විවාහයේදී බොහෝදෙනා තම දූ දරුවන්ගේ හඳහන් ගැළපේදැයි බලන්නේ ඔවුන්ගේ ජිවිත යහපත් ආකාරයෙන් පවත්වාෙගන යාම සඳහාය. කොතෙක් හඳහන් බලා විවාහ වුණත් දෙදෙනා අතර අඬ දබර මෙන්ම දික්කසාද ද සිදුවන අවස්ථා බොහෝ තිබෙන බව සමාජයෙන් පෙනේ. මෙයින් පෙනෙන්නේ දෙදෙනාගේ හඳහන් ගැළපී නැති බවය. හඳහන් නොගැළපුණත් ඉවසීමෙන් එහෙත් අසතුටින් සමාජයෙන් එන අපවාදවලට බියෙන් දික්කසාද නොවී විවාහ ජීවිත ගෙවන අය අද සමාජයේ සිටින බව පෙනේ. ඉවසීමෙන් සිටිනවා විනා වෙනත් දෙයක් කර ගැනීමට අසමත්වන අඹු සැමියෝ තම අසතුට පිටට නොපෙන්වා සිටිති. විවාහ වන දෙදෙනාගේ හඳහන් බැලීෙම්දී යම් කිසි වරදක් සිදු වන බව පෙනේ.
විවාහයේදී විවාහය ගැන කියැවෙන ලිංගික ගැළපීම ගැන කියැවෙන හඳහනේ හත්වන කොටුව ගැළපේදැයි පළමුවෙන්ම බැලිය යුතුය. ඊට පසුව කුජ ශනි යෝගය කුජ සිකුරු යෝගය වැනි යෝග නිසා ගැලෙප්ද නොගැළපේදැයි බැලිය යුතුය.
වෙනත් දෝෂ තිබේ නම් ඒවා ද බලා එයින් පසුව පොරොන්දම් බැලිය යුතුය. බොහෝ ජ්‍යොතිෂවේදීහු මේ කිසිවක් නොබලා කෙළින්ම පොරොන්දම් පමණක් ගැළපේදැයි බලා පොරොන්දම් 20 න් 10 කට වඩා ගැළපුණොත් විවාහය අනුමත කරති. පොරොන්දම් වලින් අාවරණ කෙරෙනුයේ විවාහයෙන් 25% ක පමණ කොටසකි. ඉතින් 25 % නුත් ටිකක් ගැළපී විවාහ වීමට සැළැස්වීම සමහර ජ්‍යොතිෂවේදීන් කරන අනුවණ ක්‍රියාවකි. එයින් විවාහයට පත්වන දෙදෙනාගේ ජීවිත අඳුරට යොමුවේ. ඕනෑම දෙදෙනකුගේ පොරොන්දම් බැලුවොත් විස්සෙන් දහයකට වඩා ශූභවන අවස්ථා බොහෝය. මේ නිසා පොරොන්දම් පමණක් බැලීම නිරර්ථක ක්‍රියාවකි.

විවාහයෙන් එකතුවන දෙදෙනාගේම අදහස් ගළපීම ඉතා වැදගත් වුවත් ඊටත් වඩා ගැළපීමක් ගැන සෙවිය යුතුය. ඒ ලිංගිකව ගැළපෙනවා දැයි බැලීමය. වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුණත් රුධිර පරීක්ෂණයකින් හෝ ස්කෑන් පරීක්ෂණයකින් හෝ වෙනත් පරීක්ෂණයකින් දෙදෙනකු විවාහයට ගැළපේදැයි සොයා ගත නොහැකිය. බොහෝ වෛද්‍යවරුන් තම දුවට, පුතාට විවාහයක් කර දීෙම්දී ජ්‍යොතිෂවේදීන්ගේ පිහිට ලබති. බොහෝ මව්පියන්ට වරදින්නේ වැරදි මත දරන ජ්‍යොතිෂවේදීන්ගේ පිහිට ලබා ගැනිමෙනි. ඇත්ත වශයෙන්ම එය පිහිටක් නොව විපතකි.
