තම 24 හැවිරිදි ගණිත ගුරුවරිය මැරීමේ චෝදනාව යටතේ ඇමෙරිකාව් 14හැවිරිදි පාසල් දරුවෙක් චෝදනා ලබයි.
මෙම ගුරුවරිය ගෙදර නොපැමිණීම හා දුරකථනයට පිළිතුරු නොදීම හේතුවෙන් පවුලේ අය පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව පාසලට ගොස් පරීක්ෂා කිරීමේදී පාසලේ වැසිකිලියක ලේ තිබෙනු දැක තිබේ.
ඒ අනුව සොයා බැලීමේදී ඇගේ සිරුර අසල ඇති කැලෑවක තිබී සොයා ගෙන ඇත. චිත්‍ර කාමරයෙහි තිබූ පිහියකින් කපා කොටා ඔහු මෙම ඝාතනය කර ඇති බව පැවසේ. ගුරුවරිය මැරීමට හේතුව කුමක්දැයි තවම අනාවරණය වී නැත.
එමෙන්ම එදා රාති‍්‍රය වන තෙක් ගෙදර නොපැමිණි සිසුවාද රාති‍්‍ර 12.30ට පමණ පාසල අසල තනියම ඇවිදමින් සිටියදී සොයා ගෙන ඇත. එදින රාති්රයෙහි පාසලේ පාපන්දු සගමයේ භොජන සංග්‍රහයක් පවත්වා ඇති නමුත් ඔහු ඊට ද සහභාගි වී නොමැත. ඝාතනය කිරීමට පෙරදින රාති්රයෙහි ඔහු බ්ලූ ජස්මින් නැමැති චිත්රපටියක්ද නරඹා ඇති බව පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ළමයා තාම සැකකරුවෙක්.ලිපිය හරි හැටි කියවන්න. (ස)
මොන රටක වුණත් නොඇසිය යුතු... නොදිටිය යුතු.... අසාමාන්‍ය දුක හිතෙන පුවතක්.අහිංසක ගුරුතුමියට නිවන් සුව! (නි)
ඔය අැමරිකාව ගැන නොබලා වැදගත් ඉතිහාසයක්/ශිෂ්ටාචාරයක් තිබෙන ලංකාව ගැන බලන්නකෝ (නි)
"මට නම් සුද්දෝ මොනවා කළත් සුද්දා හොඳයි." අපේ අයටත් එහෙමමයි අක්කේ.කොහොමහරි සුද්දා වුණොත් එච්චරයි... (නි)
මට නම් සුද්දෝ මොනවා කලත් සුද්ද හොදයි අනේ මන්ද නිල්මිණි(දිල්)
මේ වගේ සුද්දෝ කොහොමද වැදගත් වෙන්නේ (දිල්)
ඇමෙරිකාවේ ගුරුවරුන්ට කරදර බාල වයස් කාරයන්ගෙන් ලංකාවෙ නම් සමහර දෙනා පියන්ගෙන්,සහ බල පුළුවන් කාර සමහර නරුමයන්ගෙන්. (දිල්)
ලක්මිණි වෙදමුල්ල,"සුද්දා මොනවා කළත් සුද්දා හොඳයි" කියලා කියන්න එපා හැමවිටම.අපිත් ඉස්සර හිතාගෙන හිටියේ,සුද්දෝ කියන්නේ හරි පිළිවෙලට ඉන්න වැදගත් ජාතියක් කියලා.සමහර සුද්දෝ කරන වැඩ දැක්කම ලංකාවේ අයගෙයි සුද්දන්ගෙයි වැඩි වෙනසක් නැහැ.වෙනස ඔවුන්ගේ හම සුදු එකයි.අපේ අය සුදු රෙදි ඇඳගෙන කරන දේ ටයි කෝට් ඇඳගෙන කරන එකයි විතරයි. (නි)
