අඟහරුමත පර්යේෂණයේ යොදවා ඇති කියුරියෝසිටි යානයට අඟහරු මතින් කාබනික අණු සහිත මේද අම්ල හමුවී ඇතැයි නාසා ආයතනය පවසයි. මේ අණු ජෛව විද්‍යාත්මක ද නැද්ද යන්න මූළික පරීක්ෂණවලදී අනාවරණය නොවූ බව ද විද්‍යාඥයෝ කියති.
නාසා විද්‍යාඥ ඩැනියෙල් ග්ලේවින් පවසන්නේ ප්‍රතිළුලය තෙත් රසායනිකයන් පිලිබඳව කියුරිසිටි යානය මගින් පැවැත්වු පරික්ෂණ මගින් පළමු වරට පෙන්වා දි ඇති බවයි.
මෙම ප්‍රාථමික ප්‍රතිළුල මගින් විද්‍යාඥයින් තැතිගෙන ඇත්තේ මේද අම්ලය සියළුම ජීවින්ගේ සෛල තුල පටකයේ පිහිටි ප්‍රධානම සංඝටකයක් වන හෙයිනි. මෙම තත්වය ක්ෂුද්‍ර ජීවින් තුලද පවතී. ඒ මේද අම්ල ජෛව විද්‍යාත්මක යැයි තහවුරු වුවහොත් අඟහරුමත ජීවය තිබූ බවට එය හොඳම සාක්ෂියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඟහරු මත ජීවීන් සිටීම හෝ නොසිටීම එතරම් වැදගත් නොවේ. එහෙත් එහි සංකීර්ණ කාබනික රසායනික අණු තිබීම ජීවයේ ආරම්භය කෙසේවීද යන්න ගැන ඉතා වැදගත් තොරතුරක් සපයයි. එසේම පෘථිවියේ ජීවය බිහිවීම අතිශය දුර්ලභ අහම්බයක් ලෙස හෝ මැවුම්කරුවෙකු ගේ ක්‍රියාවක් ලෙස හෝ සිදුවූවක් නොව ද්‍රව්‍යමය ප්රභචයන්ගේ ධර්මතාවයක් ලෙස සිදුවූවක් යැයි කීමට මෙම සොයාගැනීම සාධක සපයයි. (නි)
මැව්ම්කරු නියාය අමු මිත්‍යාවක්!!! (ස)
පල්ලි ටික වහලා දාන්න සිද්ද වෙයිද? (නදී)
විශ්වය සෙවීම නිෂ්ළුලය.තමා ගැන සෙවීම උතුම්ය (ම)
අය්යෝ..දොන්, එතකොට මිනිසා මවපු දෙවියා බොරු කාරයෙක් වෙනවනේ....(බ)
මිනිසා දෙයියෝ මැවුව මිසක්, දෙයියෝ මැවුව මිනිසෙක් හෝ වස්තුවක් මේලෝකයේ නැති බව අපට තවමත් වැටහී නැත..(ස)
ඔයාල ඔක්කොමලා අන්තවාදී විදියට අදහස් දාන්න එපා.... මුළු ලෝකෙටම ඔය යානාවල් යවලා තොරතුරු හොයල දෙන්නේ මැවුම් කරුවන් විස්වාස කරපු රටවල්වල ඉන්න බුද්දිමත් අය......එයාල මවුම්කරුවන් විස්වාස කරන්නේ නැත..... අපි වගේ පෙරදිග රටවල්වල මිනිස්සු හැමදාම එකම තැන තමා ඉන්නේ...(ස)
ඉතින් දුමින්දට තියෙන්නේ පත්තර බලලා එක එක දේවල් හොයන්නේ නැතුව උතුම් විදියට තමා ගැන සොයාගෙ ඉන්න එකනේ. මොකට පාවිච්චි කරනවද මන්ද මේ නිෂ්පල ඉන්ටෙර්නෙට් එක. (ත)
එතකොට දෙවියො මැව්වෙ කවුද? (ස)
මෙතන තියෙන්නේ සරල ගණිත ගැටළුවක්. මිනිසා මැව්වේ දෙවියෝ නම් මේ ලොව සිටිය යුත්තේ එක දෙවියෙක් සහ එම දෙවියා පමණක් අදහන මිනිසුන් ගොඩක්. මුත් මිනනිසුන් ගොඩක් සමග ඔවුන් අදහන විවිධ වර්ගයේ දෙවියන් ගොඩක් හිඳීමෙන් තහවුරු වෙන්නේ විවිධ මිනිසුන් විසින් තමතමන්ගේ සංස්කෘතියන්ට ගැලපෙන දෙවියන් මවාගත් බවයි.(ත)
මැවීම පිළිබඳව මට තිබෙන ගැටලුවලට පැහැදිලි පිළිතුරක් දෙන්න පුළුවන් කවුරුහරි ඉන්නවද? කරුණාකර ඊමේල් ලිපිනය ලබාදෙන්න.
ලක්විදු , මෙම ඉහත ලිපිනයට මේල් කරන්න . මම ඔබට පැහැදිලි කරන්නම් මැවීම ගැන නිවැරදිව . චමින්ද (ස)
ඔයාල රණ්ඩු වෙන්න එපා...අපි ඕක සුමනදාස මහත්තයගෙන් අහමු...එයා කියපු දෙයක් වැරදිලා නෑ තවම.....(ස)