ජ්‍යොතිෂයට ප්‍රමිතියක් නැති නිසාත් ස්ථිර සම්මත ක්‍රමයක් වැනි නිසාත් තම ගුරුවරුන් කියා දුන් ක්‍රමයටම ජ්‍යොතිෂවේදීහු විවාහ ගැලපති. තම ගුරුවරු වැරදි මතයක් දැරුවා නම් තමා ද එම මතයේම සිට කටයුතු කරන අවස්ථා ඕනෑ තරම් සමාජයෙන් පෙනේ. අවුරුදු. ගණනක ප්‍රේම සම්බන්ධතා ඉතා හොඳින් පවත්වා ගෙන ආ සමහරු විවාහ වී ටික කලකින් ආකූල ව්‍යාකූල තත්ත්වයට පත්වී අඬ දබර කර ගනිති. ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යාමට හෝ මිත්‍රත්වයක් පවත්වාගෙන යාමට දෙදෙනාගේ අදහස් ගැලපීම සෑහේ. එකම වර්ගයේ කුරුල්ලන් එක අත්තේ සිටිනවා වාගේ සමාන අදහස් දරන අය මිත්‍රත්වයෙන් ළං වී සිටිති. එයට ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. එහෙත් විවාහය මිත්‍රත්වයට වඩා දුර දිග ගිය ධර්මතාවයකි. පිටින් බලන විට දෙදෙනාගේ අදහස් ගැළපේ නම් දෙදෙනාට සතුටින් සමගියෙන් එක වහළක් යට සිටිය හැකියැයි බොහෝ දෙනා සිතති. එහෙත් සත්‍යය එය නොවේ. ලිංගික නොගැලපීම දෙදෙනාගේ සමගියට බාධා කරයි. දෙදෙනා අතර නොරිස්සුම් ඇතිවී ටිකෙන් ටික එය වර්ධනය වී දෙදෙනා සතුරන් බවට පත්වන අවස්ථා යෙදෙන බව සමාජයෙන් පෙනේ. අඬ දබර එක වහළක් වෙනම ජීවත් වීම (සෙපරේට්), දික්කසාද පමණක් නොව ගහ බැණ ගැනීම් මිනීමැරුම් පවා සිදු වීමට මේ ලිංගික නොගැළපීම් මූලිකව බලපායි. මෙය එක දවසකින් දෙකකින් ඇතිවන දෙයක් නොවේ. ක්‍රමයෙන් වර්ධනය වන නොරිස්සුම ජීවිත දෙකක් අගාධයට ඇද දමයි. ලිංගිකව ගැළපේ නම් අදහස් නොගැළපීම ඉස්මතු නොවේ.
ඕනෑම ග්‍රහයකු නිසා මිනිසුන් තුළ ඇතිවන ගති ගුණ, හැසිරීම් ශාරීරික ශක්තිය ලිංගික ශක්තිය හා හැඟීම් ආදිය එක සමානය. ග්‍රහයාගේ බලවත්කමත් සමාන නම් මේවා තවදුරටත් එක සමාන වේ. මෙය අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි. එය දෙදෙනකු අතර වෙනස් යයි කිසිම ජ්‍යොතිෂවේදියකුට කිව නොහැකිය. එසේතිබියදී එකම ග්‍රහයා විවාහ වන දෙදෙනාගේ හඳහනේ හතේ සිටීම නරක යයි කියන්නේ කෙසේද? කුජ ග්‍රහයා චණ්ඩියකුට මැරයකුට උපමා කර එම කුජ දෙදෙනාගේම හතේ සිටිනවිට ගැටුම් ඇති වන බව සමහරුන්ගේ මතයයි. ඒ නිසා ගැටුම් ඇති නොවීමට එක හඳහනක මැරයකු වන කුජත් අනෙක් හඳහෙන් සෞම්‍ය ග්‍රහයකුවන ගුරුත් සිටිය යුතු යයි කියති. මැරයා සමග අහිංසක දැරියක් එකතු වුණොත් කුමක් සිදු වේද? අනිවාර්යයෙන්ම දෙදෙනාටම එකට සිටීමට අපහසු තත්ත්වයක් උදා