IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉරානය ප‍්‍රහාරයක් එල්ල කළොත් ඒ ආත්මාරක්ෂාව පිණිසයි

ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය එල්ල කරන බලපෑම් හමුවේ තමන් ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඒ ආත්මාරක්ෂාව පිණිස බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කුමේනි පෙරේදා (21) කියා සිටියේය. ඉරානයට න්‍යෂ්ටික අවි නිපදවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය එක්ව යම් කිසි මොහොතක තමන්ට ප‍්‍රහාරයක් එල්ල කළ හොත් ආත්මාරක්ෂාව පිණිස ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට තමන් පසුබට නොවන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය. ඇමෙරිකාව සිතනවා නම් ඉරානයට බලපෑම් එල්ල කිරීමෙන් ඉරාන ජාතිය විනාශ කළ හැකියි යන්න එය ඔවුන් සිදු කරගන්නා බලවත් වරදක් යැයි කුමේනි පැවසූවේ ඉරාන නව අවුරුදු උදාව අවස්ථාවේදී ජාතිය අමතමින්ය. ඉකුත්දා ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය පැවසූවේ ඉරානය න්‍යෂ්ටික කි‍්‍රයාකාරකම් අඛණ්ඩව සිදු කරනවා නම් ඊට එරෙහිව යුදමය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි. මේ වසර මුලදී බටහිර බලවතුන් සහ ඉරානය අතර පැවැති සාකච්ඡුා අසාර්ථක වූයේ ඉරානය යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාකාරකම් නවතා නොදමන බව පැවසීම හේතුවෙනි. එහිදී ඉරානය කියා සිටියේ සාමකාමී න්‍යෂ්ටික වැඩසටහනක් පවත්වාගෙනයාමේ අයිතිය ඇති බවය. පසුගිය මාස 12 තුළ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප‍්‍රගතිය සම්බන්ධව අදහස් දැක්වූ කමීනි කියා සිටියේ යුරේනියම් බලගැන්වීම සියයට 20කින් වර්ධනය කළ බවය. ඉරානයේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කිරීමේ අරමුණින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වරින්වර සම්බාධක පැනවීය. මීට පෙර අවස්ථාවකදී සම්බාධකවලට ප‍්‍රතිචාර දැක්වීමට ජාතික නිෂ්පාදන සැලැස්මක් අයතුල්ලා කුමේනි ඉදිරිපත් කළ අතර දේශීය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව පෙළඹවීය.  අයතුල්ලා අලි කුමේනි



අදහස් (0)

ඉරානය ප‍්‍රහාරයක් එල්ල කළොත් ඒ ආත්මාරක්ෂාව පිණිසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site