.එස් ත්‍රස්තයෙක්. ත්‍රස්ත ප්‍රහාර ලෝකේ කොතනත් සිදුවිය හැකියි (බ)
අයිඑස් අයිඑස් මෙය කල බව නිවේදනය කර තිබෙනවා. අයිඑස් අයිඑස් විනාශ කෙරීමට ඇමෙරිකානුවන්ට නොහැකිවීම ඔවුන්ගේ ලොකුම පරාජය වේ.(හේ)
අපේ හමුදාව යැව්වා නම් ඔය අයි අයි එස් නෑ.(හේ)
30 වසරක මතක අමතකද (බ)
චානක, ඔබේ අදහසට අනුව ත්‍රස්ත ප්‍රහාර සිදුවන්නේනම් එම රට ආරක්ෂිත බවද ඔබ කියන්නේ? මීට පෙර පාසල්වල, විශ්ව විද්‍යාලවල සහ සුපර්මාර්කට් සංකීර්ණ වල සිදුවුන සමුහ වෙඩි ඝාතනත් ඔබට සාමාන්‍ය නොගිනිය හැකි දේවල්ද? මහා දවල් හතරවටේට නිතර වෙඩි තැබෙන මෙවන් රටක් ආරක්ෂිතද? (ර)
ෆ්ලොරිඩාහි ඔර්ලන්දෝ වල වේදිකාවක නිදහසේ ගී ගැයූ ක්‍රිස්ටිනා ග්රිමී අහිංසක ගායිකාවට වෙඩි තබන රටක් වන ඇමරිකාවේ මිනිස්සු රැයකට කෙසේ වෙතත් දවාලටවත් පාරට බහින්නේ කොහොමද? ඉතාලියේ රාත්‍රී දොළහට වුනත් ගැහැණු ළමයකුට බය නැතුව පාරේ යන්න පුළුවන්. (ර)
ලේක්කෝ ගලබඩ ඉතාලිය සහ ඇමරිකාව සමාන කරන්න බැහැ, ඉතාලිය කියන්නේ ඇමරිකාවේ තිබෙන කුඩාම ප්‍රාන්තයටත් වඩා කුඩා රටක් , අනික අපි නොදන්නා ඉතාලිය . (ර)
ගලබඩ හෝ මිලානෝ, ඇමරිකාවට ගිහින් තියෙනවාද? ඔබ ඇමරිකාව කියා ගිය හතරවටේටම වෙඩි තබන, කාන්තාවන් පාරට නොබසින රට ඉරාකය වෙන්න ඇති. ඇමරිකාවේ නම් කාන්තාවන් රෑට ඕනෑතරම් රැකියා සඳහා යනවා. අපි නොදන්නා අපරාධ නැති ඉතාලිය. (නි)
තමන් වැපිරූ බීජ වල පල තමන්ම නෙලා ගැනීම. (අ)
ඇමෙරිකාවේ ජනගහණය මිලියන 319යි. ඉතාලියේ මිලියන 60 ට ටිකක් අඩුයි. මේ ධර්මද්වීපයේ මිලයන 20 ක් පමණ වේ. රටවල් වල අපරාධ සසඳනවිට ජනග්රහණයද සළකා බලන්න. ඇමෙරිකාවේ වෙඩි තබනවිට කුහක සතුටක් නොලබන්න. කොහේ සිටින්නේත් මිනිසුන්ය (නි)