මාස 8 ක ගැබිනි ගුරුවරියකට රාත්‍රී වූ සමාජ ශාලාවකට ඇතුළු වීම තහනම් කරන ලද පුවතක් එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරින් වාර්තා වේ.
ඒ ඇය තම යෙහෙළිගේ සාදයට සහභාගි වීමට උස් අඩි පාවහන් වෙනුවට පැතලි අඩි සහිත පාවහන් පළඳා පැමිණීම හේතුවෙනි.
ඇබී ඇෂ්ක්‍රොෆ්ට් (28) නැමැති ඇය ඩර්හැම් නුවර කලා ගුරුවරියකි.
ඇය ගැබිණියක බැවින් පැතලි අඩි සහිත පාවහන් පැළැඳ පැමිණි බවත් ඇයට ඇතුල් වීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් ඇගේ අනෙක් යෙහෙළියෝ සමාජ ශාලාවෙන් ඉල්ලුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේෂාන්, ඔයා ඉන්නේ තුර්කියේමද? (නි)
ගැබිණි කාන්තාවක් සමාජ ශාලාවකට යනවා කිව්වම ලංකාවේ අපේ ජීවත්වෙන පිළිවෙලට නොගැළපෙන දෙයක් වුණත් ලෝකය දිහා බලනකොට රූපවති විස්තර කරලා තියෙන දේ හරියටම හරි. ඔබට ස්තුතියි. (නි)
ඉතින් යන්න ඔනෙමද (දී)
හේෂාන් සොයුර, සත්‍ය වටහා දුන් ඔබට ස්තුතියි. ඒක තමයි බටහිර මිනිසුන්ගේ දියුණුවේ රහස සිංහලුනේ. (නදී)
ශානි, ඔයාල කවදාවත් ජීවිතේ හරිදේ දකින්න උත්සහ කරන්නේ නැහැ. අපේ රටේ මිනිසුන් ගොඩාක් උද්දච්චයි (නදී)
රූපවතීඅක්කෙ,ඔයා හරිදේ හරියටම කීවා.මනෝලෝකවල ජීවත්වෙන පිටබද්දර ජයා.සානි වගේ අය නිසා ඔයාගෙ අර්තවත් විග්‍රහකිරීම නවත්තන්නඑපා.(අ)
අනේ රුපොවතියේ මම මේ හිතට මට දැනුන විදිය මිසක් තරහකින් අමනාපෙකින් එහෙම නෙවෙයි ඔන්න , මගේ අම්ම දරුවෝ හත් දෙනෙක් ද හැදුව දෙවියන්ගේ පිහිටෙන් මගේ අම්ම ආතතිය අරගන්න සමාජශාල ගියේනම් නැහැ , ආතතියක් තිබ්බෙත් නැහැ දරුවෝ නිසා බොහොම සන්තෝසෙන් කල් ගෙවුවේ (අ)
සමාජ ශාලා වලට ආවේනික ඇදුම් විලාසිතා වර්ග තියෙනවා (ඩ්‍රෙස් කෝඩ්) එක දැනගෙන ඇතුල් වෙන්න ඕනි එහෙම නැත්නම් අවසර නැහැ ඇතුල් වීමට, එහි තත්ත්වය පවත්වාගෙන යාමට හැම රටකම අනුගමනය කරන දෙයක් (දිල්)
රුපගේ හා හෙෂාන්ගේ අදහස්වලට මම එකගයි අපේ රටේ මිනිස්සු බලන්නේ එක පැත්තකින් විතරයි නමුත් අපි ලෝකය දිහා අලුත් විදියට බලන්න ඕනේ ..(දිල්)
සපත්තුවේ උස හොයන්නේ මොකටද? (නි)
සමහරු මෙතන ලංකාවේ රාත්‍රී සමාජ ශාලා සහ පිටරට තිබෙන රාත්‍රී සමාජ ශාලා එකම මට්ටමකින් මනිනවා.ඒක වැරදියි. (නි)
පුර්ණ, තවම ලෝකය ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක් වගෙයි. (නි)
