IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සබරගමු පළාතේ හෙද නිලධාරීහු වර්ජනයකට සැරසෙති

(සම්පත් ප්‍රියනන්දන සහ ලසන්ත පෙරේරා)

බලන්ගොඩ මුලික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණියකට පහර දුන් සෞඛ්‍ය කාර්ය සහයකයාට මෙතෙක් විනයානුකූල පියවරක් නොගෙන ඇති බවත්, ඒ හේතුවෙන් සබරගමු පළාතේ සියලු හෙද නිලධාරින් එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය අද (16) දා සවස පැවසීය.

එම සංගම් දෙකට අයත් බලන්ගොඩ මුලික රෝහලේ හෙඳ නිලධාරීහු අද (16) දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගක් ආරම්භ කලහ.

පහරකෑමට ලක් වී ඇති විශේෂ ශේණියේ හෙඳ නිලධාරිණිය බලන්ගොඩ මුලික රෝහලේ පළමු වාට්ටුවට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මෙම පහර දීමට විරෝධය පළ කරමින් සේවයෙන් ඉවත් වු බව එම හෙද සංගම් දෙක විසින් ඒකාබද්ධ ලිපියක්ද රෝහලේ වෛද්‍ය අධිකාරිවරියට යොමු කර ඇත. හෙද නිලධාරිණියට මරණ තර්ජනද සිදු කර ඇති බවටද එම ලිපියේ සදහන්ය. පහර දිම සිදු කර ඇති සෞඛ්‍ය කාර්ය සහයක නිළධාරියා විසින් සිදු කරන  ලද විනය විරෝධී කියාකාරකම් සම්බන්ධයෙන් මීට පෙරද අවස්ථා  කිහිපයක්ම අදාළ සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දි ඇති බවත් මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් එම හෙද සංගම් දෙක පවසයි.

විනයානුකූල පියවරක් ගන්නා තුරු ⁣ර⁣ජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සංගමයේ සාමාජිකයින් සහ රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සාමාජිකයින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති සබරගමු පලාතේ සියළුම හෙද නිලධාරින් එකතුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද එම සංගම්වල නියෝජිතවරු කීහ.



අදහස් (0)

සබරගමු පළාතේ හෙද නිලධාරීහු වර්ජනයකට සැරසෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site