බි්රතාන්යයේ බටහිර මිඩ්ලන්ඩ් ප්‍රදේශයේ සෆාරි උද්‍යානයක බිම වැටී තිබුණු අයිෆෝනයකින් තමන්ගේ පින්තූරයක් ගැනීමට උද්‍යානයේ සිටි ඇතින්නකට හැකි විය.
මේ බව හෙළිව ඇත්තේ අයිෆෝනය සොයාගෙන ඇති උද්‍යානයේ සේවකයින් එය පරීක්ෂා කළ අවස්ථාවේදීය.
ලටාබේ නම් වන සෆාරි උද්‍යානයේ වෙසෙන ඇතින්නගේ අපූරු ඡායාරූපයක් එහි විය.
සේවකයින් පවසන්නේ ඇතින්න මේ කුමක්දැයි අයිෆෝනය හොඩවැලෙන් ඒ මේ අත හරවමින් සිටියදී බොත්තම තදවී ඡායාරූපය ගැනෙන්නට ඇති බවයි.
මෙය ඇතින්නක ‘‘තමන්ගේ ඡායාරූපය‘‘ ගත් ලොව ප්‍රථම අවස්ථාව ලෙස සැළකේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියෝ ටික ටික අවදිවෙනවා වගේ වෙනසක් ඇතිකරන්න, (අ)
ඔයා අද හරි ලස්සනයි අනේ. (අ)
අහම්බෙන් සිද්ධ වුනත් මේක නම් නියම සිද්ධියක් (අ)
ඇතින්නියකට දළ නැහැ නේද ? (ස)
ලකී, අප්‍රිකානු අලි ගැහැණු පිරිමි භේදයක් නැතිව ඔක්කොටම දළ තියෙනවා. අපිට දුර්ලභ දේවල් සමහර රටවලට දුර්ලභ නැහැ. ඉන්දියාවේ දෙමලිච්චගේ හොටය රතුයි, අපේ දෙමලිච්චට රතු හොටයක් නැහැ. (ස)
මේක බොරුවක්. බිම තියෙන එකකින් ගත්ත නම් මේ කෝණයට චායාරුපය වදින්න විදියක් නැහැ. (ස)
ලෝකයේ මේ තරම් බොරු කොතරම් සිදුවෙනවා ද ? (ස)
ඉන්දික එම ස්ථානයේ පොළොවේ හැඩය කොහොමද කියල ඔයා දන්නවද ? පොළොවේ හැම තැනම පැතලිද? (ස)
ලෝකයේ අහඹු සිදුවීම් අතර ඉතාමත් සිත් ගන්නා සුළු දේවල් සිදුවෙනවා. අපිට ඒවා දකින්න ලැබෙන්නෙත් අහම්බෙන්. ඒවා වෙන්නේ නැහැ වෙන්න බැහැ කියල තර්ක කරන එක උචිත නැහැ. (නදී)
වැඩක් නැහැ. මේ ෆොටෝ එකෙන් වත් අලියට උගේ මුළු ප්‍රමාණයම දකින්න බැහැ. කවදාවත්ම දැන් ඉන්න අලින්ට උන්ගේ තරම තේරෙන්නේ නැහැ.(නදී)
ඉන්දික, මේක වෙන්න පුලුවන් දෙයක්, මම හිතන්නෙ, අයි පෝන් එකෙ දෙපැත්තෙම කැමරා තියෙනව නේද?, හැබැයි මම ලග නම් අයි පෝන් එකක් නැහැ. (නදී)
ෂෙරිෆ්,අලියෝ ටික අවදිවෙනකොට පෙරහැර ගිහිල්ලා. (නදී)
මම නම් හිතන්නෙ එයාගෙ ආදරවන්තයට යවන්න පින්තූරයක් ගන්න ඇති (නදී)
ලකී , ඇතා කියන්නේ දල තියන නිසා පිරිමි සතාට, ඇතින්නි කියන්නේ දල තියන ගැහැණු සතාට කල්පනා කරලා අදහස් දක්වන්න (නදී)
ඇතාගේ ගෑනු සතා ඇතින්න සහ අලියාගේ ගෑනු සතා ඇතින්න නෙවේ 'කෙනර' (නදී)
ඡායාරූප ශිල්පියෙකුට හෝ සිට ජීවිතයේදී ගතනොහැකි ඡායාරූපයක් (නි)