ගැබිනියක් උනාම ගෙදර දොර මුල්ලේ හැංගිලා ඉන්න එක නොවෙයි කල යුත්තේ. හැකි සෑම විටම ශාරීරික සුවය මෙන්ම මානසික සුවයද ලැබෙන පරිදි එළිමහනට ගොස් සමාජය ඇසුරු කිරීමය. එයින් අදහස් කරන්නේ නැහැ නැහැදිච්චකම් කරන්න කියන එක. ඕනෑම ආකාරයක නැටුම් ගැයුම් බැලීම සිතට ලොකු සහනයක් ලැබෙන දෙයක්. (දී)
මම ඉන්නේ තුර්කියේ නෙමෙයි . සමහර අයගේ අදහස් ඇත්ත. ශ්‍රී ලාකාවේ සමාජශාලා ක්‍රමය නෙමෙයි යුරෝපයේ වෙනස් ඒවත් තියෙනවා. ගීතා,ඔබ හරි. ඒත් එවන් ස්ථානයකට නම් මේ කාන්තාවට පැතලි සපත්තු නිසා ඇතුල් වෙන්න අවසර නොදුන්නේ ඇයි කියල නම් දන්නේ නැහැ. (දී)
හෙසා,මමත් එකට හරි හේතුව නම් දන්නේ නැහැ.නමුත්, මට මෙහෙම හිතෙනවා.තරුපහේ හෝටලයක පැවෙත් වෙන විවාහ උත්සවයකට, සෙරප්පු දෙකක් පැළදගෙන කලිසමක් ඇදගෙන, සෙරප්පු දෙකක් දාගෙන පිරිමියෙක් ගියහමත් එතනත් මොකක් හරි අඩුවක් තියෙනවා නේද .අන්න එවැනි දෙයක් වගේ කියලා හිතෙනවා කාන්තාවක් පැතලි සපත්තු පැළද සමාජ ශාලාවකට යාම. (දී)
චමින්ද, ඔව් කලිසමට සෙරෙප්පු දැම්මොත් ගොනයි මිහරකයි වගේ නේ? එත් ශ්‍රී ලංකාවේ දැන් ලොකු ලොකු හෝටල් වලටත් සරම ,බැනියම,අඳින එකත් මොඩ් නේද.?යුරෝපයේ එක එක තරාතිරමේ රාත්‍රී සමාජශාලා තියෙනවලු, ඉහල පැලැන්තියේ අයයන ඒවා ටයි කෝට් දාල ෆුල් කිට් එකෙන් ( එහෙම තැනක් වෙන්න ඇති මේක ),සාමාන්‍ය අයට යන ඒවත් තියෙනවලු ජීන්ස් එකට ටි ශේර්ට් එක දාල. ඒකයි මේ වෙනස. රාත්‍රී සමාජ ශාලා කිවම අපට මතක් වෙන්නීම ලංකාවේ විදිය එකයි මෙතන ප්රශ්නය නේද? (දී)
රුපවති අක්කේ ඔයා හරි (දී)
කුසේ ඉන්න බබා උඩ පැන පැන හිනා වෙනවා ඇති (දී)
මන්චේස්ටේර් නගරයේ තිබෙන සියලුම හෝටල් සහ සමාජශාලා උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යන ඒවා වේ. මැයට එහි ඇතුළු වීමට ඉඩදී නොමැත්තේ ඇය පැමිණි විලාසය නිසා වෙන්නට ඇති.ඔවුන් තම ආයතනවල මෙහෙයුම් සහ රාජකාරී අකුරට කරන පිරිසක්. සුද්දගේ වැඩ කියල අපේ ජන වහරට ඇවිත් තියෙන්නේ ඒ නිසානේ. (දී)
රූපවති කියූ දේවල් 75% හරි. ඒත් මේවා රාත්‍රියේ පැවැත්වෙන ඒවා වෙන නිසාත්, මේවායේ ශබ්දය ගැබිණි මවකට නුසුදුසු නිසාත් මම ගැබිණියක් යනවාට එකඟ නැහැ. (නි)
ඇත්තටම හොද දැනුවත් කිරීමක් කරලා තියෙන රූපා සහෝදරියට ගොඩක් ස්තුතියි. (නි)
මොන මෝඩ ගෑනියෙකේද ? සමාජ ශාලාවෙට යනවද ළමයි ලැබෙන්න ඉන්න ගැහැණු. (නදී)
