IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රෝගීන්ගේ සිරුර තුළ රඳවා තොරතුරු ලබා ගත හැකි විද්‍යුත් කැප්සියුලයක් නිපදවයි


රෝගීන්ගේ සිරුර තුළ රඳවා තොරතුරු ලබා ගත හැකි විද්‍යුත් කැප්සියුලක් නිපදවීමට මැසචුසෙට්ස් පර්යේෂණ ආයතනයේ පර්යේෂකයින්ගේ අවධානය යොමුකර ඇත.
 
රෝගීන්ගේ උදරයේ රැඳවිය හැකි මෙම කැප්සූලය බ්ලූටූත් තාක්ෂණයෙන් රැහැන් සම්බන්ධතාවක් නොමැතිව ඖෂධ ලබා ගැනීමට ජංගම දුරකථනයට උපදෙස් ලබා දීම සිදු කරයි.
 
මෙම ත්‍රිමාන මුද්‍රිත කැප්සූලය රොගීන්ට  දිගු කාලයක් පුරා විවිධ රෝගවලට අවශ්‍ය  ඖෂධ ලබා ගැනීම අවශ්‍ය මාත්‍රා පිළිබඳ උපදෙස් ලබා දීමටද භාවිතා කළ හැකියි.
 
අසාදන සහ අසාත්මිකතා සම්බන්ධයෙන් තොරතුරු උකහා ගැනීමට ද මෙම කැප්සූලයට විශේෂ හැකියාව ඇති අතර ඇතැම් රෝගීන්ට ලබා ගැනීමට අවශ්‍ය වන එන්නත් සංඛ්‍යාව අඩු කිරීමට ද එම කැප්සියුලය භාවිතා කළ හැකි වෙතැයි පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.  
 
 එසේම රෝගීන්ට පවතින ඉහළ අවදානමක් සහිත අසාත්මිකතා සම්බන්ධයෙන් එනම් රසායනික චිකිත්සා හෝ ප්‍රතිශක්තිය වළක්වන ඖෂධ ලබා ගන්නා රෝගීන්ට වැදගත් වන තොරතුරු ද කැප්සියුලයට ග්‍රහණය කර ගත හැකිය. 
 
අසාත්මිකතාව හඳුනාගැනීමෙන් පසු ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට ද කැප්සියුලය භාවිතා කර හැකිය.
 
 එසේම එච්.අයි.වී හෝ මැලේරියා වැනි රෝග වැළඳී ඇති රෝගීන්ට ඉතා නිවැරදිව ඖෂධ මාත්‍රා පවත්වාගෙන යාම අවශ්‍ය වන  උපදෙස්  මෙමගින් ඒ සඳහා ලබාගත හැකිවේ. 
 
කැප්සූලයට වෙනත් සෞඛ්‍ය උපකරණ සමඟ ද සම්බන්ධ කර හැකි අතර එමඟින් රෝගීන්ගේ ජංගම දුරකථනවලට මෙන්ම ඔවුන්ගේ වෛද්‍යවරුන්ට ද තොරතුරු යැවීමට ද හැකිය.
 
2016 වසරේදී ඔවුන් තරුවක හැඩය සහිතව පිටතට නැවිය හැකි බාහු 6 ක් සහිත කැප්සියුලයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර වසර දෙකක් ඇතුළත අධිග්‍රහණ සංවේදක පුද්ගයින්  පරීක්ෂාවට ලක්කිරීමට හැකි වෙතැයි පර්යේෂකයෝ අපේක්ෂා කරති.  
 
පර්යේෂණ කණ්ඩායම දත්ත උකහා ගැනීමට හැකි පෙත්තක් නිර්මාණය කිරීමට උත්සහ දරා ඇත.
  
-ඩේලි මේල් ඇසුරෙනි - 
   (63226 ) 



අදහස් (0)

රෝගීන්ගේ සිරුර තුළ රඳවා තොරතුරු ලබා ගත හැකි විද්‍යුත් කැප්සියුලයක් නිපදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site