IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහේෂ් සේනානායක රෝහලේ සිට පැමිණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට පැය දෙකක කාලයක් අවසර ලබාගෙන පැමිණ මීට සුළු මොහොතකට පෙර සිය ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීය.

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂක, හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකෙරිණි.

එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හිටපු යුද හමුදාපතිවරයා විසින් පළමුව මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම සිදුකෙරිණි.

උණ රෝගය වැළඳී තිබුණත් එය ගණනකට නොගෙන මැතිවරණ කටයුතුවල නිරත වීම නිසා පසුගිය දිනෙක බලංගොඩ රෝහලට ඇතුළත් වීමට තමාට සිදුවූ බව මෙහිදී පැවසූ හිටපු යුද හමුදාපතිවරයා ඉන්පසු මේ වන තුරුත් යුද හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් කළේය.

එසේ වුවත් රට වෙනුවෙන් ගත් තීරණය ඉදිරියට ගෙන යා යුතු නිසා පැය දෙකකට අවසර ලබාගෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට පැමිණි බවද හෙතෙම කීවේය.

එක රටක්, එක නීතියක්, එක දැයක් යන්න තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ එන ප‍්‍රධානම කරුණ බව කී ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රට තුළ විනයක් ඇති දේශපාලනයක් හා ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම ඇතුළු සියලූ අරමුණු ඉටුකරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල එහි ඇතුළත් බව ද පැවසීය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (14)

මහේෂ් සේනානායක රෝහලේ සිට පැමිණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

chandima Thursday, 24 October 2019 03:15 PM

උණ කිව්වේ ඩෙංගුද? එසේ නොවේවා...!

:       145       258

Dil Perera Thursday, 24 October 2019 03:36 PM

එජපේ සහ ජේවිපි එකේ කොන්ත්‍රාත්තුවකට ගොඨාගේ ඡන්ද කඩන්නේ නැතුව, ආ අතක් බලාගෙන සනීප වෙලා ගෙදෙරට වෙලා ඉන්න අනේ අපිට පව් නොදී.

:       5235       1157

thilak Thursday, 24 October 2019 05:05 PM

ජය ජය !

:       518       807

ජහපාල Friday, 25 October 2019 06:16 AM

ජය නියතයි !

:       14       0

anura Thursday, 24 October 2019 05:10 PM

අජිත් රෝහණ කොළොන්නේ මහත්තයා පේන්නවත් නැත්තේ මොකද?.....

:       103       155

salinda Thursday, 24 October 2019 06:37 PM

නාරාහේන්පිට හමුදා රෝහල ඉතා කුඩා රෝහලක් ලෙස තිබුනේ. ඒක නිසා 2006 දී විතර ආශා රෝහල හමුදාව කුලියට ගත්තා. පසුව ගෝඨාභය තමයි යුද හමුදා රෝහලට දස මහල් ගොඩනැගිලි එකතු කරලා ඉතා විශාල රෝහලක් කලේ. මහේෂ් සේනානායකට ඒකවත් මතක තිබුනානම් හොඳයි

:       186       206

suddaFriday, 25 October 2019 03:26 AM

මහින්දලා ගෝඨා ඇතුළු පිරිස හදපු පාරවල්වල යන ගමන් සහ ලස්සන කළ කොළඹ ජොලියේ ජීවත්වෙන ගමන් ඔවුන්ට ගරහපු සහ ඒ ලස්සන කළ කොළඹ ආපහු පාරක් කාල දාපු වගේම, ඒ කාලේ විඳපු බෝම්බ මර බිය ගැනත් මතක නැති ජාතියකින් එන මහේෂ්ට එයා අද ප්‍රතිකාරගන්න රෝහල කොහොමද ඒ තත්ත්වයට ආවේ කියන එක දැනගන්න වුවමනාවක් තිබේවිද?

:       242       290

Sanath Friday, 25 October 2019 04:59 AM

දැන් මහින්දි ගොඨාභයයි මේවා කළා කියල රට පුරවැසියන්ට ප්‍රතිලාබ ගන්න බැරිද එතකොට ඒ අය‍ට ඡන්දය ඉල්ලන්න බැරිද

:       0       0

chinthaka Thursday, 24 October 2019 07:00 PM

සරත් ෆොන්සේකා කොච්චර කිවුවත් මෙයා යුද්ධේ කරේ නැහැ මමත් මුලදී හිතුවේ මෙය නිර්භය පොරක් කියලා. එ

:       209       158

SenanayakeFriday, 25 October 2019 02:40 AM

ඔයා දන්නේ කොහොමද. ඔයා යුද්දේ කරපු කෙනෙක් ද,

:       16       120

WijeratneFriday, 25 October 2019 04:46 AM

ඔහු තමයි යුද හමුදාවේ සංග්‍රාමික නොවන අංශයකින් පත්වූ එකම හමුදාපති

:       0       15

thushara Thursday, 24 October 2019 08:21 PM

අනේ අපේ සජිත් මහත්තයාගේ ඡන්ද ටික කඩන්න යනවට දෙවියන් දෙන දඬුවම් ඔව්ව. වැඩක් බලාගෙන ඉන්න මහත්තයෝ!

:       187       11

sharm warnFriday, 25 October 2019 03:48 AM

අනේ ඔයා ශ්‍රී මුඛයෙන් කියන එව්වා පිළිපදින්න බලාගෙන ද ඉන්නේ ?? අවුරුදු 5ක් එයා මොනවද මේ රටට කලේ ? උස අයයි කොට අයයි තෝරන එක ඇරුනම? අඩු ගානේ නිවාස ඇමති හැටියට හදන ගෙවල්වලට සුර්ය බල ශක්තිය ගන්න යෝජනාවක් වත් කළාද ?

:       0       22

kamal Friday, 25 October 2019 07:47 AM

මෙයත් පරණ අච්චුවේම තවත් කොපියක් විතරයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site