තාරක සමාජ ශාල කියන්නෙ අපෙ පාර්ක් ,පන්සල් වගේ ජනයා ගැවසෙන ස්ථාන කියන එක ඉගෙන ගන්න. (නදී)
කාන්තා උස අඩි සපත්තු,උස අඩි නැති සපත්තු දාගෙන රාත්‍රී සමාජ ශාලා වලට යන එක ගැන නම් මම හරියට කියන්න දන්නේ නැහැ. නමුත් පිරිමි පක්ෂයට සමහර රාත්‍රී සමාජ ශාලා වලට සාමාන්‍ය ඇදුම් ඇදගෙන [ඩෙනිම්,ටෙනිස් සපත්තු,ට්‍රැක් සපත්තු,අත් කොට කමිස ] ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒවාට ටයි,කෝට් වලින් සැරසී ඇතුල් විය යුතුයි. (නදී)
ඇයි තාරක එහෙම කියන්නේ ? සමාජ ශාලාවක් කියූ අයුරින් ඔබගේ සිතට හැගෙන්නේ කුමක් වගේ දෙයක්ද ? දරුවෙක් ලැබෙන්න සිටින අම්ම කෙනෙක් ගියාම ඇතිවරද කුමක්ද ? සමාජ් ශාලාවක් කියන්නේ කොයිවගේ තැනක්ද ? ඔයා ලංකාවේ අපිට අසන්න ලැබෙන සමාජ ශාලාව වගේ මිනිසුන්ගේ හදවතේ පතුලටම කිදා බසින අශෝබන වර්ගයේ තැනක් නොවෙයි කියන දේ මා තාරකට නැවතත් කියනවා. දරුවෙක් ලැබෙන්න සිටින මවක් මානසික අතින් සැහැල්ලුවෙන් සිටීමටයි බටහිර සහ යුරෝපීය රටවල වෛද්‍යවරයා දෙන අවවාදය. නැතිනම් දරුවා බිහිවීමෙන් පසුව මව වෙලා ගන්නේ ඩීප්ප්රේෂන් තත්වයෙන්. ඒ තත්වය ගොඩාක් දුරට මග හැරෙන්නේ සිත සතුටින් සැහැල්ලුවෙන් සිටි තරමටයි. ලංකාවේ ඉන්න ගැබිණි මව් වරු සිය ජීවිත කාළෙම ස්වාමියගෙයි නැන්දම්මගෙයි, අඩන් තේට්ටම් වලට ගොදුරුවෙලා, මානසික පීඩන අතරේ මාස නවයම , ඉන්පසුව ඩීප්ප්රේෂන් නොහොත් ආතතියෙන් දරුවනුත් සමග කල් ගෙවන අම්මා, ස්වාමියාත් නැන්දම්මත් සමග නිතර අවුල් සණ්ඩු සරුවල් කරගෙන සුළු දේටත් සිය දිවි හානි කර ගන්නවා. ශ්‍රිලංකාවේ කාන්තාවන් ,පිරිමින් දෙපිරිසම 90%ක් ම මේ ඩීප්ප්රේෂන් කියන තත්වෙන් ජීවත්වෙන්නේ. ඒ ප්‍රතිවිපාක තමයි අපිට සමාජයෙන් හැමදාම දකින්න ලැබෙන්නේ අම්ම දරුවන් සමග ,වහ බීල, කෝච්චියට පැනල , බෙල්ලේ වැල දමාගෙන, ගිනි තියාගෙන , පියාද එහෙමයි? මව දරුවෝ ටික බාරදීල රට යන්නේ, පියාට වගකීම් සම්භාරයක් පටවලා. ඒ ජීවිතයට පියා මුන දෙන්නේ දහසක් බලා පොරොත්තු සිතේ තියාගෙන. ඒත් මේ තාත්ත ට බැහැ අම්ම කරපු වගකීම් දරන්න. ඒකෙන් ලබන පීඩනයට ඉවසන්න බැරිව තමයි මත්පැන් වලට හුරුවෙලා ජීවිතේ නැත්තටම නැතිකරගෙන ඉන්පසුව ඇතිවෙන දේවලින් කම්පාවට තමයි දරුවනුයි ඔහුයි හිය දිවි නසා ගන්නේ. අපේ රටේ මේ ගැන දැනුවත් කෙරීම් කරනවා නම් ජනතාව