වේ. ඉහත කී ශක්තීන් සමාන වීමෙන් දෙදෙනාට සමගියෙන් කල් ගත කිරීමට හැකිවේ. හතේ කුජ සිටින විට කුජ ගුරුට නොපෙනේ නම්, දුර්වල නම් භෞම ෙදා්ෂ ඇති වේ. එය විශාල දෝෂයක් ලෙස මවා පාන සමහරු භෞම ෙදා්ෂය (කුජ ෙදා්ෂය) නිසා එම හඳහන් හිමියන් ප්‍රතික්ෂේප කරති. කුජ දෝෂය විවාහයේ කඩතොළු ඇති කරන තත්ත්වයක් උදා කරයි. එය විශාල බලපෑමක් ඇති නොකරයි. හඳහනේ 1 2 4 7 8 12 යන ස්ථානවල කුජ සිටී නම් එය කුජ දෝෂ නමින් හැඳින්වේ. ඒ අනුව 50 % කට කුජ දෝෂ ඇති වේ. හඳහනේ ස්ථාන දොළහෙන් හයකම කුජ දෝෂ ඇති වේ. ඒ නිසා මෙය බොහෝ දෙනාට ඇතිවන සාමාන්‍ය දෝෂයක් ලෙස සැලකිය හැකිය. (කුජ දෝෂ භංගවන අවස්ථා ද තිබේ.) තම දුවට හෝ පුතාට කුජ දෝෂ තිබෙනවා යයි කියා අයින් කර තබා ගන්නවාද?
කුජ හතේ සිටින ෙකනෙකුට කුජ හතේම කෙනෙකු තරම් ගැළපෙන තවත් කෙනෙකු නැත. කුජ ග්‍රහයා පමණක් නොව රවි, චන්ද්‍ර, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු කේතු යන ඕනෑම ග්‍රහයකු හතේ සිටින විට සහකරුගේ හෝ සහකාරියගේ හඳහනේ හතේත් එම ග්‍රහයාම සිටී නම් එය හොඳම ගැළපීමකි. ග්‍රහයන් දෙදෙනා හඳහන් දෙකේ සමාන බලයකින් සිටී නම් වඩාත් හොඳය. එවිට අදහස් හැඟීම් ශාරීරික හා ලිංගික ශක්තීන් එක සමානවී ජීවිත වාසනාවන්ත වේ. තවද හතේ සිටින ග්‍රහයාට සමාන බලවත්කම් ඇති ග්‍රහයන් ද දෙවනුව ගැළපේ. උදාහරණයක් වශයෙන් හතේ කුජ සිටින අයකුට හෝ හතේ කිසිම ග්‍රහයකු නැතිව හත්වැන්න මේෂ හෝ වෘශ්චික වන අයකුට හතේ කුජ සිටින අයකු හෝ හතේ කිසිම ග්‍රහයකු නැතිව එම රාශිය මේෂ හෝ වෘශ්චික වන අයකු ද ගැළපේ. අනෙක් ග්‍රහයන් ගැනත් මේ අයුරින් බලා කටයුතු කිරීම යෙහෙකි.
(එක් එක් ග්‍රහයා ගැන මෙහි ලිවීම මෙම ලිපිය ඉතා දීර්ඝ වීමට හේතුවකි.) හතේ කුජට සමාන බලයක් රවිගෙන් ද ඇති කෙරේ. ඒ නිසා හතේ කුජ සිටින අයකුට හතේ රවි සිටින අයකු ද ගැළපේ. රාහු ද මේ දෙදෙනා තරම් විවාහයේදී බලවත් වුවත් හතේ රාහු විවාහය අවුල් කරන නිසාත් දෙදෙනාගේ වෙන් කිරීම් ඇති කරන නිසාත් හතේ රාහු මෙහිදී සම්බන්ධ කර නොගත යුතුය. හතේ රාහු සිටින අයකුට ගැළපෙන්නේ හතේ රාහු සිටින අකුමය. දෙදෙනාගේම හතේ රාහු සිටින විට රාහුගේ දෝෂ භංගවී යහපත් විවාහයක් ඇති කරයි.
ජ්‍යොතිෂවේදී විශ්‍රාමලත් විදුහල්පති
ඒ.ඩී. කරුණාතිලක
32 ගලවැටිමෝදර පාර
නල්ලූරුව පානදුර.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd