ස්වාසිලන්තයේ රජතුමා ඔහුගේ 14 වැනි බිසව ලෙස තමන් ලබා ගැනීමට කටයුතු කරන නිසා බ්‍රිතාන්‍යයට පැන ආ හෙයින් තහන්ට දේශපාලන රැකවරණ ලබා දෙන ලෙස ස්වාසිලන්තයේ 22 හැවිරිදි තරුණියක් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලයි.
ස්වාසිලන්ත රජු සෑම වසරකම කන්‍යාවියක් තම බිසව ලෙස ඔහුගේ අන්තපුරයට ගන්නා බවත්, දැනට බිසවුන් 13 දෙනකු සිටින බවත් ඇය කියන්නීය.
ස්වාසිලන්ත රජු තමාගේ රජ මාලිගයේ බිසවක් වීමට තමන්ට යෝජනා කළ අතර රඩුන ඇති බිය නිසා තමන් කිසිවක් නොපවසා සිටි බවත්, තම ජීවිතය ඔහු සමග ගත කිරීමට තමන්ට අවශ්‍ය නැති බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.
රජ මාලිගයේ දැනට සිටින බිසවුන් සියල්ලම ආරක්ෂක භටයින්ගේ නිරීක්ෂණය යටතේ රඳවා සිටින බවත් ඔවුන්ට නිදහසේ ගමන් බිමන් කළ නොහැකි බවත් පවසන ඇය තමන් යළි ස්වාලන්තයට පිටුවහල් කලහොත් රජු විසින් තමන් මරා දමනු ඇති බවත් ඇය බ්‍රිතාන්‍ය රජයට පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවට පින දෙන්න බැහැ
ඕකනම් අපේ අයගෙන්ම ඉගෙන ගත්ත අමුලික ඇත්තක් (අ)
මොන එකකට බ්‍රිතාන්‍යට ගියාද? එන්න තිබ්බේ අපේ ලංකාවට. අපේ මැති ඇමතිවරු තරු 5 හේ හෝටල් වල තියාවි ඔයාව. දේශපාලන රැකවරණ වලට හොඳම රට අපේ ලංකාව මෙවැනි අයට. (නි)
ස්වාසිලන්තය අතහැරලා එංගලන්තයට ආපු එක හොඳයි. නැත්නම් ඔයාගේ මෙච්චර ලස්සන පන්චස්කන්දය අරන් රජතුමා ලබන වසරේ ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් හිටියේ. (නි)
මොකටද අඩ නිරුවතින් නටන්න ගියේ? ඒකනේ රජ්ජුරුවන්ගේ හිත ගියේ. (නි)
දැන් එතකොට නැටුමටත් ගියාට පස්සේ, මෙයා බබා? (නි)
මෙයා ලස්සනද ෂෙරීෆ් ඇස්වල අවුලක් තියෙනවද? (ස)
සුගත් අද නිරුවතින් නටන්නේ නැහැ නටවනවා. ඒකයි රජකෙනෙක් කියන්නේ. අපෙත් සීගරිය කාලේ එහෙම එහෙම තමා වෙලා තියෙන්නේ. එක නෙවේ වැඩේ, වැඩේ තියෙන්නේ අපේ රටේ යාළුවො තමා මේ..(නදී)
බ්‍රිතාන්‍ය පැත්තෙන් හිතුවොත් මොන තරම් වදයක් ඇතිද මේ වගේ කරදරවලින්.(නදී)
ආ... මේ අපේ රටේ අඹ යාලු රජතුමාගේ අග බිසවුද.... (නි)
යකා මාර්ක් , තරුණිය දිහා බලනකොට මෙයාගෙන් බේරෙන්න රජතුමයි පැනලා පැනල යන්න ඕනේ. ස්වාසිලන්තයේ කාන්තාවගේ පෙනුම දිහා බලනකොට ලොක්ක ඇති කුස රජ්ජුරුවෝ වගේ.(නදී)
බෙල්ලටත් ඉබ්බෙක් දාලා වගෙයි. ඇත්තටම ලංකාවට තමයි එන්න තිබුනේ.(නදී)
මෙහෙම හිටියහම රජතුමාට වුණත් මොනවා මොනවා වෙනවා නේන්නම් (නි)
ස්වාසිලන්තේ , කාන්තාව සුවසේ... (නි)
අපටත් බැරිද තුනෙන් දෙක දාල මේ වගේ නීතියක් සම්මත කර ගන්න.(නදී)