මේ තත්වය හැදින ගෙන බොහොම හොදට ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය ඔවුන් හොදින් අද්යයනය කරලා ජීවිතේ මීට වඩා සහයෝගයෙන් දිනා ගන්නවා. ඔබේ බිරිදට මේ "ඩීප්ප්රේෂන් " තත්වෙන් වැළකෙන්න නම් සිත සතුටුන් තබන්න. නිතරම සමාජයට මනුස්සයින් අතරට යවන්න. නිතර සංගීතයට සිත යොමු කරන්න. මා එහි අද්දැකීම් ලද පුද්ගලයෙක් නිසා ඔබට කියන්නේ. එහි භයානක කම බලපාන්නේ තාම පුංචි පවුලටයි. (නදී)
සුද්දෝ ගැබිණි මව් වරුන්ට සලකන විදිය නම් අන්තිම කැතයි. ඒ අතින් අපේ රට සිනමා ශාලාවේ,බැංකුවේ,පෝලිමේ ඉන්න අවශ්‍ය නැහැ. බස් වල ආසන වෙන්කර ඇත. ඒ ආසන සම්පුර්ණ වෙලා හිටගෙන ඉන්න මවකට ,පිරිමියෙක් ඉඩදුන්නත් ,කාන්තාවක් ඉඩක් දෙනවා මම නම් දැක නැත. (නදී)
ගැබිනියක් වෙලා ඇයි සමාඡ ශාලා වලට යන්නේ (නදී)
අනේ ! අපේ මොකෝ ? (නදී)
සමාජ ශාලා ගැන අපේ රටේ බොහෝ දෙනා ගේ මතය තමයි තාරක දීල තියෙන්නේ. මේකට හේතුව මෙහෙ 'සමාජ ශාලා' නමින් හැඳින්වෙන තැන්වල කෙරෙන නරක වැඩ.(නදී)
කමෝන් රූපා අක්කා (නදී)
ඉතින් අපිට මේක අදාලද? (නදී)
ලංකාවේ වෙසෙන ගොඩක් දෙනෙක් හණමිටි අදහස් වලින් ජීවිතය ගෙනියන්නේ. දැන් හැමකෙනාටම ආකල්පමය වෙනසක් අවශ්‍යයි. රටක් දියුණු වෙනවා වගේම මිනිස් ආකල්ප දියුණු වෙන්න ඕනෑ. සමාජය තුළ එකිනෙකා සහයෝගයක් ඇතිකරගන්න ඕනෑ. එවිට ජීවිතය ජයගත හැකියි!! (නි)
අනේ රූපවතියේ, එතකොට තමුන්ට තවමත් ආතතියද? නිකන් විකාර කියවන්න එපා මෝඩකමට (නි)
පිටබැද්දර ජයා අයියේ, ඔයා කියූදේට මට හිනා ...! (නි)
සමාජ ශාලා කියලා එංගලන්තයේ තියන බොහෝ තැන් යහළු මිත්‍රයෝ හමුවෙලා කාලා බීලා සතුටුවෙන තැන්. ලංකාවේ සමාජ ශාලා කිවුවම වෙනස්. (නි)
යුරෝපිය රටවල කාන්තාවන්ට ඉතා හොඳින් සළකනවා. බසයකට වුණත් නඟින්න හෝ බහින්න කාන්තාවකට ,රෝද පුටුවක යන මඟීන්ට( උදව්වක් අවශ්‍ය නම්) රියදුරු මහතා බසයෙන් බැස උදව් කරනවා. විශේෂයෙන්ම ගැබිණි හෝ මහලු කාන්තාවන්ට උපරිමයෙන්ම පහසුකම් සළසා තිබෙනවා වගේම සැළකිලිත් තිබෙනවා. දිනපතාම වගේ මම දකිනවා මේ දේවල් (නි)
රූපවති කියන තරම් ආතතියක් ලංකාවේ මිනිසුන්ට නැහැ.නමුත් බටහිර රටවල මිනිසුන්ට නම් තිබෙනවා (නි)
ගැබිණියක් මොනවට මේ තැන්වලට යනවද? (නි)
හොඳ වැඩේ... මොනවට යනවද තමන් ඉන්න තත්ත්වයේ හැටියට (නි)
සමාජ ශාලාවක් මෙවන් කාන්තාවකට නොගැළපේ (නි)