(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
මධ්‍යම පළාත් සභා මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපිගොණු තොගයක් එහි හිටපු සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසක් විසින් ඉකුත් මාර්තු මාසයේදී වාහන 03 කින් මහවැව රක්ෂිතය වෙත ගෙන ගොස් පුළුස්සා විනාශ කර ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එහි සාමාන්‍යාධිකාරිවරයා වෙත කඩිනමින් චෝදනා පත‍්‍රයක් ලබාදී විමර්ශන කටයුතු නිසියාකාරව හා වේගවත්ව කරගෙන යන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා එම පළාත් සභා නිලධාරීන්ට නියෝග කළේය.
කමිටුව මෙම නියෝගය කරනු ලැබුවේ මධ්‍යම පළාත් සභාවේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එහිදී එම නිලධාරීන් පැවසුවේ මේ වන විට අදාළ සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක් හා අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් සාමාන්‍යාධිකාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බවත්ය.
පළාත් සභා මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපිගොණු තොගයක් ඉකුත් මාර්තු මස 19 වන දින වාහන 03 කින් මහවැව රක්ෂිතය වෙත ගෙන ගොස් පුළුස්සා විනාශ කළ බවටට පළ වූ පුවත් සත්‍යයක්ද යනුවෙන් කෝපා කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා මධ්‍යම පළාත් සභා නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේ දී නිලධාරීන් එය පිළිගත් අතර එහිදී සභාපතිවරයා මෙම නියෝගය කළේය.
මධ්‍යම පළාතේ ඇති අසීමිත ලෙස ලාභ උපයන කුඩා ජල විදුලි බලාගාර හිමියන්ගෙන් එම පළාත් සභාව ලබන ආදායම ප‍්‍රමාණවත් නැති බැවින් ඔවුන්ගෙන් අය කරන බදු මුදල් ඉහළ නැංවීමට ගියවර ගන්නා ලෙස ද කෝපා කමිටුව මෙහිදී එම පළාත් සභාවට නියෝග කළේය.
නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කුඩා ජල විදුලි බලාගාර 06 කින් අය විය යුතු රුපියල් 77,18,600 ක බදු මුදල් මෙතෙක් අයකර නොගැනීම සම්බන්ධව කෝපා කමිටුව හමුවේ කරුණු මතුවූ අවස්ථාවේ දී මෙම නියෝගය කෙරිණි.
මධ්‍යම පළාතේ පවතින කුඩා ජලවිදුලි බලාගාර 38 හි නම්, ලිපින, පිහිටි ඉඩම් අයත් වන්නේ රජයටද පෞද්ගලික හිමිකාරිත්වයටද, දැනට ගෙවන බදු ආදායම, බලාගාරවලින් හා කෙරෙන විදුලි ජනනය ආදිය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවකින් කමිටුව හමුවට ඉදිරිපත් කරන ලෙසද සභාපති ලසන්ත අලගියවන්න මහතා මෙහිදී නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපි ගොණු තොගයක් පුළුස්සා විනාශ කරලා
sena Sunday, 08 September 2019 12:33 PM
අනේ අසරණයෙක්... ඔය පරණ පිල් එකක් දෙකක් පිච්චුවාට ඇති වැරැද්ද මොකක්ද? ඉස්සර කච්චේරි එහෙම පිටින් පිච්චුනේ...
Perera Sunday, 08 September 2019 06:43 PM
දේශපාලන සුදුසුකම් මත තනතුරු වලට පත්වීම් දුන්නහම තමය් ඔහොම දේවල් වෙන්නේ.