IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගේ දුරකතනය-ලැප්ටොප් පොලිස් බාරයට

(*** මුදිතා දයානන්ද)

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ පෞද්ගලික ජංගම දුරකථනය පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාරයට ගන්නා ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඊයේ (14) නියෝග කළේය.

ජයවර්ධන මහතා භාවිත කරන ලැප්ටොප් පරිගණකය ද මෙම පොලිස් ඒකකයට භාරදෙන ලෙස සභාපතිවරයා ඊයේ නියෝග කළේය.
සභාපතිවරයා මෙම නියෝගය කළේ ජයවර්ධන මහතා විසින් ඔහු හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් කොමිසම කළ නියෝගයක් අනුව කොමිසම හමුවේ ඊයේ අසන්නට සැලැස්වීමෙන් අනතුරුවය.

මෙම සංවාදය ඇතුළත් හඬපටය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර එය යම් සංස්කරණයකට ලක්ව තිබේ දැයි පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස සභාපතිවරයා කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට නියෝග කළේය.

 එම හඬපටයත් මීට පෙර ඔහු විසින් කොමිසමට ඉදිරිපත් කර තිබෙන හඬ පටත් ජයවර්ධන මහතා තමන්ගේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකය භාවිත කර කොමිසමට ඇසෙන්නට සැලැස් වූ බැවින් එම පරිගණකයේ පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ වන තවත් හඬ පට හෝ වෙනත් ලිපිලේඛන තිබේදැයි පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බව ද කොමිසමේ සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ජයවර්ධන මහතාගේ ලැප්ටොප් පරිගණකය කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට භාරදෙන ලෙස සභාපතිවරයා ජයවර්ධන මහතාට නියෝග කළේය. එහි අඩංගු පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ වන හඬපට හෝ වෙනත් ලේඛන තිබේ නම් ඒවා පමණක් ජයවර්ධන මහතා ඉදිරිපිටදීම පිටපත් කරගෙන නැවත පරිගණකය ඔහුටම භාරදෙන ලෙස ද සභාපතිවරයා නියෝග කළේය.

ජයවර්ධන මහතා  කොමිසමට ඊයේ ඉදිරිපත් කළ දුරකථන සංවාදය සහිත හඬපටය අනුව එම සංවාදයේ ආරම්භක කොටසක් නොමැති බව කොමිසමට වැටහී යන බව ද ඒ නිසා ඔහු සංවාදය පටිගත කරනු ලැබු ජංගම දුරකථනය ද පොලිස් විමර්ශන ඒකකය භාරයට ගෙන එහි සම්පූර්ණ හඬ පටය ලබා ගැනීමට කටයුතු කරන ලෙස සභාපතිවරයා නියෝග කළේය.

එම දුරකථනය ඔහුගේ පවුලේ සාමාජිකයකු  දැනට භාවිත කරන බැවින් එය නිවසේ ඇති බවට ජයවර්ධන මහතා කොමිසම කළ විමසීමක දී පැවසීය.

ඒ අනුව එම නිවසට ගොස් අදාළ දුරකථනය තම භාරයට ගන්නා ලෙස සභාපතිවරයා විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේය.

 



අදහස් (0)

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගේ දුරකතනය-ලැප්ටොප් පොලිස් බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site