ඇමෙරිකානුවන් වැඩි දෙනෙක් විවිධ මානසික පීඩනයන් තුල ඉන්නේ.අපි හිතුවට ඔය රටවල මිනිස්සු හරි සමාජශීලියි කියලා,එහෙම නැති අය ඉන්නවා.කඳුකර ප්‍රදේශවල,ගොවිපලවල් ආශ්‍රිතව වගේ හැදෙන ළමයි,හරිම අමුතුයි.අනෙක් අය සමග එකතු වෙනවා හරි අඩුයි.සිතීමේ ශක්තියත් අඩුයි.පරිගණකයක් පාවිච්චි කරන්න දැනුමක් නැති ඇමෙරිකානු සරසවි සිසුන් ගැන මම අසා තිබෙනවා.දෙමාපිය දරු සම්බන්ධතා ඉතාමත්ම අඩුයි.ආදරයක් ඒ ළමයින්ට නොලැබෙන තරම්.පොඩි කාලයේ ඉඳලම ස්වාධීනයි.ඉතින් ඔය වැනි තත්වයන් තුල මෙවැනි දේවල් සිදුවන එක අරුමයක් නෙමෙයි. (නි)
මිහිරට හරි දුකයි වගේ. හරි. ලංකාවේ ළමා දුෂණ තිබෙනවා කියමුකෝ. ඇමෙරිකාවේ ළමයි අවුරුදු 10 වෙද්දී අයාලේ යන එක ලංකාවේ වෙනවද? ඔයාගේ දුව හරි නංගි හරි එහෙම යනවා නම් ඔයාට සතුට හිතෙයි නේද? (නි)
ඇමරිකාවේ ලොකු අය අනෙක් රටවල මිනිස්සු මරනවා, පොඩි අය ඒවා බලලා පුරුදුවෙනවා මිනිස්සු මරන්න. ඔහොම යමු. (නි)
මට චන්දිම ගැන හරිම දුක හිතෙනවා. ඔයා දන්නවද ඇමෙරිකාවේ ළමයි අවුරුදු 14 වෙනතුරු ගෙදර තනියම තියලා යන්නවත් නීතියෙන් ඉඩක් නැහැ. අවුරුදු 10 නෙමෙයි අවුරුදු 2, 3 ඉඳලාම අයාලේ යන්නේ කොහෙද කියලා කව්රුත් දන්නවා. (නි)
අනේ ලක්මිණි, ඉතාලියේ කොහෙද වැදගත් සුද්දෝ? (නි)
"මට නම් සුද්දෝ මොනවා කළත් සුද්ද හොදයි අනේ"? නැතුව නැතුව අපේ ආච්චිත් ඔය ටිකමයි කිව්වේ... (නි)
පුදුමයි වෙඩි තිබ්බේ නැති එක, හැම කෙනාගේම අතේ තුවක්කුනේ. (නි)
කුමාරි, බොහොමයක් රටවල පරිගණක මගින් ළමයින්ට අදාල නැති ඒවා බලන්න බැහැ.ඒවා බ්ලොක් කරලා තිබෙන්නේ.එහෙම නැත්නම් දෙමව්පියන්ට උපදෙස් දෙනවා බ්ලොක් කරන්න කියලා.ලංකාවේ වගේ ගෙඩි පිටින් චාරයක් නැතුව බලන්න බැහැ. (නි)
"පුදුමයි වෙඩි තිබ්බේ නැති එක:"? මැරෙන්නද? උපදින්නද? තුවක්කු වර්ග දෙකක් තියෙනවලු ...(නදී)
ආගම දහමට ඇමෙරිකාවේ පාසල් වල, ආණ්ඩුවේ ආයතනවල, උසාවි වල ඉඩක් නැහැ. මේ තැන් වලින් ආගම පිටමං කරලා තියෙන්නේ. (නි)
ඇමෙරිකාවේ ගොඩක් ඉන්නේ මානසික ලෙඩ්ඩු, අසහනකාරයෝ. මාධ්‍ය මගින් අපට සියළුම දේවල් දැනගන්න නොලැබුණාට , දිනපතා සියයකට කිට්ටු ජීවිත සංඛ්‍යාවක් වෙඩි තැබීම් වලින් නැති වන බව එහි සිටින මගේ හිතවතෙකු මා සමග කියා සිටියා. (නි)
ලංකාවේ උනානම් බලන්න තිබුණා අපේ අයියලා රටට බැනලා දාන ප්‍රතිචාර ටික....(නදී)
ඇමරිකන් ගැති ලංකාවේ අයට හොඳ ආදර්ශයක් . (ස)
මම දන්නා කපල් එකක් ග්‍රීන් කාර්ඩ් එකට ඇමෙරිකාවේ ගියා. ගිහින් පලවෙනි සතියෙම හස්බන්ඩ් වැඩට ගිහින් එද්දී කෙනෙක් වෙඩි තියල මැරුවා. මිනිය ලංකාවට ගෙනත් අවසන් කටයුතු කලා. ඉසුරු සොයා ඇමෙරිකාවේ යන යට වෙන දේවල් ගැන ඕනේ තරම් උදාහරණ තියෙනවා. මට කේන්ති ඒවා ගැන නෙමෙයි. අපේ රටට කරන කෙනෙහිලි කම් ගැන. මොකද මෙහෙ ඉන්න අය එහෙට එන්න ග්‍රීන් කාර්ඩ් ඉල්ලලා නැහැනේ. අපේ පාඩුවේ ඉන්න දීල ඕනේ කෙනෙක් මාරා ගත්තට කමක් නැහැ..(නදී)
ළමා මනස දැන් විකෘති වෙලා දැන්,මෙහෙත් ඔයිට වඩා දරුණු වෙයි මට පෙන්නේ ඉදිරියේදී,(දිල්)
ලෝකය සංවර්ධනය අතින් ඉදිරියට ගියත් චර්යා අතින් ආපස්සට යනවා (නි)
අද ළමයෙක් කොම්පියුටර් එක ළඟ ඉදගත්තම බලන්නේ මොනවද? ලෝකේ දියුණු වෙලාලු......... මිනිසුන් තිරිසන් වෙලාලු..(අ)
ඇමෙරිකාවේ නීති ලංකාවේ දාලා හරියන්නේ නැති බව දැන් හොඳට පේනවා.මානව හිමිකම් වලින් වලින් ගුරුවරුන්ගේ කකුල් බැඳලා, හිරකාරයෝ බවට පත් කරලා තියෙන්නේ.මෙවැනි ළමුන් තව දුරටත් ළමුන්ද? (අ)
බොහොම හොඳයි.මානව හිමිකම් උපරිමයෙන්ම තිබෙනවා. ප්රජතන්ත්රවාදය අකුරටම පිළිපැදලා තිබෙනවා. (නි)
හරිම නිදහස් රටක් ! (ස)
මතක තියාගන්න ඇමෙරිකාවේ කෝටි 30 ක් ඉන්නවා ජනතාව. මේ හැම දෙයක්ම මාධ්‍ය මගින් ප්‍රචාරය වෙනවා. ලංකාවේ හැමදාම ළමා දුෂණ. පළාත් පාලන මන්ත්‍රීලම මාසෙකට කරන ඒවා මුළු ඇමෙරිකාවේම අවුරුද්දකටවත් වෙන්නේ නැහැ. (නි)
මුදල් උපයන්න බලය තහවුරු කරගන්න (නි)
ඇමෙරිකාවේ පොලිසිය අපරාධ කරුවන් අල්ලනවා බේරෙන්න අමාරුයි. දේශපාලන ඇගිලිගැසීම් නොමැත. මාධ්‍ය ප්‍රකාශක උදේ එකක්,දවල් එකක්, රෑට එකක් ප්‍රකාශ නොකරයි "සිහිනෙන් දෝත් බෙහෙත් දෙයි.(නදී)
මුදල බලය තාන්හාව යටි අරමුණ කරගන අපිට සේවය කරන්න දගලන්නේ අපේ උතුම් අයයි කියාගන්නා ජන නායකයෝ. හෙට දිනයේ අපේ මනස කෙතරම් අවුල් කරාවිද? එදාට මේ වගේ මානසිකත්වයක් ඇති අය බිහි නොකරාවිද? (නදී)
අර කොල්ලා නම් කළු එකෙක් වගේ.(නදී)
ඇමෙරිකාව, බයිබලයත් යාඥාවත් පාසලෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. පාසලක ආගම දහම කතා කිරීම තහනම්. මේ ඒවායේ ප්‍රතිපල තමා ඇමෙරිකාව නෙලාගන්නේ. (නි)
මම ඉන්නේත් ඉතාලියේ. අපේ වගේ රටක ස්ත්‍රී දූෂණවලට සම්බන්ධ වෙන්නේ ලංකාවේ වගේ ගමේ ගොඩේ අයියලා නෙමෙයි හොඳ වැදගත් සුද්දෝ. මට නම් සුද්දෝ මොනවා කළත් සුද්දා හොඳයි. (නි)